මුහුදු ජලය අසාමාන්‍ය ලෙස අඩි 05 කින් අඩු වෙයි.. වෙරලාසන්න වැසියෝ භීතියට පත් වේ..

November 17, 2018 at 2:21 am | lanka C news
මුහුදු ජලය අසාමාන්‍ය ලෙස අඩි 05 කින් අඩු වෙයි.. වෙරලාසන්න වැසියෝ භීතියට පත් වේ..

යාපනය දිස්ත්‍රීක්කයට ගජ සුලි කුනාටුවේ බලපෑම හේතුවෙන් ඩෙල්ෆ් දූපතේ මුහුදු වෙරලේ ජල මට්ටම ඊයේ දිනයේ අඩි පහකින් පමණ පහළ බැස ඇති බවටත් දූපත් අතර මගී නෞකා ගමනාගමනය සම්පූරණයෙන්ම නැවතී ඇති බවට යාපනයේ දූපත්වාසීන් කියා සිටිති.

ඩෙල්ෆ් මුහුදු ජැටියේ මගී නෞකා නවතා තිබූ ජැටියේ ජල මට්ටම අඩි 5 කින් පමණ පහල යාම හේතුවෙන් එම නෞකා වැල්ලේ ගැටීම හේතුවෙන් මගී නෞකා ඇදීමට ට්‍රැක්ටර් යොදා ගැනීමට සිදුව ඇති බවටත් ඩෙල්ෆ් දූපත හා කූරිකඩ්ඩුවාන් දූපත් අතර මගී නෞකා ගමනා ගමනය සම්පූරණයෙන්ම නැවතී ඇත.

මුහුදු ජලය අඩුවීම හේතුවෙන් ඩෙල්ෆ් ඇතුලු දූපත් වාසීන් බිය වී ඇති අතර මේ වන විටත් දූපත් දෙසට පැයට කිලොමීට්ර් 100 ත් 150 ත් අතර වේගයකින් සුලං හමන බවටද වාර්තා වෙයි.

කෙසේ නමුත් යාපනය නගරයට හැමූ සුලං සහ වර්ෂාව මේ වන විට පහව ගොස් ඇති අතර වැසි සහිත කාලගුණික තත්වය පමණක් ඇති බවටද යාපනයේ වැසියන් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6 views

2 Comments to “මුහුදු ජලය අසාමාන්‍ය ලෙස අඩි 05 කින් අඩු වෙයි.. වෙරලාසන්න වැසියෝ භීතියට පත් වේ..”

  1. JOHN says:

    පිරපාකරන් යක්ෂයාගේ බැල්ම TNA වැටිලා තියන නිසයි මේ සිදුවීම් ….හික්.හික් හික් …දුවපියව් දෙමළුනේ තැමිල් නාඩුවට

  2. Mahasona says:

    අපේ රටට කරන විනාශයට උතුරේ දෙමළුන්ට දේව සාපය …

Main News