මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක පානයක් බිවු අයෙක් මිය යයි…

April 12, 2021 at 8:02 am | lanka C news
මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක පානයක් බිවු අයෙක් මිය යයි…

යාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක්යැයි සැකකෙරෙන බෝතලයක තිබූ දියරයක් පානය කිරීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.

අදාල බෝතලය වඩමාරච්චි නැගෙනහිර මුහුදුතීරයට පසුගිය09 දා සවස මුහුදු රළට හසු වී පාවි පැමිණ තිබූ අතර අනතුරුව එම බෝතලයමත්පැන් බෝතලයක් බව හඳුනාගෙන 08 දෙනෙකුගෙන් මණ යුත් පිරිසක් එය පානය කොට ඇත.

අනතුරුව එක් අයෙකු පානය කිරීමෙන් පසුව අසනීප වී පේදුරුතුඩුව රෝහලට රැගෙනවිත් ඇති අතර ඔහු (10) දින සවස මිය ගොස් ඇත.

කෙසේ වෙතත් අදාල මත්පැන් බවට සැකකෙරෙන බෝතලය පානය කල සෙසු පිරිසට අසනීප තත්වයක් ඇති නොවීම හේතුවෙන් මිය ගිය පුද්ගලයාට ඇති වූ තවත් අසනීප තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට පොලීසිය සැකපල කර සිටියි.

මිය ගිය පුද්ගලයාගේ සිරු පශ්චාත් මරණ පරික්ෂණයක් වෙතට යොමු කොට ඇති බවටත් එහි පරික්ෂණ පැමිණි පසුව මරණයට හේතුව පැවසිය හැකි බවටද පරික්ෂණ සිදුකරන පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මෙලෙස අදාල මත්පැන් පානයෙන් පසුව අසනීප වී මිය ගොස් ඇත්තේ වඩමාරච්චි නැගෙනහිර නගර්කෝවිල් ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ 48 හැවිරිදි කන්දයියා ශ්‍රීකුමාර් නැමති අයෙකි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,802 views

3 Comments to “මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක පානයක් බිවු අයෙක් මිය යයි…”

  1. Anuradha says:

    මෙන්න මේ වගේ මනිසිකත්වයකින් ඉන්න මොංගල් අයියලා තමයි ඔය උතුර නැගෙනහිර ඉන්නේ ඉතින් උන්ව ගොනාට අන්දවන්න ලේහෙසියෙන් පුළුවන් ඔය සුන්තිරන්ලාට.විග්නේශ්වරන්ලාට,සම්බන්ධන්ලාට,

  2. බය්යන්ට මොලයක් ජාතික ව්‍යපාරය says:

    බුද්ධි අංශ ෆූල් ෆේල් යාපනේ මෙිවගේ දෙයක් වෙන්ඩ කලින් බුද්ධි අංශ දැනගෙන ඇක්සන් ගන්ඩ ඔීනේ. නන්දසිරි ෆේල්

  3. Love nature says:

    මද්‍ය පානය කේලාම්කරුවෙකි.
    සුරාපානය කළහකරුවෙකි.
    බීමතින් මුළාවන්නා මෝඩයෙකි

Main News