මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙකු බිහි කිරීම අරමුණයි..- ජනපති

June 9, 2019 at 6:48 pm | lanka C news
මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙකු බිහි කිරීම අරමුණයි..- ජනපති

පසුගිය අප්‍රේල් 21 වනදා බෝම්බ පිපිරවීමේ ඉලක්කය හා පරමාර්ථය මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙකු මේ රට තුලු බිහි කිරීම බැවින් එයට කිසිවෙකු ගොදුරු නොවිය යුතු බවටත් මැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ජනාධිපතිතුමන් මේ බව පවසා සිටියේ ඊයේ (08) දින මුලතිව් ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී ‘රට වෙනුවෙන් එකට සිටිමු‘ මුලතිව් දිස්ත්‍රීක් වැඩසටහනේ සමාප්ති උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී රැස්ව සිටි ජනතාව අමතමින් ජනාධිපතිතුමන් වැඩි දුරටත් පවසා සිටියේ,

‘‘ අද හුග දෙනෙකු වැඩ කරන්නේ ඡන්දය ඉලක්ක කරගෙන ඒ නිසා හුගක් රට බෙදිලා කිසිදු දේශපාලඥයෙකු ඡන්දය ඉල්ලක්ක කරගනිමින් ජාතිවාදය හා ආගම්වාදය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදු නොකළ යුතුයි මේ වසර අවසානයේ පැවත්වෙන මැතිවරනය ඉලක්ක කරගෙන බොහෝ දේශපාලඥයින් විවධ ප්‍රකාශ සිදු කරනවා එය සිදු නොකළ යුතුයි. පසුගිය 21 වනදා මේ රටේ ඇති වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් හා බෝම්බ පිපිරවීම්, ජීවිත හානී වීම් ගැන ඔබ දන්නවා 300 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා රටට විශාල ආර්ථික අලාබයක් සිද්ද වුනා සංචාරක ව්‍යාපාරය කඩා හැලුනා නමුත් ඒ සියල්ලටම වැඩා ඇති වෙලා තියන පාඩුව කුමක්ද මේ බෝම්බ පිපිරීමෙන් පස්සේ රටේ බෙදීම් වෙන්වීම් වැඩි වෙලා තියනවා ඒ බෝම්බ පිපිරෙව්වේ ජීවිත විනාශ කරන්න විතරක් නෙමෙයි රට ජාතීන් සියල්ල කඩන්න බෙදන්න විනාශ කරන්න උන්ගේ ඉලක්කය සාර්ථක වෙලා තියනවා ඇයි ඒ දේශපාලඥයින් ඔක්කටම කලින් මේ රට වෙන් කරනවා බෙදනවා ජාතීන් විදිහට ත්‍රස්තවාදීන්ගේ බෝම්බ පුපුරවපු ඉලක්ක සම්පූර්ණ කරන්න දෙන්න එපා උතුරේ ප්‍රභාකරන් කෙනෙක් බිහිවෙලා රටේ ලොකු විනාශයක් සිද්ධ වුනා තමුන්නාන්සෙලා අපි ඔක්කම දුක් වින්දා අප්‍රේල් 21 බෝම්බ පිපිරීමේ ඉල්ක්කය හා පරමාර්ථය මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් මේ රටේ බිහිකිරීම අපි ඒ කොටුවට අහු වෙන්න හොඳනැහැ අපි කැඩුනොත් බෙදුනොත් අපි එක්කම පරාදයි මේ රටේ නැවත යුද්ද ඇති වේවි මේ රටේ දුප්පත්කම වැඩිවේවි මේ රට කඩා වැටේවි මේ රට අපි රැකගන්න ඕන.

‘මේ වැඩ සටහනේ තේමාව ඔබ දන්නවා රට වෙනුවෙන් එකට සිටිමු කියලයි ඇයි ඒවගේ වැඩසටහනක් හැම දිස්ත්‍රීක්කයකම කරන්නේ රට වෙනුවෙන් එකට නැති නිසා රට දියණු කරන්න තියන ප්‍රධානම අභියෝගය ඒක තමයි මේ රටේ මහා සංඝරත්නය සියලු බෙදීම් වලින් තොරව සිට එකට සිට රට එකට එකතු කරන්න නායකත්වය ගන්න ඕන ඉස්ලාම් ,ක්‍රිස්තියානි, කතෝලික, ඒ සියලුම පූජකතුමන්ලා එකට සිටින්න ඕන නමුත් සමාවෙන්න මං මෙහෙම කියනවට ඒ අයත් බෙදිලා මේ රට එකට සිටින්නේ කොහොමද මම මේ කතාකරන්නේ ඡන්ද ගන්න බලාගෙන නෙමෙයි.

