මුස්ලිම්වරුන්ට එරෙහි ක්‍රියා නතර නොකළොත් ආණ්ඩුවේ සියළු මුස්ලිම් මන්ත්‍රීන් විපක්ෂයට..
June 16, 2017 at 1:20 pm | lanka C news
මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු කෙරෙන ජාතිවාදී කටයුතු දිගටම සිදුවන්නේ නම් රජය සමඟ එක් වී සිටින මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනාම විරුද්ධ පක්ෂ ආසනවල අසුන් ගත යුතු යෑයි ජාතික කොංග්‍රසයේ නායක හා හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා කියා සිටී.
අම්පාර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ” ඉෆ්තාර්” උළෙලට සහභාගි වෙමින් ඒ මහතා එසේ සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හෙතෙම මෙසේද කීය.
මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදු කෙරෙන ප්රචණ්ඩ ක්‍රියා වහාම නතර කිරීමට පියවර ගත යුතු බවට මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයට බලකළ යුතුයි. එසේම එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාල වකවානුවක් ලබාදී එම කාලය තුළ ප්රචණ්ඩ ක්‍රියා නැවැත්වීමට රජය කටයුතු කළ යුතුයි. එසේ කිරීමට රජය අපොහොසත් වුවහොත් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරුද්ධ පක්ෂ ආසනවල අසුන් ගත යුතුයි.
මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවෙන ප්රචණ්ඩ ක්‍රියා පොලිසිය විසින් මැඬ පැවැත්විය යුතු යෑයි රජය පැවසීම පිළිගත නොහැකි බවත් ඒ මහතා පැවසීය.
– දිවයින