මුස්ලිම් විරෝධය පසුපස ගෝටා..- හිටපු හමුදාපතිගෙන් චෝදනා..
October 23, 2019 at 12:02 am | lanka C news
රට තුල තිබූ මුස්ලිම් විරෝධී රැල්ල අගෝස්තු මාසයේදී අතුරුදහන්වූ බව හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.
ඊට හේතුව එම කටයුත්ත පසුපස සිටි පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂකත්වයට එම මාසයේදී නම් කිරීම බවද ඔහු සඳහන් කළේය.
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ රූපවාහිනි නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.
අගෝස්තු මාසයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලද්දේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා පමණි.
හිටපු හමුදාපතිට අනුව මුස්ලිම් විරෝධී රැුල්ල පිටුපස සිටින්නේ ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් විය යුතුය.
සමාජ ජාලවල මත පලවන්නේ හිටපු හමුදාපතිවරයා විසින් මෙම ප්රකාශය සිදු කර ඇත්තේ ගෝටාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් බවයි.
ඇති වුණ මුස්ලිම් විරෝධී රැල්ල හිටි ගමන් අගෝස්තු මාසේදී අතුරුදන් වුණේ ඇයි?
ඇති වුණ මුස්ලිම් විරෝධී රැල්ල හිටි ගමන් අගෝස්තු මාසේදී අතුරුදන් වුණේ ඇයි?හිටපු හමුදාපති මහේෂ් සේනානායක අනාවරණය කරයි.Voice TV
Gepostet von Voice TV am Montag, 21. Oktober 2019