‘‘මම ඊයේ පෙරේදා කිව්වා ලංකාවේ අලුතෙන් වඩුමඩු අලුතෙන් ලියාපදිංචි කරන්නැහැ තහනම් කියලා එහෙම කිව්වහම දැං මට හෝ ගාලා ගහන්න පටන්අරං මං දැක්ක පත්තරවල කව්ද ලොකු මහත්තයෙකුත් කියල තියනවා වඩුමඩු නැතිව ගියොත් මිණීපෙට්ටියක්වත් හදාගන්න විදිහක් නෑ කියලා තියන වඩුමඩු වලත් 80% ක්ම තියෙන්නේ හොර ලී තමයි ඒ නිසා මං මේක කරන්නේ ඡන්දෙ ගන්න නෙමෙයි බනින්න ඒකට කමක් නැහැ මං මේ නීති දාන්නේ මිනිසුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය ආරක්ෂා කරන්න අවුරුද්දකට 1.5% ක් කැලේ කපනවා එතකොට තවඅවුරුදු 5 ක් ගියහම මේ රට කාන්තාරයක් වේවි එම නිසා පරිසරය සුරුකීමට ගන්නා තීන්දු තීරණ වලදී දේශපාලන මතිමතාන්තර වලින් තොරව ගැටලුව දෙස අවංකව බලන්නැයි මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ජනාධිපති තුමන්ගේ මුලතිව් සංචාරයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනට සමාගාමීව මුලතිව් තුනුක්කායි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මල්ලාවි රෝහලේ රු. මිලියන 37ක වියදමින් ඉදිකරන ලද වකුගඩු රෝගී සහන මධ්‍යස්ථානය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

එමෙන්ම මුලතිව් දිස්ති‍්‍රක් ස්මාර්ට් ශ‍්‍රී ලංකා ව්‍යාපෘති කාර්යාලය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණු අතර මුලතිව් පවුල් කිහිපයක් වෙනුවෙන් ඉඩම් ඔප්පු ලබා දීම හා සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීම සිදු විය.

මෙම අවස්ථාවන් සඳහා අමාත්‍යවරුන් වන දයා ගමගේ, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, ගයන්ත කරුණාතිලක, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වනන එම්.ඒ. සුමන්තිරන්, කාදර් මස්තාන්, එස්. සිවමෝහන් යන මහත්වරුන් ඇතුථ මුලතිව් දිස්ති‍්‍රක්කයේ මහජන නියෝජිතයන් රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, මුලතිව්  දිස්ති‍්‍රක් ලේකම් රූපවති කේදීෂ්වරන් යන මහත්ම මහත්මින් ද ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27,063 Viewers

8 Comments to “මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙකු බිහි කිරීම අරමුණයි..- ජනපති”

  1. Joe says:

    Obathuma Hari.. Jayawewa!!!!!

  2. Sam Fernando says:

    A Muslim Piribaharan ?
    Don’t worry. Gota on the way.

  3. වඩුවන්ට දැන් ඉතින් ගෑනුන්ට ජංගි මහන්ට තමයි වෙන්නේ. නැතුව කොහොමද ජීවත් වෙන්නේ.

  4. sw says:

    2015 කැකිල්ලේ රජකෙනෙක් බිහිකරපු එවුන් ඉන්න රටනේ .

  5. මඩයා says:

    කිසි හරයක් නැති කටට එන දේ ඔහේ කියවල දාන අප්‍රසන්න වැදගැම්මකට නැති වාචාල අහන් ඉන්න උනානේ. මම නම් මේ බලන්නෙවත් නැතුවයි කියන්නේ. මෙයා මහ තැනට ආවට පස්සේ උනේ වෙනදට මීට වඩා ගරු කිරීමක් ගරුසරුවක් තිබුණු ජනාධිපති පදවියට ජනතාවගේ විහිළුවට භාජනය වුනා.

  6. john the baptice says:

    මහින්ද සිටියානම් මේ දේ වෙන්න ඉඩ තියන්නේ නැහැ

  7. Gone gota says:

    Gota naki leda koheda ratak palanaya karanne…

    Oka USA wala milk bar eke wada kare….Uta hodai kadayak karanna….

  8. one shot says:

    හොඳට අහගනිල්ල කියන දේවල්.ඇත්තමයි කියන්නෙ.

Main News