මුළු එජාපයටම විරුද්ද වී රන්ජන් ජනපති සමග එක්වෙයි..

July 6, 2019 at 9:20 am | lanka C news
මුළු එජාපයටම විරුද්ද වී රන්ජන් ජනපති සමග එක්වෙයි..

මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට රජය සහ තම පක්ෂය විරුද්ධත්වය ප‍්‍රකාශ කළත් තමා ජනාධිපතිවරයාගේ තීරණයට එක හෙළා කැමැත්ත ප‍්‍රකාශ කර සිටින බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ප‍්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට සහ ළමා දූෂිතයන්ට අනිවාර්යයෙන්ම මරණ දඩුවම කි‍්‍රයාත්මක කළ යුතුව ඇතැයි තමා පුද්ගලිකව විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.

සිංගප්පූරුව, චීනය සහ ඇමරිකාව ඇතුළු ලොව බොහෝ රටවල් මරණ දඩුවම කි‍්‍රයාත්මක කරන බවත් ඇමරිකාවේ ප‍්‍රාන්ත පනහකින් ප‍්‍රාන්ත හතලිස් හයකම එය කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා සිය අනුමැතිය ලබා දී ඇතැයි ද රාමනායක මහතා සඳහන් කර සිටියේය.

මරණ දඩුවම කි‍්‍රයාත්මකව ඇති රටවල අපරාධ අඩුවී ඇති දැයි මෙරට ඇතැමුන් ප‍්‍රශ්න කර සිටියත් මරණ දඩුවම කි‍්‍රයාත්මක කර ඇති රටවල් ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව සොයා බැලීමට ඔවුන් මේ දක්වා කටයුතු කර තිබෙනවා දැයි තමන් ප‍්‍රශ්න කර සිටින බවද කීවේය.

මෙරට මරණ දඩුවම කි‍්‍රයාත්මක කළ යුතු බව මුලින්ම ගෙන අවේ තමන් බවත් ඒ අවස්ථාවේ එම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවේ දූෂණයට ලක් කර ඝාතනය කර දැමූ මෙරට දරුවන් වෙනුවෙන් සාධාරණය ඉටු කර දීමට බවද රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා කියා සිටියේය.

මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ඉතාමත් සාධාරණ බවත් ඉකුත් කාල සමයේදී පිලිපීනය බලා ගිය ජනාධිපතිවරයා එරට ජනපති රොඞ්රිගූ ගුටරේට් මහතාගෙන් මේ සම්බන්ධයෙන් වැඩි යමක් දැනගෙන එන්නට ඇතැයි තමා විශ්වාස කරන බවද කීවේය.

මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමේදී හෙරොයින් ලෝලීන් එල්ලා මැරීම නොකළ යුතු බවත් එල්ලා මරා දැමිය යුත්තේ මෙරටට හෙරොයින් ගෙන එන මුදලාලිලා බවද කී රාජ්‍ය ඇමැතිවරයා මේ යෝජනාවට බොහෝ දෙනෙකු තමාට දොස් පැවරිය හැකි වූවත් තමා සැමවිටම අපරාධකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී නොසිටින බවද රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා අවධාරණය කළේය.

– divaina

190 views

19 Comments to “මුළු එජාපයටම විරුද්ද වී රන්ජන් ජනපති සමග එක්වෙයි..”

  1. Milton says:

    Ranjan,Wimal,Rohitha,Mahindananda,Prassanna Ranaweera, are of coconut of sama bunch.

    • ජනක says:

      හරි දේට හරි කියන්න අපි පසුබට වෙන්නේ නෑ රන්ජන් කියන්නේ බොහෝවිට රඟපෑම දෙහ්සපාලනය කලාවන් කරගත්තු චරිතයක් උනාට පාලිමන්ට් ජෝක් හෙවත් මහින්දලාගේ ඩුබායි හෝටල් වැටලීම ,අලි අත්අඩංගුවට ගැනීමට පන්සල් යාම වැනි ගොන් තකතීරු වැඩ කලාට මේ වෙලාවේ ඔහු ගේ අදහස නිවැරදියි

      • මාරිස්ටෙලා කොල්ලෝ says:

        ගොන්ජෝ දැන්වත් ඔය තමන්ගේ ආරක්ෂාවට ඉන්න MSD එකේ එවුන්ට ගහන බනින එක නවත්තපං, නැත්නමි උඹට ලඟදීම කන්න වෙයි.

