මුහමාලෙ බිම් බෝම්බ ඉවත් කල කොටසක් සාමාන්‍ය වැසියන්ගේ පදිංචියට නිදහස් වෙයි…

December 14, 2017 at 2:02 am | lanka C news
මුහමාලෙ බිම් බෝම්බ ඉවත් කල කොටසක් සාමාන්‍ය වැසියන්ගේ පදිංචියට නිදහස් වෙයි…

යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් බිම් බෝම්බ වැඩිම ප්‍රමාණයක් වළලා තිබුණු මුහමාලේ ප්‍රදේශයේ අක්කර 48 ක ප්‍රමාණයක බිම්බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් පසුව සාමාන්‍ය වැසියන් යළි එහි පදිංචි කරවීම සඳහා එම ප්‍රදේශය පලෙයි ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාරදී තිබේ.

මෙම ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීම් වල නිරත වූ ජාත්‍යන්තර බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක් හා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් සිදු කරණ ලද අතර බිම් බෝම්බ ඉවත් කරණ ලද අක්කර 48 ක ප්‍රමාණයක් කිලිනොච්ච්ය පලෙයි ප්‍රාදේශීය ලේකම් ප්‍රමෝද්‍යන් ජෙයරාණි මහත්මිය වෙත බාරදී ඇත්තේ බිම් බෝම්බ ඉවත් කරණ ලද අන්තර් ජාතික සංවිධානයේ නියෝජිතයින් විසිනි.

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් කිලිනොච්චි ප්‍රදේශය පාලනය කළ කාල වකවානුවේදී ඔවුන්ගේ අවසාන මුරපොලත් යුද හමුදා ප්‍රහාරවලින් බේරීමට ඉදි කළ ඉදිරි ආරක්ෂක තීරයත් පිහිටා තිබුණේ මෙම මුහමාලේ ප්‍රදේශයේය.

මේ නිසා යුද හමුදාව එල්.ටී.ටී.ඊ.පාලන ප්‍රදේශයට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා ඔවුන් මුහමාලේ ප්‍රදේශය පුරා බිම් බෝම්බ වලදමා තිබුණු අතරම යුද හමුදාවේ ඉදිරි ආරක්ෂක වලල්ල පුරාද කොටි සාමාජිකයින්ට ඇතුලු වීමට නොහැකි පරිදි යුද හමුදාව විසින් බිම් බෝම්බ වලදමා තිබුණි.

දැනට නදහස් කරන ලද බිම් කොටසේ බිම්බෝම්බ ඉවත් කිරීම පිණිස වසර  අටක කාලයක් ගත වූ බවට බිම්බොම්බ ඉවත් කරන ලද සංවිධානය විසින් ප්‍රකාශ කොට තිබිණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

185 views
Main News