මුහුදු ජලයෙන් පහන් දල්වන වට්ටාපලෙයි මංගල්‍යය..

May 16, 2019 at 2:23 am | lanka C news
මුහුදු ජලයෙන් පහන් දල්වන වට්ටාපලෙයි මංගල්‍යය..

එලඹෙන මැයි 20 වනදා මුලතිව්හි ඓතිහාසික වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙනුවෙන් මුහුදු ජලයෙන් පහන් දැලවීම උදෙසා මුහුදු ජලය ලබාගන්නා තීර්තම් දේව පූජාව මුල්ලියාවලෙයි මුහුදු තීරයේදී සිදු විය.

වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල ආසන්නයේ පිහිටි මුහුදු තීරයේදී විශේෂ දේව පූජාවක් සිදු කොට මුහුදේ කිමිදී ලබා ගන්නා ලුණු සහිත මුහුදු ජලයෙන් දින 7ක් පුරාවට වට්ටාපලෙයි කෝවිලේ ප්‍රධාන පහන දැල්වෙන බවට කෝවිල් භාර කාර මණ්ඩලය පැවසීය.

සෑම වසරකම වට්ටාපලෙයි කෝවිලේ මංගල්ලය වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වීමට නියමිත අතර මෙවරද කෝවිලේ දේව පූජාවන් වෙනුවෙන් සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිලිවලක් දියත් කිරීමට යුද හමුදාවෙන් හා පොලීසියෙන් සහය ඉල්ලා ඇති බවටද කෝවිල් භාරකාර මණ්ඩලය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,357 Viewers

One Comment to “මුහුදු ජලයෙන් පහන් දල්වන වට්ටාපලෙයි මංගල්‍යය..”

  1. gonsun says:

    Dont be Idiots, there is No God. Its all a trick. If you have a small glass bottle with a long stem and the wick is on top light it, it will certainly light up due to oil in the glass bottle. If you pour sea water round the oil bottle and covering the glass bottle you cannot sea there is a glass bottle. Idiot Hindus are taken for a ride. Even Buddhists and Christians are taken for a ride by talking about Almighty and Kataragama Ataramang etc.

Main News