මුස්ලිම් ළමයි කල පිපිරවීම් ගැන ලැජ්ජයි.. ඒ ලමයි දන්නෙ නෑ ඒ ගැන.. මෙච්චර කරයි කියලා අපි හිතුවේ නෑ..- බදියුදීන්

April 30, 2019 at 11:20 am | lanka C news
මුස්ලිම් ළමයි කල පිපිරවීම් ගැන ලැජ්ජයි.. ඒ ලමයි දන්නෙ නෑ ඒ ගැන..  මෙච්චර කරයි කියලා අපි හිතුවේ නෑ..- බදියුදීන්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කනගාටුවෙන බවත් මේ පි ළිබඳව තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදෙන බවත් ආමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

හිරු නාළිකාව හරහා විකාශය වූ සළකුණ සංවාද වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“මුස්ලිම් ළමයි මේ කරපු දේ නිසා ලැජ්ජාවක් නෙමෙයි වේදනාවක් තිබෙනවා. ලැජ්ජා වෙනවා මුස්ලිම් නමින් මේක කරපු නිසා.

මේ අන්තවාදය, ත්‍රස්තවාදී කල්ලි ගැන ඒ අයගේ හැසිරීම ගැන අපේ විද්වතුන් මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු දේශපාලඥයින් ගිහිල්ලා ලිඛිතව ඒ සංවිධානය භාර සහ්රාන් සම්බන්ධවත් ඒතුමා ගැනත් ඒතුමා කථා කරපු වොයිස් කට් ගැනත් ආරක්ෂක ලේකම්ට ඉදිරිපත් කර තිබුණා.”

අපි මේක මෙච්චර දුරට කරයි කියලා හිතුවේ නෑ. අයි.ඒස්.අයි.ඒස්. කථාකරපු ඒක ළගදී තමයි සම්බන්ධ වුණේ. මේ ගැන විස්තරාත්මත තොරතුරු දුන්නා. අපිට කරන්න පුළුවන් දේ අපි කරලා තිබෙනවා. ආරක්ෂක අංශයටත් බැරිවුණා මේක අල්ලන්න. ලක්ෂ 22ක් වන මුස්ලිම් ජනතාව දැන් දුකින් ජීවත් වෙන්නේ.

අයි.එස්.අයි.එස්. කටයුතු කරන්නේ ඉස්ලාම් දහමට විරුද්ධවයි. මේකට සම්බන්ධ වුණ ළමයි දන්නෙත් නෑ මොකටද කළේ කියලා. ”

ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්ෂාෆ්ගේ සමාගම කොලෝෂියස් බව තමන් නොදන්නා බවද බද්යුදීන් මහතා පැවැසීය.

තමන් ඉන්ෂාෆ් පිළිබඳව දැනුවත් බවද ඔහු ප්‍රකාශ කළේය. දැනට අත්අඩංගුවේ පත්වන කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රයිම් හජ්ජියාර්ගේ එක් පුතෙකු වන ඉන්ෂාෆ් බිරිඳගේ පියා රිෂාඩ් බද්යුදීන් මහතාගේ පක්ෂයේ භාණ්ඩාගාරික වෙයි.

“ අමුද්‍රව්‍ය දෙක එක අපේ වගකීමක්. ප්‍රශ්ණයක් වුණාට පස්සෙ තමයි මේක එළියට ආවේ. අපි මේ ගැන පරීක්ෂණයක් කරනවා. කොතනහරි වැරදීමක් වෙලා තිබෙනවානම් දඬුවම් දෙන්න ඕන.

කවදාවත් ඉන්ෂාප් කියන එක්කෙනා මාව හමුවෙලා කොම්පැණිය ගැන කියලා මාව හම්බෙන්න ආවේ නෑ. ඔයාලා විශ්වාස කරන්න පුළුවන් අවිශ්වාස කරන්න පුළුවන්. ”

ඉන්ෂාප්ගේ සමාවට සීමාව ඉක්මවා හිස් තුවක්කු උණ්ඩ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ යටතේ පවතින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

– ada

34 views

37 Comments to “මුස්ලිම් ළමයි කල පිපිරවීම් ගැන ලැජ්ජයි.. ඒ ලමයි දන්නෙ නෑ ඒ ගැන.. මෙච්චර කරයි කියලා අපි හිතුවේ නෑ..- බදියුදීන්”

  1. Marusira says:

    උඹලාට ලැජ්ජාවක් තියෙනවානමි යකෝ කැලේ ගස් කපයිද ඔයලමයි ටික හදන්න බැරිනමි අපි මකවලාම දාන්නමි

  2. ෂංඉඳියා says:

    පවු අප්පා!

    ඔය ළමයි නොදන්නා කමට කරපු දේ එච්චර ගනන් ගන්ඩ එපා! ඇමති තුමාට ලැජ්ජාත් හිතුනනෙ.
    අනික සංහිඳියාවට බාදා වෙනවනෙ.

    අර මංගල තුමා කීව වගෙ කුරානෙ තියන දම්ම පද ගාතා සිහි කරගෙන ඔය ළමයි ටික ආරක්සා කර ගත්තොත් නේද හොඳ?

  3. silva says:

    ළමයි හිනා යනව උරො උබේ කතාවට මරාගෙන මැරුන උරොන්ට ගැනු 4 .3යි

  4. Sinnaporan says:

    ratata adare hethi ponna palaoayo innakam thambilata hodai. aubala paw karoyo wunath sapawidinna pin karala tiyanawa.

  5. ranjan says:

    බලාපොරොත්තු නොවුන තරම් ළමයි දුර ගිහිල්ලලු .අකීකරු කමක මහත .තමන්ට අවශ්‍ය තරමට වැඩේ කරව ගන්න වැඩිහිටියෝ දැන ගන්න ඕන නේ .

  6. Sinnaporan says:

    ubata adambara dennd ban

  7. one shot says:

    උඹේ මුස්ලිම් ළමයිනුයි,රාජිතගෙ ආවා කල්ලියේ ළමයිනුයි එක වගේද​?අනේ ගොං තකතීරුවනේ ඕව කියාපියව් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට.

  8. Dilini says:

    Ane lamayo apiwa hinaswalama maranna epa.

Main News