මුහුද ගොඩ ගලයි.. කාලගුණය කැළඹෙයි..

April 22, 2018 at 12:00 pm | lanka C news
මුහුද ගොඩ ගලයි.. කාලගුණය කැළඹෙයි..

අනිද්දා දිනය වන තෙක් පුත්තලමේ සිට ගාල්ල හරහා මඩකලපුව තෙක් මුහුදු තීරය රළු වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුතුරු ඇගවීම් නිකුත් කර ඇත.

ඒ අනුව ඇතැම් ස්ථානයන්හි මුහුදු රළ මීටර 02ට වැඩියෙන් උස්වනු ඇති බවද සදහන් කරන ඔවුන් මුහුදු යාමෙන් වලකින්නැයි ධිවර ජනාතාවට උපදෙස් දී තිබේ.

මේ නිසා ඊයේ දිනයේ හික්කඩුව තෙල්වත්ත ප‍්‍රදේශයේදී මුහුද ගොඩගලා ගාළු පාරටද ජලය පැමිණ තිබින.

මුහුද රළුවීම නිසා ඇතැම් ධීවර යාත‍්‍රාවලටද අලාබ සිදුව ඇත.

163 views

One Comment to “මුහුද ගොඩ ගලයි.. කාලගුණය කැළඹෙයි..”

  1. Samuvel says:

    රාජා බවතු දම්මිකෝ….

Main News