මුස්ලිම් මෘත දේහ ආදාහනය කුරාණයේ තහනම් නෑ.. මෙන්න ඇත්ත…

January 10, 2021 at 1:20 pm | lanka C news
මුස්ලිම් මෘත දේහ ආදාහනය කුරාණයේ තහනම් නෑ.. මෙන්න ඇත්ත…

පිවිතුරු හෙල උරුමයේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් පල කරන ලදී.

අපේ රටේ මේ මොහොතේ සංවාදය තියෙන්න ඕනේ කොවිඩ්-19 වසංගතයට අපේ රටේ ජනතාව ගොදුරු වීම වළක්වා ගන්නේ කෙසේද? කොවිඩ් -19 වසංගතයට ගොදුරු වුණ අය මරණයෙන් බේරා ගන්නේ කෙසේද? කියන සංවාදයයි. නමුත් අවාසනාවට අපේ රටෙහි අද සංවාදය සිද්ධ කරන්නේ, විපක්ෂය සංවාදය හදලා තියෙන්නේ මැරුනට පස්සේ මොකද කරන්නේ කියන එකයි. භූමිදානය ද අදාහනයද කියන එකයි. මැරෙන එක වළක්වා ගැනීම මිස මැරුණට පස්සේ මොකක්ද කරන්නේ කියන එක රටේ සංවාදය නොවිය යුතුයි කියලයි අපි නම් විශ්වාස කරන්නේ.

මේ සංවාදයේදී රටේ වසංගත තත්ත්වයක් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් කළාට පස්සෙ රටේ නිසි බලධරයා වෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂජනරාල්වරයා යි. සෞඛ්‍ය අධ්‍යක්ෂජනරාල්වරයා මේ රෝගය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මාර්ගෝපදේශ පක්ෂ භේදයෙන් තොරව, ජාති භේදයෙන් තොරව, ආගම් භේදයෙන් තොරව ජාතියක් විදිහට අපි එක්ව අනුගමනය කළොත් තමයි අපිට මේ ව්‍යසනයෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ .

අපි කවදාවත් මියගිය කොවිඩ් රෝගීන් ආදාහනය කළ යුතුයි කියලා බලපෑම් කළෙත් නෑ, භූමදානය කරන්න එපාය කියලා බලපෑම් කළෙත් නෑ. විශේෂඥ මතය මොකක්ද, රටේ නීතිය මොකක්ද, අන්න ඒකට ගරු කළ යුතුයි කියන ස්ථාවරයේ අපි හැමදාමත් හිටියේ.

හැබැයි මුස්ලිම් දේශපාලකයන් දැඩිව කියනවා අපේ ආගමට අනුව ආදාහනය කිරීම දේව කැමැත්ත පටහැනියි කුරාණය කියා ඇත්තේ භූමිදානය පමණයි කියලා. මම මේ කාරණය නිසා කුරාණය මුල සිට අගට දෙපාරක් කියෙව්වා. පස්වන පරිච්ඡේදයේ හරි අපූරු දෙයක් තියෙනවා. ආදම්ගේ පුතුන් දෙදෙනා අතර ඇතිවුණ ගැටුමෙන් එක් පුතෙක් මරණයට පත් වෙනවා. කුරානය අනුව ලෝකයේ පළවෙනි මරණය. මේ දේහයට මොකක්ද කරන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා . 31ඡේදයේ කියනවා දෙවියන් වහන්සෙ කුරුල්ලෙක් ඒවලා කුරුල්ලා බීම කොටලා ඉගි කරනවා මෙම දේහය පස් වලින් ආවරණය කළ යුතුයි කියලා. ඔතන තමයි මේ ආදාහනය ගැන තියෙන්නේ. හැබැයි මේ කුරාණනය කියෙව්වම දැක්ක දෙයක් තමයි මේක තියෙන්නෙ තිස්එක් වෙනි ඡේදයේ එතන අනිවාර්යයෙන් කළ යුතු දෙයක් විදියට භූමිදානය සඳහන් වෙන්නේ නැහැ. කුරාණයේ කොතනවත් ආදාහනය තහනම් කළ දෙයක් හරාම් දෙයක් විදිහට ආදානය සඳහන් වෙන්නෙ නෑ. මුස්ලිම් බැතිමතුන්ගේ විවාහය සම්බන්ධයෙන් ආහාර පිළිගැනීමේදී විවිධ කාරණා වලදී ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් හරාම් දේවල් මොනවද හලාල් දේවල් මොනවද කියලා කුරාණයේ සඳහන් වෙනවා. හැබැයි භූමිදානය අනිවාර්යයෙන් කළ යුතු දෙයක් ය ආදාහනය අනිවාර්යෙන් නොකළ යුතු දෙයක් කියලා මා කියවූ කුරාණයේ කිසිම තැනක සඳහන් වෙලා නෑ.

