මුහමාලෙයි බිම්බෝම්බයක් පුපුරයි.. දෙදෙනෙකුට තුවාල..

April 18, 2019 at 1:23 pm | lanka C news
මුහමාලෙයි බිම්බෝම්බයක් පුපුරයි.. දෙදෙනෙකුට තුවාල..

කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බිම්බෝම්බයක් පිපිරීම නිසා තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මානූෂීය  කටයුතු වල නිරතව සිටින ජාත්යන්තර සංවිධානයක් වන හලෝ ට්‍රස්ට් සංවිධානයේ සේවය කරන කාන්තාවන් දෙදෙනෙකු බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත ඔවුන්ගේ සේවක සේවිකාවන්ට නිවාඩු ලබා දී යළිත් බිම්බෝමබ ඉඅවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව සේවිකාවන් දෙදෙනෙකු බිම්බෝම්බයකට හසුව තිබේ.

මෙසේ බිම් බෝම්බය පුපුරා යාමෙන් තුවාල ලබා ඇත්තේ යාපනය අරියාලෙයිහි පදිංචි එම්.මේනලතා  25 හැවිරිදි එක් දරු මවක් හා කිලිනොච්චිය පරන්තන්හි පදිංචි ජේ.මේනකා නැමති 26 හැවිරිදි කාන්තාවකි.

මේ දෙදෙනා එක් ස්ථානයක බිම්බෝම්බ සෙවීම සදහා කැණීම් කටයුතු සිදු කරමින් සිටි අතර තුර පොළොව යට සැගවී තිබූ බිම්බෝම්බයක් හදිසියේම පුපුරා යාම නිසා ඔවුන් දෙදෙනාම තුවාල ලබා තිබේ.

ඒ අසල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත තවත් තරුණයින් පිරිසක් මේ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා අදාල සංවිධානයට අයත් ගිලන් රථයක්  මගින් යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර කාන්තාවන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවට වාර්ථා වෙයි.

බිම්බෝම්බයට හසුවීම නිසා ඔවුන්ගේ මුහුණු හා පපු ප්රදේශ වලට  තුවාල සිදුව ඇතැයි යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍ය වරුන් පැවසූ අතර පලෙයි පොලීසිය හා බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත ජාත්යන්තර සංවිධානය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16 views

One Comment to “මුහමාලෙයි බිම්බෝම්බයක් පුපුරයි.. දෙදෙනෙකුට තුවාල..”

  1. siran says:

    ikman suwaya pathamu.

Main News