මුස්ලිම් ප්‍රජාව ගැන කල ප්‍රකාශයට මා සමාව අයදිනවා..- මුදුමාධව ගම්මන්පිලට ලියු අස්වීමේ ලිපිය මෙන්න..
October 9, 2019 at 5:30 pm | lanka C news
මධුමාධව අරවින්ද මහතා පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් වන ලිපිය එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වෙත යොමුකර ඇත.
එම ලිපිය පහත දැක්වේ.
පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරින් ඉල්ලා අස්වීම
මුස්ලිම් ප්‍රජාව පිලිබඳව මා විසින් සිදුකල ප්‍රකාශයක් පිළිබඳ අද දින රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මතුකරන ලද කරුණු පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කළෙමි.
එකී ප්‍රකාශයෙන් පක්ෂයේ ප්‍රතිරූපයට හානියක් සිදුවීම පිළිබඳව කණගාටු වන අතර ඒ පිළිබඳව සමාව අයදිමි.
ඉහත තත්ත්වය මත මම පක්ෂයේ නියෝජ්‍ය නායක, මධ්‍යම කාරක සභික ඇතුළු දරණ සියලුම තනතුරු වහාම ඉල්ලා ඇස්වෙමි.
– මධුමාධව අරවින්ද
මධුමාධව පක්ෂයෙන් යා යුතු නෑ …. ඔහු සිටිය යුතුයි…තමන්ගේ අදහස කියන්නත් ඕනෑම කෙනෙකුට නිදහසක් තිබිය යුතුමයි.ඔහු රටට අවශ්‍ය නියම සිංහලයෙක්… මහින්ද හරි වෙන කෙනෙක් හරි ඔහුට අස්වෙන්න කීවානම් එය වැරදියි…මුස්ලිම් පක්ෂවල මුස්ලිම් අන්තවාදීන් ඉන්නවා ඒ යට කවදාවත් කියල තියේද ඇස වෙන්න කියල උන් එහෙම ඇස වෙලා තියෙනවද… එසේ කලයුතු නෑ අපට සිංහල කම කතා කරන්නත් තැනක් තිබිය යුතු නැතිද? මුස්ලිම් චන්දයක් දෙකක් වෙනුවෙන් වසර ගානක් අපි ට අමාරුම කාලයේ පටන් මහින්ද වෙනුවෙන් විශාල කැප කිරීමක් කල මෙවැනි අයට පක්ෂයෙන් යාමට කව්රුන් හෝ අණ කරනවානම් එය අනුමත කරන්න බෑ .. අවවාද කලාට නම් කමක් නෑ එත් බරපතලම දෙකට විතරක්, වහාම මෙම අස් කිරීම අවලංගු කර එතුමාට හිමි තැන ලබාදිය යුතුයි…. මම ඔහු දකින්නේ නිවටයින් අතර නියම සිංහලයෙක් ලෙසයි….
Can’t agree more!
Gon wassekk, okata ellanna thiyenne punnakku party ekenn
Kohomath Muuu Naluwaa …………..
Hayyo …Helakarumen 50% k aynuna neda ?