මුළු රටම බේරුනේ අපි නිසා.. අළුත් අවුරුද්ද මලගමක් නොවුනේ අපේ උපදෙස් නිසා..- GMOA

April 13, 2020 at 3:00 pm | lanka C news
මුළු රටම බේරුනේ අපි නිසා.. අළුත් අවුරුද්ද මලගමක් නොවුනේ අපේ උපදෙස් නිසා..- GMOA

අද දවසේ ජනතාවට සිංහල අළුත් අවුරුද්ද සැමරීමට හැකි වී ඇත්තේ තම සංගමය ලබාදුන් උපදෙස් වලට ඇහුම්කන් දෙමින් රජය ගත් තීරණ නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමය විසින් නිකුත් කරන ලද අලුත් අවුරුදු පණිවිඩයේ මේ බව දැක්වේ.

සම්පූර්ණ පණිවිඩය මෙසේය.

“අවුරුදු සමය මළ ගමක් කර ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අද අපි ගන්න තීරණත් එක්ක” – වෛද්‍ය හරිත අලුත්ගේ (19.03.2020)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2020 මාර්තු 19 වැනිදා කළ මෙම ප්‍රකාශය, අද මුළු රටම බේරා ගන්නට හැකි වූ තීරණාත්මක ප්‍රකාශයක් බවට පත්වී ඇත.

ඉතාලිය, එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් සහ ඇමෙරිකාව, පාස්කු ඉරිදා උත්සවය සැමරීමට නොහැකි වී, ඔවුන්ගේ මුළු රටම අද මල ගමක් වී ඇත්තේ මාර්තු මාසයේ ඔවුන් ගත යුතු තීරණ නිවැරදිව නොගත් නිසාය.

අපගේ උපදෙස් වලට නිවැරදිව ඇහුම්කම් දෙමින් මාර්තු මසයේ රටක් ලෙස ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ ගත් තීරණ නිසා අද අපේ ජනතාවට, තම නිවසේ සිට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීමට හැකිවී ඇත.

තවද ජනතාව සියලු අංශ විසින් ලබාදුන් උපදෙස් වලට උපරිම ලෙස අනුගත වීමද, අද කොරෝනා අර්බුදයෙන් රට යම්තාක් දුරකට ආරක්ෂා කර ගැනීමට දායකවී ඇත.

මේ මොහොතේ පවතින අවිනිශ්චිතභාවය නැති කර ගැනීම සඳහා දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය හැකි ඉක්මනින් පුළුල් කළ යුතු බව අප පවසා සිටින්නේද, අනාගත සුරක්ෂිතභාවය තහවුරු කර ගනිමින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට ක්‍රමයෙන් පත්කර ගැනීම සඳහාය.

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට ආරක්ෂාව සහ නිරෝගී සුව ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවායි එක සිතින් ප්‍රාර්තනා කරමු.

– රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අලුත් අවුරුදු පණිවිඩය"අවුරුදු සමය මළ ගමක් කර ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අද අපි ගන්න තීරණත් එක්ක" වෛද්‍ය හරිත අලුත්ගේ19.03.2020රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2020 මාර්තු 19 වැනිදා කළ මෙම ප්‍රකාශය, අද මුළු රටම බේරා ගන්නට හැකි වූ තීරණාත්මක ප්‍රකාශයක් බවට පත්වී ඇත.ඉතාලිය, එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් සහ ඇමෙරිකාව, පාස්කු ඉරිදා උත්සවය සැමරීමට නොහැකි වී, ඔවුන්ගේ මුළු රටම අද මල ගමක් වී ඇත්තේ මාර්තු මාසයේ ඔවුන් ගත යුතු තීරණ නිවැරදිව නොගත් නිසාය.අපගේ උපදෙස් වලට නිවැරදිව ඇහුම්කම් දෙමින් මාර්තු මසයේ රටක් ලෙස ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ ගත් තීරණ නිසා අද අපේ ජනතාවට, තම නිවසේ සිට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීමට හැකිවී ඇත. තවද ජනතාව සියලු අංශ විසින් ලබාදුන් උපදෙස් වලට උපරිම ලෙස අනුගත වීමද, අද කොරෝනා අර්බුදයෙන් රට යම්තාක් දුරකට ආරක්ෂා කර ගැනීමට දායකවී ඇත.මේ මොහොතේ පවතින අවිනිශ්චිතභාවය නැති කර ගැනීම සඳහා දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය හැකි ඉක්මනින් පුළුල් කළ යුතු බව අප පවසා සිටින්නේද, අනාගත සුරක්ෂිතභාවය තහවුරු කර ගනිමින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට ක්‍රමයෙන් පත්කර ගැනීම සඳහාය.ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට ආරක්ෂාව සහ නිරෝගී සුව ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවායි එක සිතින් ප්‍රාර්තනා කරමු.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Gepostet von Government Medical Officers' Association am Sonntag, 12. April 2020

