මුහුදෙන් පලා එන ශ‍්‍රී ලංකා සරණාගතයන්ට ඉන්දියාව දැඩි සීමා පනවයි…

May 25, 2022 at 5:30 pm | lanka C news
මුහුදෙන් පලා එන ශ‍්‍රී ලංකා සරණාගතයන්ට ඉන්දියාව දැඩි සීමා පනවයි…

උතුරු මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ඉන්දියාවට එනු ලබන සාමාන්‍ය වැසියන් වැලක්වීමටත් පැමිණී ජනතාවට සරණාගතභාවය ලබාදීම අඩුකිරීමටත් එලට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්ථා වෙයි.

මේ වසරේ (2022) ගෙවී ගිය මාර්තු මාසයේ සිට මැයි මස වනවිට උතුරු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගිය සාමාන්‍ය වැසියන් 96 දෙනෙකුට සරණාගතභාවය ලබාදී ඇති බවටද ඉන්ධීය මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුණි.

කෙසේ වෙතත් ඉන්දියාවේ පිහිටි සරණාගත කඳවුරු තුල ජීවත්වන වැසියන් ප්‍රමාණය වැඩිවුවහොත් අධාර ඇතුලු පහසුකම් සැපයීමේදී ඇතිවන ගැටලු ආදි විවිධ හේතුන් නිසා ඉන්දීය මුහුදු සීමාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් වැලක්වීමට ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් ආරක්ෂිත පියවර කිහිපයක් ගෙන ඇත.

පසුගිය දින කිහිපය තුල ශ්‍රීලංකාවේ සිට ඉන්දියාවට අනවසරයෙන් මුහුදු මාර්ගයෙන් යාමට උත්සහ කල 150 කට ආසන්න පිරිසක් නාවික හමුදා භාරයට පත් වූ අතර ඉන්දියාවට ගිය සහ නාවික හමුදා භාරයට පත් වූ පිරිස් ඉන්දියාවට යාමට හේතු වශයෙන් පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙලෙස ඉන්දියාවට පලා යන බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,469 views

One Comment to “මුහුදෙන් පලා එන ශ‍්‍රී ලංකා සරණාගතයන්ට ඉන්දියාව දැඩි සීමා පනවයි…”

  1. SKY says:

    උතුරු මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ඉන්දියාවට එන්නේ කලකට උඩදී ඉන්දියාවෙන් පලා ආපු ඉන්දියන් දෙමළ කල්ලතෝනිමයි ..ඔවුන්ව යන්නේ ඔවුන්ගේ නිජ බිමටයි ..ඇයි ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්නේ ..ඔවුන් නැවත බාර ගැනීම දකුණු ඉන්දියාවේ යුතුකමක් වගකීමක් ,,ඔවුන් ඉන්දියානුවන් නිසා..සිමා පැනවීම ඔවුන්ට කරන අසාධාරණයක් ..සියලුම දමිළ ජාතිකයින් දකුණු ඉන්දියාවට ගත යුතුයි .මේ දමිළ ඉන්දියානුවන් අපේ රටට සාපයක් පිළිලයක්