  2. Nim says:

    ” KUNU KUNU WALATA AKATHU
    WE “

  3. George says:

    රන්ජන්, පසුගිය කාලයේ ඔබගේ හැසිරීම අනුව ඔබ දේශපලන කුනුබක්කියටම වැටුනා දැන් ඔබ හදන්නේ නැති ප්‍රතිරූපය කුමන හෝ ආකාරයකින් ලබාගැනීමටයි. ඔබ කවුද කියා මුලු රටම දන්නවා.

  4. Narendra Gunatillake says:

    එකගයි රන්ජන් රාමනායක මහතානෙනි !!!

  5. SuMa says:

    මේ පල්වලක පල්වෙවී සිට දැන් රැල්ලට ගොඩයන්න තටමන තවත් එක් පොල් ලෙල්ලක්….

  6. puncha says:

    My 3 ge palanayata ma kohethma ekanga nethi muth marana danduwama kriyathmaka kala yuthui. Habai kuddonta witharak novei, mini maruwanta, sthri dushakayanta pawa diya yuthui.

    Marana danduwama dima sidu karanne adikaranayen. Janapathita kala hekke athsan yedima pamanai. Adikaranayen dun me niyoga wena adikaranayakin ath hituwanne ai kiyala mata thereenne ne.

  7. sunimal says:

    පල්ලියේ මුලින්ම තියෙන්නේ ජේසු කුරුසේ ගහල මරපු පින්තුරේ රන්ජන් ඒක දැකලා වෙන්න ඇති මෙහෙම කියන්නේ

    • සත්‍ය says:

      පලයන් ජඩ අන්තවාදී වහාබියා යන්න තොපේ ආගමේ මිනි මැරීම තිබුනාට අපේ සහෝදර කිතුනුවන් ගේ දහම සාමයේ දහමක් එහි නොඅදහන්නන් මරාදමන්න ඔවුන්ගේ සිතට භීතිය රැගෙන එන්න කියා නෑ.එහි කියා තිබෙන්නේ ඔබේ එක කම්මුලකට ගැහුවොත් අනෙක් කම්මුලත් පාන්න කියයි .එහි අදහසනම් මයිත්‍රීයයි .උඹලාගේ ආගමේ එහෙම වචනයක් නෑ නේද ?තොපේ අරාබි බල්ලන්ගේ ජඩ බාශාවෙවත් එහෙම වචනයක් අදහසක් නෑ නේද ?

  8. Tngo says:

    Ballo balal lu ganata mini mara na rtee aparada kara yanna ellana yana kota ane apoi kiyanna wa, ade wenakam me ratta palanaya karapu janadipathi horun gen atthe ley tawara gatthe natthe Wijetunga mahattayath, Sirisena jajandipathi vitari. Anith aya Budu bana, palli kovil vada vada mini maruwa, patta horu

  9. Open mind says:

    රන්ජන් ඔබ නිවැරදි යි. හැබැයි තෝර තෝරා තීන්දු නොකර සියලු කුඩු වෙළෙන්ඳන්, බාලාපරාධකරුවන් ,සැලසුම්ගත මිනීමරුවන්.පෝරකයට යැවීමට වෙන වෙනම දින යොදා එක දිනකදී අත්සන් කරවාගන්න වගබලාගතයුතු යි.

  10. Panda says:

    Tongata varadila. Tonga oya danne nadda Wijethunga 1994di UNP Minimaruvo dennekuta Kuliyapitiya usaviyen dun marana danduvama paya dekak thula Visesha Janadhipathy samavak deela nidahas kala bava. Oya harima baba.