මුහුදේ කැස්බෑවුන් ඇල්ලූ ධීවරයින් පිරිසක් අත්අඩංගුවට…

December 14, 2018 at 2:09 am | lanka C news
මුහුදේ කැස්බෑවුන් ඇල්ලූ ධීවරයින් පිරිසක් අත්අඩංගුවට…

යාපනය මුහුදේදී කැස්බෑවුන් පස් දෙනෙකු අල්ලා මස් පිණිස විකිණීමට සූදානම්ව සිටි ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසීය.

යාපනය ගුරුනගර් හා ඩෙල්ෆ් මුහුදු තීරයේදී අල්ලාගත් කැස්බෑවුන් ධීවර ජැටිවල පිහිටි ධීවර යාත්‍රාවකට ජලය කැබෑවුන් එයතුලට දමා විකිණීමට සූදානම් කර තිබියදී එම ධීවර යාත්‍රාවද සමඟ අදාළ ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අනුව යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී කැස්බෑවුන් තිදෙනෙකු සමඟ ධීවරයින් දෙදෙනෙකුද, යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේදී කැස්බෑවුන් දෙදෙනකු සමඟ ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද යාපනය ධීවර පරීක්ෂක නිළධාරීන් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට යොමු කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

50 views
Main News