මුළු රටම රක්‍ෂණය කරලා තියෙන්නේ.. අපදාවක් වුනොත් වන්දි ගෙවනවා..

June 25, 2017 at 4:40 pm | lanka C news
මුළු රටම රක්‍ෂණය කරලා තියෙන්නේ.. අපදාවක් වුනොත් වන්දි ගෙවනවා..

ගංවතුර හේතුවෙන් සම්පුර්ණයෙන් නිවස විනාශ වූ බුලත්සිංහල පොල්වත්තහේන ප්‍රදේශයේ පදිංචි ජී.කේ සුමින්ද මහතාට නව නිවසක් ඉදිකර දීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

නිවස ඉදිකිරීම සදහා ඉඩම පරිත්‍යාග කර ඇත්තේ “වාසනා බෙිකර්ස්” අධිපති දයානන්ද බෝම්බුවල මහතායි. ඒ සදහා මුල්‍ය අනුග්‍රහය ප්‍රිමියර් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති ප්‍රශාන්ත කුලරත්න මහතා විසින් ලබාදීමට නියමිතය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ගංවතුරෙන් පුර්ණ වශයෙන් නිවාස අහිමි වූවන් සදහා නිවාස ඉදිකරදීමෙි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපි තීරණය කළා. ඒ අනුව බුලත්සිංහල ප්‍රදේශයේ අන්ත දිළිදු පවුල් 02 කට මුලින්ම නිවාස ඉදිකර දෙනවා. ඔවුන්ට ආධාරත් ලබාදෙනවා. රජය විසින් නිවාස ඉදිකර දීමට ද තීරණය කර තිඛෙනවා.

වත්මන් රජය බලයට පත් වූ පසු දිවයින පුරා සියළුම නිවාස රජය විසින්ම රක්ෂණය කර තිඛෙනවා. හදිසි ආපදාවකින් හෝ වෙනත් ක්‍රමයකින් නිවස විනාශ වුවහොත් රක්ෂණ ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ 25 දක්වා වන්දි ලැඛෙනවා. ඉතිරි මුදල පමණයි රජයෙන් ලබාදෙන්නේ. ඒ අනුව ගංවතුර හේතුවෙන් සම්පුර්ණයෙන් නිවාස විනාශ වු අයටත් මෙම වන්දි ලැඛෙනවා. මීට පෙර මෙවැනි වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක වුයේ නැහැ. ධනපතීන් තමන් පිළිබද පමණයි සිතන්නේ. නමුත් ගංවතුරේ දී අනෙක් පුද්ගලයාගේ දුකත් ධනපතියාට තේරුනා. එය ශ්‍රේෂ්ඨ ගතිගුණයක්. රජයට පමණක් සියළුම දේ ඉටු කරන්නත් බැහැ. පෞද්ගලික අංශයේ දායකත්වයත් අවශ්‍යයයි. ඇමරිකාවෙි පසුගිය කාලයේ ගංවතුර ඇති වූ අවස්ථාවෙි දී එරට රජය ජනතාවට උදවු කළේ නැහැ. නමුත් අප රටේ වත්මන් රජය විපත සිදු වූ අවස්ථාවෙි සිට ජන ජීවිත නගාසිටුවන්න පියවර ගන්නවා. ශ්‍රී ලංකාවෙි සංස්කෘතිය එයයි. ඊට මුලික අඩිතාලම වැටි ඇත්තේ බෞද්ධ දර්ශණය හේතුවෙන්. බෞද්ධ දර්ශණය සහ සංස්කෘතිය ඉදිරියටත් ආරක්ෂා කළ යුතුයි.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

38 views
Main News