මුහුදු ජලයෙන් පහන් දල්වයි..

June 2, 2020 at 4:40 pm | lanka C news
මුහුදු ජලයෙන් පහන් දල්වයි..

පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මෙහෙය මෙවරද පැවත්වීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.

මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ දේව මෙහෙය වෙනුවෙන් සිදු කෙරෙන පළමු දේව මෙහෙය ඊයේ (01) දිනයේදී ආරම්භ වූ අතර අවසන් දේව මෙහෙය එලඹෙන 08 වනදා පැවත්වෙයි.

ඒ අනුව 01 වනදා සිට 08 වනදා දක්වා පැවත්වෙන දේව මෙහයන් වෙනුවෙන් පළමු දෙව මෙහය වන මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ චාරිත්‍රය ඊයේ (01) දින සවස් කාලයේදී සිදුවූ අතර මුලතිව් සිලාවත්ත මුහුදු තීරයේදී මෙම දේව මෙහෙය සිදු විණි,

සිලාවත්ත මුහුදු තීරයේ විශේෂ ස්ථානයකින් ලබාගන්නා මුහුදු ජලය භාවිත කරමින් වට්ට්‍රාපලෙයි කොවිලේ ප්‍රධාන දේව ප්‍රතිමාව ඉදිරිපිට පිහිටි පහන් දැල්වීම සිදු කරන අතර මෙ පහන දින හතක් පුරාවට මුහුදු ජලයෙන් දැල්වීම විශේෂ වෙයි.

කොරෝණා අවධානම හේතුවෙන් මෙවර වට්ට්‍රාපලෙයි කෝවිලේ දේව මෙහෙයන් වෙනුවෙන් පසුගය වසර වලදී මෙන් විශාල බැතිමතුන් පිරිසක් සහභාගි කරනොගන්නා ලෙසට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය බලධාරීන් විසින්කෝවිල් භාරකාර මණ්ඩලයට දැනුම් දී ඇති අතරම දේව මෙහෙයන් පැවත්වෙන අතරද මුලතිව් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණයන් පරිදි සිදු කිරීමට පියවර ගෙන ඇත.

මේ අනුව එලඹෙන 08 වනදා දක්වා මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ සියලු දේව මෙහෙයන් ඉතා ආරක්ෂිතව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් සිදු කිරීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් සූදානම් වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

28,722 Viewers

12 Comments to “මුහුදු ජලයෙන් පහන් දල්වයි..”

  1. LION says:

    මේ අපේ මුහුදු තිරයේ විසාල වසයෙන් කනිජ තෙල් තිබෙනවා රජය මේ ගැන අවදානය යොමු කල යුතුය.

  2. AK47 says:

    වතුරෙන් කොහොම්ධ පහන් පත්තු කරන්නේ කියල හේතුවදියෝ කියපල්ලා

  3. Aurora says:

    කෝවිල් භාරකාර මණ්ඩලයට ස්තුතියි.

  4. RAYMOND says:

    මුහුදු ජලජලයෙන් පහන් දැල්වීම කරන්නේ කෙසේද
    එම චාරිත්‍ර ය කරන්නේ කෙලෙසද

  5. HUKARIS says:

    This is rubbish.
    Sodium.Chloride or Water cannot be lighted.
    Its a trick to hood wink idiots.
    Poor mutts, they give money to the crooked Swamis.

  6. Ile says:

    Lighting lamps using sea water is impossible

  7. පූසාරියා says:

    අනේ උඹල වගේ මැටි හරක්, ඔය විශේෂ ස්ථානයේ තෙල් ළිදක් හදලා පන්සල් කෝවිල් වලට විතරක් හරි අවශ්‍ය තෙල් ටික ගත්ත නං පොල්තෙල් පාම් තෙල් පිටරටිං ගේන්න ඕනා නෑනෙ.
    ඒ මදිවට එකෙක් කමෙන්ට් එකක් දාලා අපේ රටේ මුහුදු ජලයේ ඛනිජ වර්ග බහුල නිසා මේවායින් පහන් පත්තු වෙනවා කියලා.
    මේ වගේ මී හරක් ඉන්නකං අපේ රටට අබ සරණයි.

  8. මහසෝනා says:

    මුහුදු වතුරෙන් කොහොමද යකෝ ලාම්පු පත්තු කරන්නෙ? කලගෙඩිය ඇතුලට වතුරත් එක්ක හොරෙන්ම තෙල් ටිකක් දැම්මම වතුර යට ගිහින් තෙල් ටික කොහොමත් වතුරේ පාවෙනවා. ඊට පස්සෙ ඒ තෙල් ටික අරගෙන මිනිස්සු මුලා කරනවා. මුන්ව මුහුදෙම ගිල්ලවලා මරන්න ඕන හරිනම්.

  9. sunimal says:

    අර සායි බාබා අත් දිග කමිසයේ අස්සෙන් ඔරලෝසු අරන් පෙන්නුවේ මෝඩයෝ රැවටිලා මේ යකාට දනගහලා වැන්දේ අනේ මෙහෙම මෝඩ රැලක්.

  10. john says:

    Rubbish! Where is the scientific proof that it is really seawater that they are using to light these lamps?