437 views

139 Comments to “මුළු රටම බේරුනේ අපි නිසා.. අළුත් අවුරුද්ද මලගමක් නොවුනේ අපේ උපදෙස් නිසා..- GMOA”

  1. Sajitha says:

    හොඳයි GMOA එක කියන විදියට මුඛ ආවරණ නොදා හිටියනම් රටේ ජනතාවට අද මොකද වෙන්නේ
    පොලිසියෙන් පාරෙ ඉන්න මිනිස්සුන්ට මුඛ ආවරණ දාන්න කියලා අවවාද නොකර නම් අද GMOA එක මොකද කියන්නේ.
    දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය මුඛ ආවරණ ගැන මොකද කියන්නේ
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පිළිපැදපු රටවල් මොකද කියන්නේ
    රටේ මිනිස්සු GMOA එක විස්වාස කරල මුඛ ආවරණ ගලවලා ගියානම් අද ඒ ගොල්ල මොකක්ද කියන්නේ

  2. Sam Fernando says:

    GMOA plz be quiet and engage in your work. All your speculations have been proved false.
    Better keep shut up.

  3. Saman Adikari says:

    What you have done to country and People, do NOT expect return for that.GMOA is also govt services people of doctors.Yes you having certain duties do for the country.

    The simple fact is this country not belongs a one or two families.

  4. Saman Adikari says:

    What you have done to country and People, do NOT expect return for that.
    While GMOA is also govt servicervent and doctors.
    Yes you having certain duties do for the country.

    The simple fact is this country not belongs a one or two families. … or that certain political parties .
    We are fed up with this types of stories ! by GMOA.

  5. MD says:

    ඔබලා සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුවය පතනවා!ආරක්ෂක අංශ ගැනත් මතකය අලුත් කරගත්ත නම් වඩාත් වටිනවා.සුභ අලුත් අවුරුද්දක් වේවා!

  6. සමන්ත says:

    ඵකාවගේ හැමෝම කැපවෙලා වැඩකරලා ඉලිප්මපෙන්න හදන්නන ඵපා. සිරා හරි රනිල් හරි සජිත් මේක පාලනය කරන්කන තිබුනේ. ඵහෙනං නම්බුනාම ගන්න දගලන අයත්න මෙලහට වලපල්ලේ තමයි.

  7. fernando says:

    AT least union idiots not sent relevent field consultant for media conference discussion. This union offices themselve trying to explain everything. they think world will not rotate without them. Foolish but cunning guys

  8. Luxman says:

    GMOA made a heavy weight on closing the airport ,to the govt ,even it was late decision .airport authority was not keen on the above decision this is the correct picture

  9. Kgs basnayake says:

    Mata than hithenawa ara balla kunu datha rajitha mun (gmoa) gana kiu kathawa hari kiyaka at least

  10. chandana says:

    According to GMOA IDH Doctors have done nothing. Only GMOA has donne all

Main News