මම කුරාණය පිළිබඳ විශේෂඥයෙක් නෙවෙයි. කුරාණනය පිළිබඳ විද්වතෙක් නෙවෙයි. මම ඒ නිසා ආරාධනය කරනවා මේ ගැන හඬ නගන අපේ මුස්ලිම් මන්ත්‍රිවරුන්ට කුරාණයේ කොතනද ආදාහනය හරාම් කියලා අනිවාර්යෙන් භූමිදානය කළ යුතුයි කියලා සඳහන් වෙන්නේ කියලා අපිට කියන්න කියලා. අපි ආරාධනා කරනවා. එහෙම නම් මේක චාරිත්‍රයක් අරාබි සංස්කෘතිය සමග ගැට ගැසුණු. දැන් ඔය පලවෙනි මරණය සිද්ධ වෙන වෙලාවේ ගින්දර සොයා ගෙන නොතිබුණා වෙන්න එපැයි. එවැනි පසුබිම තිබුණු චාරිත්‍රයක්. ඒ නිසා චාරිත්‍ර පිළිබඳ ගත්තොත් හැම ආගමේම චාරිත්‍රතියෙනවා. හැබැයි ඒ චාරිත්‍ර අමතක කරලා අපට සෞඛ්‍ය බලධාරීන්ට අවනත වෙන්න සිද්ධ වෙනවා කියලා සිහිපත් කරන්න ඕන.

– media unit

39,967 views

28 Comments to “මුස්ලිම් මෘත දේහ ආදාහනය කුරාණයේ තහනම් නෑ.. මෙන්න ඇත්ත…”

  1. මහජනයා says:

    මුංට පිස්සු ඇමතිතුමා.

  2. ක්‍රිමිනල් says:

    අන්තවාදයට එරෙහිව කටයුතු කරන ඔබට ජය

  3. විද්‍යාව says:

    ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කැපීම.

  4. කමල් says:

    අන්තවාදයට එරෙහි ඔබේ හඬට ගොඩක් ස්තුතියි

  5. අමිල says:

    රට වෙනුවෙන් නැගූ ඔබේ හඬට අපේ උත්තමාචාරය

  6. Love nature says:

    The Myth Of Adam And Eve

    God created Adam and placed him on Earth. Then He realized that just as there was darkness and light or sound and silence, man needed an opposite. So, out of Adam’s rib he fashioned Eva, his partner on Paradise, where both enjoyed ever-present comforts and a peaceful coexistence with the rest of creation. But then they betrayed God’s commands by eating the garden’s forbidden fruit from the Tree of Knowledge, which revealed them truths they had long ignored.

    The myth is part of the doctrine found in the Jewish, Christian, and Islamic religions. According to it, that’s how the human species begins, whereby Adam procreated with Eve in order to produce all living people on the planet. The tale, though once widely believed to be literal, is infamous for being incompatible theory of evolution, which affirms that humankind evolved from other species.

  7. Roshan says:

    Lipiye Moda kama behawin penny. Karana ladhi. Modayanta there be neththam API Pali nege

  8. අල්ලා says:

    ඉන්ෂල්ලාහ්….☝️

  9. සමන්ත says:

    ඌරු මස් හරාම් කියන කො⁣රාණයම තවත් තැනක කියනවා ජීවිතය පවත්වා ගැනීමට කිසිම දෙයක් ආහාරයට ගැනීමට නොමැතිනම් ඌරු මස් කලා හරි ජීවත් වෙන්න කියලා. ඉතිිං මා ප්‍රිය මිත්‍රවරුණි මේ අය පිලිගන්නේ එක තැනක හරාම් කියන දෙය තවත් තැනක හලාල් කියලා තියෙන මහම මහ පිස්සුවක්.

Main News