මුහුදු ගිය ධීවරයින්ට හඳුනානොගත් විශාල යකඩ කලු බෝල දෙකක් දැලට හසුවෙයි…[Photo]

January 17, 2018 at 6:48 pm | lanka C news
මුහුදු ගිය ධීවරයින්ට හඳුනානොගත් විශාල යකඩ කලු බෝල දෙකක් දැලට හසුවෙයි…[Photo]

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසකට හඳුනානොගත් කලු පැහැති විශාල යකඩ බෝල 2ක් හමු වී ඇති බවට මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලය කියා සිටියේය.

කිලෝ ග්‍රෑම් 25 ක පමණ බරින් යුත් මෙම යකඩ බෝල දෙක කුමන කරුණක් හේතුවෙන් මුලතිව් මුහුදට පැමිණියේද යන්න මෙතෙක් සොයාගෙන නොමැති අතර අදාල යකඩ බෝල දෙක ධීවරයින් විසින් මේ වන විට මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දී ඇත.

අදාල යකඩ බෝල දෙක කිසියම් සාගර පරික්ෂණ කටයුත්තක් සඳහා භාවිතා කොට ඇති බවට මුලතිව් ධීවරයින් සැක පල කරන අතර අදාල යකඩ බෝල දෙක කුමක්දැයි යන්න පරික්ෂා කිරීමට අදාල බලධාරීන් වෙතට යොමු කිරීමටද  මුතිව් ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

57 views

7 Comments to “මුහුදු ගිය ධීවරයින්ට හඳුනානොගත් විශාල යකඩ කලු බෝල දෙකක් දැලට හසුවෙයි…[Photo]”

  1. SuMa says:

    ලංකාවේ කවුද බන් බෝල අදුනාගන්න මහන්සි වෙන්නේ… බෝල පාස් කරනවා ඇරෙන්න….

  2. රංග says:

    මේවා ගේ හැඩය දෙවන ලෝක යුද්ධ සමයේ හෙලන ලද “මුහුදු බෝම්බ” වලට සමාන හැඩයක් ගනී…වහාම යුධ හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳවන්න…

  3. John says:

    දියවන්නාවෙ ඉන්න කෙනෙක් ගෙන් අහල බැලුව නම් දැනගන්න පුලුවන් කාගේ කලු පාට බෝල දෙකක්ද කියල නැති වෙලා තියෙන්නෙ කියල​. හැම තැනම සෙල්ලම් කරන්න යන නිසා ක්‍රිීඩා වෙන් පස්සෙ අමතක වෙලා දාල ආපු දෙකක්.

  4. බූරුව says:

    අපේ රට කරවන එවුන් රොත්තකටම බෝලවල අඩුවක් තියෙන නිසා දෙයියො දීපු බෝල දෙකක්.

  5. yakadaya says:

    mata penne mewa muhudu bomba (sea mines) wage.

  6. Nim says:

    RANIL GEN AHUWA NAM NEDA HODA

  7. sspala says:

    Ahaa Ara MaRa Ge Nathiwechcha Dekada ?

Main News