මුළු එජාපයම රන්ජන්ට බිය වෙති.. දුරකතන ඇමතුම් දීම සපුරා නවත්වති..

January 10, 2020 at 12:02 am | lanka C news
මුළු එජාපයම රන්ජන්ට බිය වෙති.. දුරකතන ඇමතුම් දීම සපුරා නවත්වති..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකථනයෙන් කතාබස් කිරීම එම පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් පාහේ අතහැර දමා ඇති බව වාර්තාවේ.

වෙනදා ඔහුට දිනකට කිහිප වතාවක්ම ඇමතුම් දෙන මන්ත්‍රීවරු පවා දුරකථන හඬපට හෙලිවීමේ සිදුවීමෙන් පසු ඔහුට ඇමතුම් දීම නතර කර ඇතැයිද වාර්ථා වේ.

මීට හේතු වී ඇත්තේ මන්ත‍්‍රීවරයා සියළු දුරකථන ඇමතුම් පටිගත කරන බව ප්‍රසිද්ධ වීමත් ඒ හරහා අනාගතයේදී තමන් අපහසුතාවයට පත්වේයැයි ඔවුන් තුළ ඇති බියත්ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් පක්ෂ නායකත්වයට කියා ඇත්තේ රන්ජන් රාමනායක මහතාට විනය පරීක්ෂණ ක්‍රියාත්මක වීම හා පක්ෂයෙන් ඉවත් කිරීමට ඉක්මනින් කටයුතු කළ යුතු බවයි.

ඔහුගේ හඬ පට හෙලිවීමත් සමගම පක්ෂය දරුණු ලෙස දේශපාලන වශයෙන් කඩාවැටීමට ලක්වෙමින් ඇති බව ඔවුන් පක්ෂ නායකත්වය වෙත පෙන්වා දී තිබේ.

55 views

5 Comments to “මුළු එජාපයම රන්ජන්ට බිය වෙති.. දුරකතන ඇමතුම් දීම සපුරා නවත්වති..”

  1. 🤣🤣🤣😄😄😄 says:

    පිරිමිකම පෙන්වල රටට බිය නැතිව
    හෙලිකලේ වැනුන නීතිය හද බැතිව
    සුපිරිම් කෝට් ඇඳලා හෙලුවද ඇතිව
    නීතිය නැති කලා හෙන්ඩු බල මැතිව

    කොරියන් ලීඩර් හෙයා කට් එක දාලා
    සජිතයා මොඩ්වෙලා පක්‍ෂෙ හිත දාලා
    අට පාස් මැට්ටෝ වටේට පුම්බලා දාලා
    පුලුවනිද ගන්නට චන්ඳ රටම අන් දාලා

  2. බන්ඩා says:

    මෙදා පාර එජාප මංත්‍රීවරැන්ට දිනන්න නම් උන්ගෙ අන්ඩපෑන් ඔලුවෙන් ගලවන්න වෙලා.

  3. Rata Wenuwen says:

    රට හෙළබිම අපේ-සුරකුම අප සතුය,
    එඩිතර දූ පුතුන් රට සතු මිණි මුතුය,
    මරණය අබිමුවෙයි පෙරමුණ ගත යුතුය,
    ගොන්ජා මරා රට අප රැක ගත යුතුය

  4. බන්ඩා says:

    දේසපාලුවන්ට සහ උන්ගෙ ගැහැනුන්ට පුද්ගලික ජීවිත කියල අවලම් වැඩ කරල හැං⁣ගෙන්න වත් පොලීසියට උසාවියට බලපෑම් කරල ජරා වැඩ කරල සුදනො වෙන්න වත් ඉඩ දෙන්න බැහැ. ගොන්ජගෙ හඬ පට සියල්ල එලියට දමනු. ගොංජට පදක්කමක් දෙනු.

Main News