මුහුදේ නාන්න ගිය 10 වසර සිසුවා මිය යයි..

August 11, 2018 at 8:02 am | lanka C news
මුහුදේ නාන්න ගිය 10 වසර සිසුවා මිය යයි..

යාපනය කරෙයිනගර් කෝවලන් මුහුදු තීරයේදී  (10) සවස සිසුන් පිරිසක් දිය නෑමට ගොස් ජල ක්‍රීඩාවේ යෙදී සටියදී 10 වසර සිසුවෙකු දියේ ගිලී මිය ගොස් ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.

සිසුන් තිදෙනෙකු කරෙයි නගර් ජේ 41 නැමති ප්‍රදේශයේ කෝවලන් මුහුදු තීරයේදී දිය නෑමට ගොස් සිසුන් ජල ක්‍රීඩාවේ යෙදී ඇති අතර පසුව එක වරම සිසුවෙකු ජලයේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.

දිය නෑමට ගිය සෙසු සිසුන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතරම මෙසේ දිය නෑමට ගොස් මිය ගොස් ඇත්තේ යාපනය යාපනය යාල්ටන් මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලැබූ පරලෝගනාදන් නැනුසිගන් නැමති 15 හැවිරිදි සිසුවෙකු බවට පරික්ෂණ සිදු කරන කයිට්ස් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18 views

One Comment to “මුහුදේ නාන්න ගිය 10 වසර සිසුවා මිය යයි..”

  1. Samare says:

    උතුරේ ලමයින්ට මේ ලබල තියෙන අපලෙ කුමක්ද? හැමදාම මරණ?

Main News