මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…

November 17, 2021 at 10:02 pm | lanka C news
මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය සැපයීමට නොහැකි වූවොත් තව නොබෝ දිනකින් මුළු රටම අඳුරේ තබන්නට සිදුවන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි.

දැනටමත් ටොන් 2000ක් ඇණවුමක් ලැබී තිබුණ ද එය සපයා ගැනීමට තෙල් පිරිපහදුවට නොහැකි බවද ඒ මහතා පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට එරෙහිව එම පිරිපහදුව ඉදිරිපිට පැවති විරෝධතාවයකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

බන්දුල සමන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති අංශයේ ප්‍රධානියෙකි.

39,298 views

3 Comments to “මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…”

  1. javipe says:

    උද්ඝෝෂන කරන්නේ තෙල් පිරිපහදුව වැහුවාම සේවකයන්ට පඩි ගෙවන්නේ නැති හින්දා වෙන්න ඇති.

  2. dev says:

    gon harak

  3. යුග දනවි යුග දිවිය says:

    එල්පී ගෑස් වලින් විදුලිය නිපදවන්න ඇමරිකාවට දෙන්න හේතුවක් වේවි. හේතුවක් හදලා ම දීලා වගේ.