මුහුදු වෙරලට පෙරලුනු විශාල පාලම්පාරුවක් ගොඩගසයි….

January 9, 2022 at 5:30 pm | lanka C news
මුහුදු වෙරලට පෙරලුනු විශාල පාලම්පාරුවක් ගොඩගසයි….

මුලතිව් නයාරු ප්‍රදේශයේ මුහුදු සීමාවට අනන්‍යතාවයක් නොමැති පෙරලී ගිය පාලම් පාරුවක් ගොඩගසා ඇති බවට පොලීසිය පැවසීය.

නයාරු ධීවරයන් විසින් ඊයේ දින මෙම පාලම් පාරුව දැක පොලීසියට දැනුම් දී ඇත්තේ නයාරු මුහුදු සීමාවේ පෙරළී ගිය නැවක් ගොඩගසා ඇති බවටයි. කෙසේ වෙතත් අදාළ ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී එය යකඩ පාලම් පාරුවක් බවට පොලීසිය විසින් අනාවරනය කරගනු ලැබීය.

මෙම පාලම් පාරුව අඩි 120 ක පමණ දිගින් යුක්ත වන අතරම අඩි 40 ක පමණ පළලකින් යුක්ත වන බවටත් මෙම පාලම් පාරුව කුමන ප්‍රදේශයක සිට පාවී පැමිනෙන්නට ඇත්දැයි යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු නොමැති අතරම එහි එය කාගේද යන්න පිළිබඳවද අනාවරනය වී නොමැත. ‍

නයාරු මුහුදු සීමාවට ගොඩගසා ඇති මෙම පාලම් පාරුව දැඩි ලෙස අබලන් තත්වයේ පවතින අතරම ගොඩට ඇදීම සඳහා ද නාවික හමුදාවේ සහාය ගන්නා බවටද මුලතිවු පොලිසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

46,284 views

3 Comments to “මුහුදු වෙරලට පෙරලුනු විශාල පාලම්පාරුවක් ගොඩගසයි….”

  1. ගමේ කොල්ලා says:

    ට්‍රෝජන් අශ්වයා වගේ ද දන්නෑ . පරිස්සමෙන් .

  2. පාලම් පාරු කොකා says:

    දියසෙන් කුමාරයා රට ඇතහරල යනකොට දාල ගියපු එක. රාවණා රජ්ජුරුවෝ න් ගේ හනුමා මාර්ක් එක ඇති පාරුවේ බදේ කොටලා.

  3. Shahan says:

    පාලම්පාරු ගැන මොන කතාද, හාල්පාරුවන් දෙසීයකට වඩා ගානක් පාර්ලිමේන්තුවේ විතරක් ඉන්නවා. මුන් කවරදාවත් නොපිට ගැහිලා පාවෙන්නේ නැහැ.

Main News