මුහුදු පතුලේ සගවා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩගනී..
August 25, 2019 at 5:30 pm | lanka C news
යාපනය අලියාවලෙයි මුහුදු තීරයේ සඟවා තිබූ පුපුරණද්‍රව්‍ය කිලෝ 15 ක් පමණ තිබී නාවික හමුදාවේ කිමිදුම් අංශය හා කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය විසින් සොයාගනු ලැබීය.
කොළඹ ත්‍රස්ත විමර්ශන අංශයට ලැබුනු තොරතුරකට අනුව නාවික හමුදාවේ කිමිදුම් අංශයේද සහය ඇතිව අලියාවලෙයි මුහුදු පතුලේ සඟවා තිබූ අදාල පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර එම පුපුරණ ද්‍රව්‍ය තොගය පොලිතීන් බෑගයකට දමා තිබූණි.
නාවික හමුදාව විසින් ගොඩට ගත් අදාල පුපුරණද්‍රව්‍ය තොගය අදාල ස්ථානයට පැමිණි අයුරු හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය වෙතට භාර දීමට පියවර ගැනුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