මුළු ඒකාබද්ද විපක්ෂයම විමල් වෙනුවෙන් ජානිපෙ මහ සමුළුවට එක්වෙති…
January 19, 2017 at 5:30 pm | lanka C news
එළැඹෙන 22 වන දා පැවැත්වෙන ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මහා සමුළුවට ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන සියළු මන්ත්රීවරුන් සහබාගී වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා රිමාන්ඞ් බන්ධනාගාර ගත කර ඇති නිසා එම සමුළුවේ ප්රධාන දේශණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කිරීමට නියමිතය.
ඒකාබද්ද විපක්සයේ මන්ත්රීවරුන් බොහෝ දෙනා මේ වන විටත් මෙදිනට යොදා තිබු බොහෝ වැඩ කටයුතු අවලංගු කර ඇතැයිද දැනගන්නට ඇත.