මුහුදු වෙරලකින් මිනිස් ඇටසැකිලි තොගයක් හමුවෙයි….
June 6, 2022 at 8:02 am | lanka C news
යාපනය අනලතිව් මුහුදු වෙරලට මිනිස් හිස්කබලක කොටසක් ඇතුලු අස්ථි කිහිපයක් ගොඩගසා තිබියදී සොයාගෙන ඇතැයි කයිට්ස් පොලීසිය පවසයි.
ප්‍රදේශයේ ධීවරයෙකු විසින් හිස්කබලක කොටසක් මුහුදු වෙරලට ගසාගෙන පැමිණ ඇති බවට දැක ඒ පිළිබඳව කයිටස් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් පැමිණ පරික්ෂා කිරීමේදී හිස්කබල් කොටසට අමතරව තවත් අස්ථි කිහිපයක්ද හමු වී ඇත.
අදාල අස්ථි කොටස් පොලිස් නිලධාරීන් විසින් පරික්ෂණ කටයුතු සඳහා රැගෙන යාමට පියවර ගෙන ඇති අතර එම අස්ථි මාස කිහිපයක් පරණ බවට සැක පලකරන්නේ යැයිද පොලීසිය පැවසීය.
මේ අතර පසුගිය වසරේ (2021) දෙසාම්බර් මස කයිට්ස්, පේදුරුතුඩුව ආදි ප්‍රදේශයන්ට නාදුනන මළ සිරුරු 6 ක් පමණ අවස්ථා කිහිපයකදීම ගොඩගසා තිබූ අතර අදාල මළ සිරුරු හා මෙම අස්ථි වල සම්බන්ධයක් ඇති බවටත් එම වකවානුදීම අනලතිව් මුහුදු වෙරල තීරයට ගොඩගැසුනු සැකිලි කොටස් බවට ප්‍රදේශවාසින් හා ධීවරයින් වැඩි දුරටත් පවසති.
ඇටසැකි කොටස් පේදුරුතුඩුව අධිකරණ වෛද්‍යවරයාට යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන කයිට්ස් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අපේ මුහුදේ හොරෙන් මාලු අල්ලන්න ආපු එකෙක්වෙන්න ඇති.
ලංකාවෙ ජන මාධයට මීට වඩා විනයක් සහ අර්ථවත් විදිහට භාශා හැසිරවීමේ දැනුමක් අවශ්‍යයි. මාතෘකාව එකක් ඒකෙ අන්තර්ගතය වෙන එකක්. තමුසෙලගෙ ප්රවෘත්ති ලියන එවුන්ට මොලයක් නැද්ද?, අනික උන් ලියන පලියට ඒව පල කරන එවුන්ට මොලයක් නැද්ද?. දෙයක් කරනකොට ඒකෙ ප්‍රමිතිය රැකගෙන ඒදෙ කරනවල. ප්‍රවෘත්තිය පොඩි මාතෘකාව ලොකුයි ගැලපෙන්නෙම නෑ. තොපිල ඉස්කෝලෙ ගිහින් නැද්ද?