මුස්ලිම් ප‍්‍රශ්ණය නිසා අරාබි රටවල් ලංකාවට ඉන්ධන කපා හරිනවා.. එවිට පෙට‍්‍රල් ලීටරය 450ක් වෙනවා.. අරාබියෙන් ලංකාවට සම්බාධකත් දානවා..- හිස්බුල්ලා

June 11, 2019 at 10:40 am | lanka C news
මුස්ලිම් ප‍්‍රශ්ණය නිසා අරාබි රටවල් ලංකාවට ඉන්ධන කපා හරිනවා.. එවිට පෙට‍්‍රල් ලීටරය 450ක් වෙනවා.. අරාබියෙන් ලංකාවට සම්බාධකත් දානවා..- හිස්බුල්ලා

ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි. මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ කතා කිරීමේ අයිතිය පිළිබඳව මෛතී‍්‍ර, රනිල්, මහින්ද හෝ වෙන කිසිවකුට මැදිහත්වී තීරණයක් ගැනීමට බැරි බව හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්්බුල්ලා මහතා පැවසීය.

ඒ මහතා එසේ අදහස් පළ කර සිටියේ ආණ්ඩුකාර පදවියෙන් ඉල්ලා අස්වීමෙන් පසු කාත්තන්කුඩියේ පැවැති ජනතා හමුවකදීය. එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා ලෝකයේ වෙනත් කිසිම රටකට ලබාදී නැති සහනයක් ඉරානය ලංකාවට ලබාදෙනවා. හය මසක ණයකට බොරතෙල් ලබාදෙනවා. අරාබි රටවල් විවිධ ආධාර ලංකාවට ලබාදී තිබෙනවා. ලංකාවට ණය ලබාදෙන රටවල් අතරින් දෙවැනි තැන ගන්නේ අරාබි රටවල්. බදුල්ල – චෙංකලඩි මාර්ග සංවර්ධනය සඳහා කෝටි 2000 ක් ලබා දෙන රට සෞදි අරාබියාව. නැගෙනහිර විශ්වවිiාලයට කෝටි 200 ක් ආධාර ලබාදෙන්නේ කුවේට් රට ඔපෙක් සංවිධානය

ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ ප‍්‍රශ්නය දිග්ගැසුණොත් ඉන්ධන ලබාදීම 23% ක ට සීමා කිරීමට සිදුවන බව පවසා තිබෙනවා. එසේ සිදු වුණේ් නම් ලංකාවේ පෙට‍්‍රල් ලීටරයක් රු. 450/- ක් වීමට ඉඩ තිබෙනවා. රටවල් 57 කින් සමන්විත ඕ. අයි. සී. සංවිධානය ඉතා බලවත් සංවිධානයක්, එහි ගන්නා තීරණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගන්නා තීරණවලට සමානයි. ඕ. අයි. සී. සංවිධානය මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස දන්වා තිබෙන අතර එසේ නොකළහොත් ආර්ථික සම්බාධක ඇති වීමට ඉඩ ඇති බවට ද අනතුරු අඟවා තිබේ.

රටේ බිම් අඟලක්වත් වෙන්කර අප පාලනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍යතාවකුත් අපට නැහැ. එළඹෙන ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවට සමගියෙන් හා එකමුතුවෙන් සිට තීන්දු තීරණ ගැනීමට සිදුවේවි. නායකයාගේ සිට ගම් මට්ටමේ සාමාජිකයා දක්වා පක්‍ෂ බේද අමතක කර එක්සත්ව කටයුතු කර ප‍්‍රජාවගේ ආරක්‍ෂාව සඳහා එක් විය යුතුයි.

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ අවුරුදු 90 කට පසු මුස්ලිම් අමාත්‍යවරුන් නොමැති ඇමැති මණ්ඩලයක් මේ රටේ ඇතිවී තිබෙනවා. මෙය අභාග්‍යසම්පන්නයි. මින් ඉදිරියට ඇමැති මණ්ඩලයේ හෝ තනතුරුවල හෝ අප සිටිය යුතු නම් මුස්ලිම් ප‍්‍රජාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි.

– divaina

70 views

90 Comments to “මුස්ලිම් ප‍්‍රශ්ණය නිසා අරාබි රටවල් ලංකාවට ඉන්ධන කපා හරිනවා.. එවිට පෙට‍්‍රල් ලීටරය 450ක් වෙනවා.. අරාබියෙන් ලංකාවට සම්බාධකත් දානවා..- හිස්බුල්ලා”

  1. Dilshan says:

    අපේ රට අවුරුදු 30 යුද්ධයක් තිබ්බ රටක්.කොලඹ හිටිය මිනිසුන්ට වඩා උතුරු නැගෙනහිර මිනිස්සු දුක් වින්දා.පාලකයො හැම විටම රටේ සාමය ගැන හිතන්න ඕනෙ.මේවගෙ කතා වලින් මිනිස්සු කලකිරෙනවා.රටේ යහපත ගැන හිතල යහපත් විදියට කතා කරන්න.

