මුහුදේ දිය යට සඟවා තිබු ගංජා තොගයක් හමුවේ…

February 6, 2020 at 2:27 am | lanka C news
මුහුදේ දිය යට සඟවා තිබු ගංජා තොගයක් හමුවේ…

යාපනය කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් අවස්ථා දෙකකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 157ක ප්‍රමාණයක් මුහුදේ දිය යට සඟවා තිබියදී  සොයා ගෙන ඇත.

කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී ඇසුරුම් පහක බහා මුහුද අභ්‍යන්තරයේ සඟවා බෝයාවක් මගින් එම ස්ථානය සළකුණු කර තිබූ, කේරළ ගංජා කිලෝ 43 ග්‍රෑම් 400ක ප්‍රමාණයක් පළමුව නාවික හමුදා නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර එම ස්ථානයේ සිදුකළ වැඩිදුර මෙහෙයුම් මගින් එලෙසම තවත් ඇසුරුම් තුනක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 113 ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

සොයාගත් කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරෙයි පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබී්‍ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,819 Viewers
Main News