මුහුදු ජලයෙන් සතියක් පහන් දැල්වෙයි…

June 8, 2022 at 2:13 am | lanka C news
මුහුදු ජලයෙන් සතියක් පහන් දැල්වෙයි…

මුලතිව්හි ඓතිහාසික වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික මංගල්ලයේ විශේෂ දේව මෙහෙයක් වූ මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ දේව පූජාව ඊයේ සවස සිට 07 අලුයම දක්වා පැවත්වුණි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සහ කොවීඩ් 19 වෛරසයේ අවධානම් හේතුවෙන් බැතිමතුන් නොමැතිව වසර 3 ක පමණ කාලයක් වට්ට්‍රාපලෙයි කොවිලේ වාර්ෂික දේව මෙහෙය පැවත්වුනේ කෝවිල් භාරකාර මණ්ඩලයේ සහභාගීත්වයෙන් පමණකි.

කෙසේ වෙතත් මෙවර වසර 3 කට පසුව විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මුලතිව් මුල්ලියාවලෙයි කාට්ටා විනායගර් හිනිදු කෝවිල ඉදිරියෙන් ආරම්භ වූ විශේෂ දේව මෙහෙය වූ මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ චාරිත්‍රය සිලාවත්ත මුහුදු තීරයේදී විශේෂ ස්ථානයකින් ලබාගන්නා මුහුදු ජලය භාවිත කරමින් වට්ට්‍රාපලෙයි කොවිලේ ප්‍රධාන දේව ප්‍රතිමාව වූ කන්නගි දේවතාවගේ ඉදිරිපිට පිහිටි පහන් දැල්වීම අද මධ්‍යම රාත්‍රියේදී සිදු විය.

පසුගිය මැයි 30 වනදා වට්ට්‍රාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්ලය ආරම්භ කෙරුනු අතර (07) අලුයම මුහුදු ජලයෙන් දල්වන ලද පහන දින හතක් පුරාවට දැල්වීමෙන් අනතුරුව එලඹෙන 13 වනදා අවසන් දේව මෙහෙය පවත්වනු ලබයි.

වට්ට්‍රාපලෙයි කෝවිලේ පැවත්වෙන් සියලු දේව මෙහෙයන් වෙනුවෙන් මුලතිව් පොලීසිය සහ යුදහමුදාව විසින් විශේෂ ආරක්ෂාවක් සැපයීමටද පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

40,624 views

6 Comments to “මුහුදු ජලයෙන් සතියක් පහන් දැල්වෙයි…”

  1. GU-VP SAKKILI API says:

    අඩෝ අඩෝ පුටිය මොකෙද්ද?
    අඩෝ ඔය පුටිය ගු-වප් අපට ලොකු මිනිහෙක් නෙමේ.
    ඕකව ගෙදර යවන්ඩ අපේ රෙඩ් ස්ටාර් කොලන්ට කෙල්ලන්ට පුළුවන් එක දවසෙන් , නව පපුරේ සෙට් එක එක දවසින් ගිනි තියනවා. අපට ඕන ටරම් පෙට්‍රල් ගු-SA දෙනවා.

    ඔය පුටියා ලංකාවට ගෙනල්ල නාන මල්ලිලා ලව්වා බෙරේ වැවේ නාවනවා හෙළුවෙන්. අම්මපා.
    ගු-VP නවපරපුරෙන් පරිසම් වෙයන් පුටියා

  2. john says:

    why don’t you ask this vinayager god to make it crude oil so that we can pump it out and sell?

    who knows maybe we could become a member of OPEC too!

  3. Gamini Senanayake says:

    අපරාදෙ මිනිස්සු, ලාම්පුතෙල් පෝලිම්වල ඉන්නෙ.

  4. atta says:

    මුහුදු ජලය වෙනුවට එක්කෙනෙක් කතා කරල තියෙන්නේ පුටින් ගැන. ඉතින් මේක දේවහාස් කමක්. දැන් බියක් නැහැ. මුහුදු ජලය තියෙන නිසා. අපි දැන් ලාම්පුතෙල් පෝලියේ ඉන්නේ ඇයි. මේ මිත්‍යාව පස්සේ යමුකෝ. රට ගොඩයි. ගහමුද කාර් වලටත් මුහුදු ජලය. ගෑස් ඕනත් නැහැ. ලිප දැල්වෙයි මුහුදු ජලයෙන්. අලුත්ම සොයා ගැනීමක්. හුරේ. හුරේ.

    • SKF says:

      යකෝ මුහුදු ජලයෙන් සතියක් පහල් දැල්විලා ලු.
      ඉතින් ඕකෙ තියෙන මිත්‍යාව මොකද්ද?

      මිත්‍යාව කියන්නෙ බොරු උපකල්පනයක් නෙ. මෙතන කියන්නෙ පහන් දැල්විලා කියලා. වහාම විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා මෙහි ඇති විද්‍යාත්මක පදනම සොයා ගත යුතුයි.

  5. hira says:

    miththayawa visin minissunwa anda bakthikayo karala thiyenney.

Main News