  2. බන්ඩා says:

    හිස්-බුල්ලා හිතන්නෙ ලංකාවෙ මුස්ලිම් මිනිස්සු අරාබි කාරයො කියලය්. නමුත් ඩුබාය් එයාර්පොට් එකේදි ලංකාවෙ ආසියානු (ලංකා) මුස්ලිම් උන්ට සලකන්නෙ සුදදට පහලින්.

    • HELAYO says:

      You racialist politicians cannot intimidate the majority race like that. The people have well understood your hidden ,mean motives , to destroy the majority race.

  3. Nuwan says:

    මූට ගහල දාන්න එකෙක් නැද්ද?

    • Nana says:

      Gahanna ona molen saha wachanayen. Kohomath ohu kiyana deval godak aththa. Api kamathi nathi wunath. Habai oil kathawa joke ekak. Iranaya yanu wadagath muslim ratak.

  4. Nimal R says:

    මූ හරියට කතා කරන්නේ OPEC උගේ රෙද්ද අස්සේ තියෙනවා වගේ .නිකන් පළයන් බූරුවෝ යන්න . අපේ සිංහල නායකයෝ චන්දවලට මුන් උඩ ගෙනිහින් දැන් ඔක්කොම විඳවනවා.

  5. Ranjith Pushpakumara Perera says:

    දැන් මුස්ලිම් ප‍්‍රශ්ණය නිසා අරාබි රටවල් ලංකාවට ඉන්ධන කපා හරින බව කියමින් හිස්බුල්ලා ජනතාව අන්දන්න හදනවා
    කොහොමත් අන්තවාදීන් දක්ෂයි ඔවුන්ගේ වහබි ආගම මොන ක්‍රමයකින් හරි බලයට ගෙන්න … එකට ගාපු ගැටේ කොහොමද ?
    හිස්බුල්ලා ඕවා ගිහින් මැදපෙරදිග ඔටුවන්ට කියපන් .
    හිස්බුල්ලාගේ දේපල සියල්ල රාජසන්තක කර රටින් පිටුවහල් කරනු මොහු අපේ රටේ ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක් ..වහාම මොහුව අත්අඩංගුවට ගතයුතුයි

  6. sathya says:

    ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි

    Lokaye 97.5%k Karadiya jalaya
    2.5%k Miridiya jalaya
    Eth Karadiya wadak naha

  7. Ariyathilaka says:

    හිස්බුල්ලාගේ ප්‍රකාශය බිල්ලෙක් මවා පා රටට තර්ජනය කිරීමක් හිස් බිල්ලෙක් මවා හිස් ප්‍රලාප කියමින් දවල් හීන දැකීමක්; ඔය කියන විධියට අරාබි මුස්ලිම් රටවල් වලට කරන්න පුළුවන් නම් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නෙටෝ රටවල් ඉරාකයේ සදාම් හුසෙන් ඇතුලු රාජ්‍ය යටත් කර ඔහු ජීවග්‍රහයෙන් ගත් විට ඇමරිකාව ඇතුලු නෙටෝ රටවලට ඛණිජ තෙල් සම්බාධක නොපැනවූයේ ඇයි? එපමනක් ද ලිබියාවට පහර දී කර්නල් ගඩාපි ඇතුලු රජය යටත් කර විටද ඔය කියන සම්බාධක නොපැනවූයේ ඇයි? ඊශ්‍රායලය දැනට අවුරුදු 70ක පමණ කාලයක් අරාබි මුස්ලිම් රාජ්‍යයන්ට අභියෝග කරමින් ගාසා තීරය තම ආධිපත්‍යයට යටත් කර තිබීම ගැන, කිම? සම්බාධක පැනවීමට නොහැකි වූයේ; ඔය කියන හිසබුල්ලන් මෙන්ම හිස්බිල්ලන් නොයෙක් දේ හිතුවත් ලෝකය තුල එවා සත්‍ය කර ගත නොහැකි හිස් ප්‍රලාප දෙඩවිල්ලක් ම පමණයි.

  8. Brother says:

    HI All,

    First man on the earth sent by God is prophet Adam landed in Sri Lanka which is called Sri Pada.

    Âdam or Aadam (Arabic: آدم‎, romanized: ʾĀdam) is believed to have been the first human and nabi (Arabic: نَـبِي‎, prophet) on Earth, in Islam. Adam’s role as the father of the human race is looked upon by Muslims with reverence

  9. THILAK says:

    NO ONE ASK YOU TO STAY HERE, U CAN GO ANY TIME TO MIDDLE EAST NOT ONLY U YOU AND YOUR EXTREMISTS.
    LET OTHER MUSLIMS TO STAY HERE WITHOUT PROBLEMS

  10. Brother says:

    With an economy worth $93.45 billion[11] $298.310 billion PPP[12] and a per capita GDP of about $4,310,[13] $13,480 PPP as of 2018[14] Sri Lanka has mostly had strong growth rates in recent years. The Sri Lankan economy has seen robust annual growth at 6.4 percent over the course of the 2003-2012 period, well above its regional peers. In GDP per capita terms, it is ahead of other countries in the South Asian region. The main economic sectors of the country are tourism, tea export, apparel, textile, rice production and other agricultural products. In addition to these economic sectors, overseas employment contributes highly in foreign exchange: 90% of expatriate Sri Lankans reside in the Middle East.[15]

Main News