මුහුදේ නාන්න ගිය දෙදෙනෙක් අතුරුදන්.. එක් අයෙකුගේ මල සිරුරක් හමුවේ..

November 30, 2020 at 2:04 am | lanka C news
මුහුදේ නාන්න ගිය දෙදෙනෙක් අතුරුදන්.. එක් අයෙකුගේ මල සිරුරක් හමුවේ..

යාපනය පලාලි සහ කන්කසන්තුරෙයි අතර මුහුදු තීරයේ (29) දිය නෑමට ගිය තරුණයින් පිරිසක් දිය නාමින් සිටියදී මුහුදු රැල්ලකට හසු වූ දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදහන්ව සිටි තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් හමු වූ බවට පලාලි පොලීසිය පවසයි.

අදාල මුහුදු තීරයේ පලාලි ප්‍රදේශයේ පදිංචි තරුණයින් 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් දිය නෑමට ගොස් ඇති අතර පසුව දිය නාමින් සිටි පිරිස මුහුදේ සැඩ රලකට හසුව ඇති අතර එහිදී තරුණයින් දෙදෙනෙකු සැඩපහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බවට සෙසු තරුණයින් පොලීසියට පවසා ඇත.

අනතුරුව සෙසු තරුණයින් සිව් දෙනා විසින් උදව් ඉල්ලා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ තරුණයින් දෙදෙනා සෙව්වද හමු නොවී ඇති අතර පසුව ඒ බවට පලාලි පොලීසියට හා නාවික හමුදාවට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව නාවික හමුදාව හා පොලීසිය එක්ව පැය කිහිපයක් මුහුදේ අතුරුදහන් වූ තරුණයින් දෙදෙනා සෙවීමේදී එක් තරුණයෙකුගේ මළ සිරුරක් මේ වන විට හමු වී ඇති බවටත් එම තරුණයාගේ මළ සිරුර මේ වන විට පලාලි රෝහල වෙතට රැගෙන ගොස් ඇති බවටද පොලිසිය පැවසීය.

මේ අතර අතුරුදහන් වූ අනෙක් තරුණයා මේ වන තුරුත් නාවික හමුදාව සහ පොලීසිය එක්ව සෙවීමේ කටයුතු සිදු කරන අතරම දිය නෑම ගිය සෙසු තරුණයින්ගේ ප්‍රශ්න කිරීමටද පොලීෂිය විසින් පියවර ගෙන ඇත.

අතුරුදහන්ව ඇත්තේ පලාලි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු වන අතර පලාලි පොලීෂය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,675 views
Main News