සරණාගතයන් ලක්‍ෂයක් ඉන්දියාවෙන් ලංකාවට පිටුවහල් කරයි.. නව පනත ඉන්දියාවේ සම්මතයි..

December 15, 2019 at 10:00 am | lanka C news
සරණාගතයන් ලක්‍ෂයක් ඉන්දියාවෙන් ලංකාවට පිටුවහල් කරයි.. නව පනත ඉන්දියාවේ සම්මතයි..

ඉන්දියාව පසුගියදා සම්මත කළ පුරවැසි සංශෝධන පනතට අනුව එහි කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් ලක්ෂයකට ආසන්න පිරිසක් එරට සමාජ ක්‍රියාකාරීන්ගේ විරෝධය මැද යළි මෙරටට පිටුවහල් කිරීමේ සූදානමක් ඇත.

එහෙත් ශ්‍රී ලාංකීය සරණාගතයන් සම්බන්ධයෙන් මෙම පනතේ නිශ්චිත සඳහනක් නැතැයි නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් ප්‍රකාශ කළේය.

මෙම සරණාගතයන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකර ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දියයුතු බවද මෙරටට පැමිණීමට එම සරණාගතයින් කැමැත්තක් නොදක්වන බවද මන්ත්‍රීවරයා කීවේය.

කෙසේ වෙතත් ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකීය සරණාගතයන් සියලු දෙනා යළි මෙරටට ගෙන්වා ගත යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් ද්‍රවිඩ මාධ්‍යට ප්‍රකාශකර තිබිණි. අසූ තුනේදී ඉන්දියාවට ගිය මෙරට ද්‍රවිඩයන් මෙසේ සරණාගතයන් ලෙස කඳවුරු කිහිපයක සිටින අතර එහිදී උපත ලද ඔවුන්ගේ දරුවන්ට රටවල් දෙකේම පුරවැසිභාවය හිමිව නැතැයිද පැවැසේ.

ඉන්දියාවේ නව පුරවැසි පනතට අනූව ආගමික ගැටුම් නිසා සරණාගතයන් ලෙස එහි පැමිණ සිටින බෞද්ධ, හින්දු සහ කතෝලිකයන්ට පමණක් පුරවැසිභාවය ලැබෙනු ඇතැයිද මුස්ලිම් ජාතික සරණාගතයන් ඉන්දියාවෙන් පිටව යායුතු බවද ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ.

ශ්‍රී ලාංකික සරණාගතයන් එහි පැමිණ ඇත්තේ ආගමික ගැටුම් නිසා නොව රටේ පැවැති දේශපාලන ගැටුම් නිසා බැවින් ශ්‍රී ලාංකීය සරණාගතයන්ද මෙම පනතට අනුව ඉන්දියාවෙන් පිටව යායුතුව ඇතැයිද ඊට තම විරෝධය දක්වන බවද එරට සමාජ ක්‍රියාකාරීන් පවසයි. ඉන්දියාවේ සම්මත වූ මෙම පුරවැසි පනත සම්බන්ධයෙන් පසුගියදා එරට පාර්ලිමේන්තුව වන ලෝක් සභාවේදී ද විශාල විරෝධයක් එල්ල විය.

ශ්‍රී ලාංකීය සරණාගතයන් පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය රජය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඉතා ඉක්මනින් සාකච්ඡා කිරීමට තම පක්ෂය කටයුතු කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කළේය. මෙම සරණාගතයන් මෙරටට ආ පසුව ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා දැනුවත් කරන බව හෙතෙම කීවේය.

– aruna

253 views

24 Comments to “සරණාගතයන් ලක්‍ෂයක් ඉන්දියාවෙන් ලංකාවට පිටුවහල් කරයි.. නව පනත ඉන්දියාවේ සම්මතයි..”

  1. අමිත් says:

    මෝදි ලිස්සිල වැටිලලු.ඒ රටේ මුස්ලිම්‍ හැත්ත සාපකරනවා මෝදි ඉක්මනට මැරියන් කියලා.එක අරාබි රටක්වත් මේ මුස්ලිම්‍ අනාතයින්ව බාරගන්නෙ නැහැ.ලංකාව ඉන්දියාව වගේ රටවලට එවලා බලාගෙන ඉන්නවා.අපේ රටවල් ඉන්දුනීසියාව,මැලේසියාව වගේ මුස්වෙලිම්‍ රටවල් වෙනවට අරාබියත් කැමතියි

  2. ඒව කොහෙද… ඉන්දියාවෙ ඉන්න ඔක්කොම සරණාගතයො මෙහෙන් ගිය නෙවෙයි.. අනික මෙහෙ මුස්ලිම් අයට සරණාගතව යන්න කිසි හේතුවක් තිබුනෙ නැහැ… අපේ රටේ අය බවට කිසිම සහතිකයක් නැති කිසි කෙනෙක් මෙහෙට බාරගන්න මේ රට බැදිල නැහැ… මෝදි පනත් සම්මත කළාට ඒවා ‘එහෙමයි’ කියල පිලිගන්න යහපාලන හැට්ට කාරයො දැන් නැහැ..

  3. True news says:

    Pasugiya janadipathiwarane uthuru nagenahira prathipala baluwita asamanya wardanayak pennum karai, wathukara pradesh a walath elesamai, samaharawita indiyawa Pakistanaya bangaliddshaya wage ratawal in pamini yam pirisakata me rata chanda himi nama lekanayata athulwenna lda labunada danne ne, daisphorrea aya samabandyenuth ehemai, me pilibandawa yam soyabalimak sidukirima kalin a awashyathawayak

  4. 77 UNP says:

    ප්‍රභාකරන් එලවපු මුස්ලිමුන් පුත්තලම සහ මඩකලපුවට ආවට ඉන්දියාවට ගියේ නැහැ. අවුරුදු 10 කට පස්සේ මුන් මේ උත්සාහ කරන්නේ ඉන්දියාවේ ඉන්න බංග්ලාදේශ් අනාථයෝ සහ ඉන්දියාවේ ඉන්න අපතයෝ තොගයක් ලංකාව බාරගත යුතුය කියල අලුත් ප්‍රශ්ණයක් රජය පිට දමන්න. ඒඅනුව රජයේ සංවර්ධන වැඩපිළිවෙලට යම් බාධාකිරීමක් කරන්න. මෝදි කොහෙත්ම කැමති නැහැ ශ්‍රී ලංකාව දියුණු වෙනවට. ජනාධිපති තුමනි ප්‍රවේශමෙන්. මේ ව්‍යාජ අනාථයන් බාරගත්තොත් එය මහා ප්‍රශ්නයකට මුලක්.

  5. analyst says:

    These refugees left blaming Sri Lanka and they wanted to “ESCAPE FROM SRI LANKA”
    So stay away. Once you leave as a refugee, you should not be allowed to return.

  6. ජනාධිපතිතුමනි මොවුන් මෙරටට බාරගතහොත් ඔබතුමාට ජන්දය දුන් මේ රටේ සිංහල ජනතාවගේ විශ්වාසය ඔබතුමා කෙරෙහි නැතිවෙනවා ඒකාන්තයි ..එමනිසා මේ පිලිබඳ බුද්ධිමත් තීරණයක් ගන්න ..

  7. Asaranaya says:

    Mathiwaranayata Prea Wahama Genwanu …

  8. ලෙබ්බේ says:

    දෙවියන් වහන්සේට කියල බැලුවනම් මොනවා හරි කර ගන්න පුළුවන් වෙයි,

  9. Dalit says:

    Indian colonial; parasites should return to India.

Main News