මුහුදු රළ ගොඩබිමට..- කාලගුණයෙන් දැනුම්දීමක්..

September 12, 2021 at 12:40 pm | lanka C news
මුහුදු රළ ගොඩබිමට..- කාලගුණයෙන් දැනුම්දීමක්..

කොළඹ සිට ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට හැකියාව පැමිණීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ බව සඳහන් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනය මෙසේය.

වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ.

සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගයපැ.කි.මී. (30-40) පමණ වේ.ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා වැඩි විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැක

මුහුදේ ස්වභාවය:
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවිය හැක.

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වනවෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර්. (2.0 – 2.5) ක් පමණ (මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් ද පවතී.

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

69,468 views

6 Comments to “මුහුදු රළ ගොඩබිමට..- කාලගුණයෙන් දැනුම්දීමක්..”

  1. කැලනියේ ලොකු සාදු says:

    ධාර්මික රජුන් රාජ්‍ය කරන සුබ කාලයක් ආවම මෙහෙම තමා ඉස්සර බොලාට මතකද බයියනේ කොහේ හරි පායල වතුර ටිකක් නැති උනොත් මේ ධාර්මික පාලකයො නැති කමින්ය කියල වොයිස් කට් දෙසපු වහන්සේලා දැන් මැරෙන්නෙ දවසට දෙසීයයි කන්න නෑ මූද ඉදන් පරිසරය ඔක්කොම නහුතෙට කෝ ඒ වහන්සේලා ?

  2. ගෞම් ඊයාරාජ් says:

    මේ රටේ මෙච්චර මූල්‍ය අර්බුද තියෙද්දී සුනාමියක් එනවා කිව්වහම ඇග හිරිවැටුනා . හේතුව ඉතින් උබලා දන්නවනේ අපේ උන්දැලා සුනාමියට හම්බ වෙච්චි ආධාර වලටත් කෙලපු උදවිය නොවැ. 🤔🤔

    • මෝඩ බයියා says:

      සුනාමියක් එනෝ කිව්වම නිකන් මැණික් පතලක් මතු උනා වගේ ෆීලින්ග් එකක් ඇති එයාලට සල්ලි ටික ෂීෂෙල්ස් පටෝල බයියන්ට වේලක් ඇර වේලක් කාල ඉන්න කියල කියන්ඩ පුලුවන්නෙ

  3. Ravana parapura says:

    දැන්වත් සුර්ය බලයෙන් ප්‍රයෝජන ගන්න උත්සහා කරපල්ලා. තෙල් /ගැස්/ ගල් අගුරු මාරයාට බිලිවෙන්නේ නැතුව.

  4. Kishan says:

    some idiots whos comment published in this page only suitable for slinging mud at political meetings . All their comment content is hate and prejudice to others. I don’t know who pays them and why webmasters allow these idiots comments to be published.

Main News