මුහුද ගොඩකර සත්තු වත්තක් හදමු.. හැලි අරක්කු රට පටවමු…- උද්දිකගෙන් අයවැය යෝජනා..

November 25, 2021 at 10:02 pm | lanka C news
මුහුද ගොඩකර සත්තු වත්තක් හදමු.. හැලි අරක්කු රට පටවමු…- උද්දිකගෙන් අයවැය යෝජනා..

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය සඳහා නව සංකල්ප වලින් සමන්විත දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

සාම්ප‍්‍රදායික ක‍්‍රම හරහා රට තවදුරටත් දියුණු කළ නොහැකි බවද පවසන ඔහු දියුණු රටවල ජාතික ප්‍රතිපත්ති දිගුකාලීන ක්‍රියාත්මක වන බවත් පාලකයා පමණක් වසර පහකට වරක් මාරු වන බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකාවට ඩොලර් ආදායම් වැඩිකර ගැනීම සඳහා සංචාරක ආකර්ෂණය ඉහළ නංවා ගැනීමට විශාල අවස්ථාවක් ඇතැයි ද පැවසූ ඔහු නව සංචාරක ආකර්ෂණීය ස්ථාන ඇති කළ යුතු බවද සඳහන් කළේය.

යාපනයේ දූපතක් තෝරාගෙන ලොව පුරා ධනවත් සංචාරකයන් ගෙන්වාගැනීම සඳහා ‘පැරඩයිස් අයිලන්ඩ්’ එකක් නිර්මාණය කළ හැකි බව ද ඔහු පැවසීය.

එමෙන්ම වරාය නගරය ආකාරයෙන් සාගරය ගොඩකර සත්වෝද්‍යානයක් නිර්මාණය කළ හැකි බවද පැවසූ ඔහු එය සාගරයේ ඉදිවන පළමු සත්තු වත්ත ලෙසද වාර්තා වනු ඇතැයි සඳහන් කළේය.

විදේශ විනිමය වෙනුවෙන් ගංජා වවා අපනයනය කිරීමත්, හැලි අරක්කු කර්මාන්චය දියුණු කිරීමත් කල හැකි බවත් ඔහු සදහන් කරන ලදී.

අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

91,562 views

38 Comments to “මුහුද ගොඩකර සත්තු වත්තක් හදමු.. හැලි අරක්කු රට පටවමු…- උද්දිකගෙන් අයවැය යෝජනා..”

  1. නරකද සහෝ සත්තූ වත්ත වෙනූවට 225 තිරිසන් රැල දැක්කූව නම්.... says:

    දියවන්නාව වහළ දාල මේ ගොන් රැල එහාට පද්දමූද? බෙල්ල බඩ කට පූක දෙකම එකවගේ සත්තු බලන්න ෂූවර් එකටම ඩොලර් අරන් ඒවි….

  2. Hali wandura says:

    Now there is a competition to be the biggest idiot among the government Mp s

  3. මහ ජනයා says:

    මුහුද ගොඩ කරන වැඩෙ ඇරෙන්න අනිත් දේවල් ධනාත්මක සිතුවිලි, මොකද vodka කියන්නෙත් කසිප්පු තමයි ජපානේ sake කියන්නෙත් කසිප්පු හැබැයි අපේ අයට තියෙන මොලේ උන්ට තිබ්බේ නැනේ උන් ඒක market කල, kansa කියන්නෙත් එ වගේ දෙයක් තමයි හැබයි medical hemp kiwanan market වෙනවා ඔය ඉංගිරිසි comment mahattayala හින්දා තමයි මේ රටවල් වලට කෙළ උනේ

  4. Kalu Albot says:

    Moo wage Kakul Deke Meeharakun inna Paarlimenthuwak mehe thiyana bawa Prachaaraya keruwoth Sanchaarakayo wela nokadee mehe ena bawa nisekayi!!Nodakin Motta Pakiraa!!

  5. LalithM says:

    කියපු එකා ඇතුලු 225ත් තව එකෙකුත් ගාල් කරන්න පුලුවන් විදිහට කූඩු හදන්න. මුන්ට ඔලුවට එන්නේ ජරාව කන්න පුලුවන් සල්ලි කන යෝජනා විතරයි.

  6. Weerasekara says:

    මේවට වග කියන්න ඕන නළුකමට රැවටිලා මේ වගේ පිස්සෙක් පාර්ලිමේන්තු යවපු අනුරාධපුරේ මිනිස්සු

  7. ගොන් බයියා says:

    සිංහල රට සිංහල ජාතිය සිංහල ආගම සිංහල සංස්කෘතිය වෙනුවෙන් පොහොට්ටුවට චන්දෙ දුන්න අපිට හරි සතුටුයි මේ වගේ යෝජනා ඇහෙනකොට.

  8. සාමා says:

    බුද්ධිමත්කම වාන් දානවා. මෙයා ඉන්නවා ටෙලි නාට්ටියක, මාසෙකට මිලියන් කීයක්ද පඩි ලැබෙන චරිතයක් රඟපාමින්. හැබැයි වැඩිපුර කරන්නෙ සෙකට්‍රි ගේන ලියුම් වල හරි වැරදි බලන එකයි, පුද්ගලික කෝල්ස්වලට ආන්ස්වර් කරන එකයි. නාට්ටියක් තමයි ඒත් ඒකෙත් ගොබ්බකම උතුරන චරිතයක්. බයියන්ට සැප කනේ ඇති මෙහෙම අයට චන්දෙ දීලා.

  9. Jaya says:

    If you don’t understand what he is trying to say,you are also a donkey.Donkeys like you are sending donkey’s to the parliment

  10. sam says:

    Nugathun danna ekama sanwardanaya TOURISM witharai. Thopi ganu lamai wikunanna lasthi wela hitapalla.

Leave a Comment

Main News