මුළු රටම බේරුනේ අපි නිසා.. අළුත් අවුරුද්ද මලගමක් නොවුනේ අපේ උපදෙස් නිසා..- GMOA

April 13, 2020 at 3:00 pm | lanka C news
මුළු රටම බේරුනේ අපි නිසා.. අළුත් අවුරුද්ද මලගමක් නොවුනේ අපේ උපදෙස් නිසා..- GMOA

අද දවසේ ජනතාවට සිංහල අළුත් අවුරුද්ද සැමරීමට හැකි වී ඇත්තේ තම සංගමය ලබාදුන් උපදෙස් වලට ඇහුම්කන් දෙමින් රජය ගත් තීරණ නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමය විසින් නිකුත් කරන ලද අලුත් අවුරුදු පණිවිඩයේ මේ බව දැක්වේ.

සම්පූර්ණ පණිවිඩය මෙසේය.

“අවුරුදු සමය මළ ගමක් කර ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අද අපි ගන්න තීරණත් එක්ක” – වෛද්‍ය හරිත අලුත්ගේ (19.03.2020)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2020 මාර්තු 19 වැනිදා කළ මෙම ප්‍රකාශය, අද මුළු රටම බේරා ගන්නට හැකි වූ තීරණාත්මක ප්‍රකාශයක් බවට පත්වී ඇත.

ඉතාලිය, එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් සහ ඇමෙරිකාව, පාස්කු ඉරිදා උත්සවය සැමරීමට නොහැකි වී, ඔවුන්ගේ මුළු රටම අද මල ගමක් වී ඇත්තේ මාර්තු මාසයේ ඔවුන් ගත යුතු තීරණ නිවැරදිව නොගත් නිසාය.

අපගේ උපදෙස් වලට නිවැරදිව ඇහුම්කම් දෙමින් මාර්තු මසයේ රටක් ලෙස ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ ගත් තීරණ නිසා අද අපේ ජනතාවට, තම නිවසේ සිට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීමට හැකිවී ඇත.

තවද ජනතාව සියලු අංශ විසින් ලබාදුන් උපදෙස් වලට උපරිම ලෙස අනුගත වීමද, අද කොරෝනා අර්බුදයෙන් රට යම්තාක් දුරකට ආරක්ෂා කර ගැනීමට දායකවී ඇත.

මේ මොහොතේ පවතින අවිනිශ්චිතභාවය නැති කර ගැනීම සඳහා දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය හැකි ඉක්මනින් පුළුල් කළ යුතු බව අප පවසා සිටින්නේද, අනාගත සුරක්ෂිතභාවය තහවුරු කර ගනිමින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට ක්‍රමයෙන් පත්කර ගැනීම සඳහාය.

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට ආරක්ෂාව සහ නිරෝගී සුව ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවායි එක සිතින් ප්‍රාර්තනා කරමු.

– රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අලුත් අවුරුදු පණිවිඩය"අවුරුදු සමය මළ ගමක් කර ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අද අපි ගන්න තීරණත් එක්ක" වෛද්‍ය හරිත අලුත්ගේ19.03.2020රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2020 මාර්තු 19 වැනිදා කළ මෙම ප්‍රකාශය, අද මුළු රටම බේරා ගන්නට හැකි වූ තීරණාත්මක ප්‍රකාශයක් බවට පත්වී ඇත.ඉතාලිය, එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් සහ ඇමෙරිකාව, පාස්කු ඉරිදා උත්සවය සැමරීමට නොහැකි වී, ඔවුන්ගේ මුළු රටම අද මල ගමක් වී ඇත්තේ මාර්තු මාසයේ ඔවුන් ගත යුතු තීරණ නිවැරදිව නොගත් නිසාය.අපගේ උපදෙස් වලට නිවැරදිව ඇහුම්කම් දෙමින් මාර්තු මසයේ රටක් ලෙස ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ ගත් තීරණ නිසා අද අපේ ජනතාවට, තම නිවසේ සිට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීමට හැකිවී ඇත. තවද ජනතාව සියලු අංශ විසින් ලබාදුන් උපදෙස් වලට උපරිම ලෙස අනුගත වීමද, අද කොරෝනා අර්බුදයෙන් රට යම්තාක් දුරකට ආරක්ෂා කර ගැනීමට දායකවී ඇත.මේ මොහොතේ පවතින අවිනිශ්චිතභාවය නැති කර ගැනීම සඳහා දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය හැකි ඉක්මනින් පුළුල් කළ යුතු බව අප පවසා සිටින්නේද, අනාගත සුරක්ෂිතභාවය තහවුරු කර ගනිමින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට ක්‍රමයෙන් පත්කර ගැනීම සඳහාය.ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට ආරක්ෂාව සහ නිරෝගී සුව ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවායි එක සිතින් ප්‍රාර්තනා කරමු.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Gepostet von Government Medical Officers' Association am Sonntag, 12. April 2020

402 views

139 Comments to “මුළු රටම බේරුනේ අපි නිසා.. අළුත් අවුරුද්ද මලගමක් නොවුනේ අපේ උපදෙස් නිසා..- GMOA”

  1. Aaryaawa says:

    පාදෙනිය හැර තොපේ සංගමේ කිසිඑකෙක් කොරෝන නැතිකරන්න කරපු රෙද්දක් නෑ. ජනාධිපතිතුමාත්, හමුදාපතිතුමාත්,  විශේෂඥ වෛද්‍ය ජාසිංහ ඇතුලු විශේෂඥ වෛද්‍ය මංඩලය, පොලිසිය, සෞක්‍ය සේවයේ කාර්ය මන්ඩල, PHIවරු  නැතිනම් මුලු ලංකාවම අද මලගෙයක්. තොපි මොනවද දන්නෙ, අඩුගනනෙ තොපේ A/L ප්‍රතිපලවත් තොපිට මතක නැහැනේ.

  2. දොස්තර හොඳහිත says:

    දොස්තර වුනත් ජාතකේ ප්‍රශ්න තියෙනවනම් වෘත්තිය ගරුත්වයකින් තොරව කය්වාරු ගැසීම පුදුමයක් නොවේ.
    වෛද්‍ය සංගමය ප්‍රවේනි දාසයන් සහ කවුඩු පනික්කියන්ගෙන් ඔබ්බෙන් ගිය මෙයට වඩා වෘත්තීය ගරුත්වයකින් යුතු පුද්ගලයන් වගකිවයුතු තනතුරුවලට පත්කරගන්නේනම් එය බහුතරක් ගෞරවාන්විත වූ රජයේ වෛද්‍යය නිලධාරීන්ට , වෛද්‍ය වෘත්තියට මහත් ගෞරවයකි.

Main News