මුළු ශ‍්‍රී ලංකාවම ඩිජිටල් කරනවා..- හරීන්

January 9, 2018 at 4:40 pm | lanka C news
මුළු ශ‍්‍රී ලංකාවම ඩිජිටල් කරනවා..- හරීන්

ශ්‍රී ලංකාව 2025 වන විට ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු දිවයිනක් බවට පත් කිරීම රජයේ අරමුණ යැයි විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

රජයේ එම ඉලක්කය සපුරාලීමේ ප්‍රධානත ම පාර්ශ්වකරුවන් වන්නේ ඩිජිටල් සමාජ නවෝත්පාදකයන් යැයි ද කී අමාත්‍යවරයා විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය ස්ථාපනය කළේ ඩිජිටල් සමාජ නවෝත්පාදකයන් සියලු දෙනාටම සාර්ථක වීමේ මගක් ලෙස බව ද කීවේය.

මෙරට ඩිජිටල් සමාජ නවෝත්පාදකයන් ඇගයුමට ලක්කරමින් කොළඹ ගලදාරි හෝටලයේදී පසුගියදා පැවැති ඉ-ස්වාභිමානී සම්මාන උළෙල අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්විය.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සමග එක්ව, මෙරට ප්‍රධානත ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වන ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මගින්, ජනතාව එදිනෙදා මුහුණදෙන සැබෑ ගැටළුවලට පිළියම් ලබාදෙමින් සමාජ සුබසාධනය සඳහා ධනාත්මක බලපෑමක් කළ හැකි ඩිජිටල් තාක්ෂණය යොදාගත් නවොත්පාදකයන් ඇගයුමට ලක්කෙරිණි.

විවිධ ක්ෂේත්‍රවල දේශීය හා විදේශීය ප්‍රවීණයන් රැසකගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් විසින් කාණ්ඩ 9ක් යටතේ ජයග්‍රාහකයන් 20 දෙනෙක් තෝරා ගනු ලැබිණි. ඊට අමතරව කුසලතා සම්මාන 15ක් ද, ඇගයුම් සහතිකපත් 8ක් ද මෙහිදී පිරිනැමිණි. අඛණ්ඩව හත්වන වරටත් සංවිධානය කෙරුණු මෙවර සම්මාන උළෙල සඳහා අයදුම්පත් 200කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණි.

ඉ-ස්වාභිමානී සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් හට, එක්සත් ජාතීන්ගේ World Summit on Information Society (WSIS) යටතේ ක්‍රියාත්මක WSA (World Summit Awards) සම්මාන සඳහා ද නිර්දේශ වීමේ අවස්ථාව හිමිවේ. WSA සම්මාන සඳහා වන ජාතික විශේෂඥ ආයතනය වන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය WSA සම්මාන සඳහා අයදුම්කරුවන් අට දෙනෙකු යොමු කිරීමට කටයුතු කළේය.

මෙවර සම්මාන උළෙලේ විශේෂත්වය නම්, එලෙස යොමු කරන ලද අයදුම්කරුවන් අතරින් සය දෙනෙකු ම අවසාන වටය සඳහා සුදුසුකම් ලැබූ අතර, එලෙස අවසාන වටය සඳහා සුදුසුකම් ලැබූවන්ගේ සංඛ්‍යාවෙන් ශ්‍රී ලංකාව දෙවැනි වූයේ ජර්මනියට පමණි. chargeNET, Sciocardio සහ Yathra යන අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූවන් අතරින් chargeNET සුහුරු ජන ස්ථාපනය සහ නාගරීකරණ (Smart Settlement and Urbanization) කාණ්ඩයෙන් ජයග්‍රහණය හිමිකර ගත්තේය. chargeNET (Pvt) Ltd යනු Codegen (Pvt) Ltd සමාගමට අනුබද්ධිත සමාගමකි.

මෙහිදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

“මෙම අමාත්‍යංශය ස්ථාපනය කළේ ඩිජිටල් සමාජ නවෝත්පාදකයන් සියලු දෙනාටම සාර්ථක වීමේ මගක් ලෙසයි. ශ්‍රී ලංකා රජය විවිධ වැඩසටහන් රැසක් දියත් කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විස්මිත දෑ රැසක් සිදුවෙමින් පවතින බව ද ඔබට දැනුම් දෙන්නේ ඉතා ආඩම්බරයෙන්. දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති පිළිබඳ සැලකීමේදී, 2025 වන විට ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු දිවයිනක් බවට පත්වනු ඇති බව අපගේ විශ්වාසයයි. මෙම ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමේ ප්‍රධානත ම පාර්ශ්වකරුවන් වන්නේ ඔබයි. ඔබ සියලු දෙනා උත්සාහය අත් නොහැර මේ රට ලෝකයේ ඉහළ ම තැනක රැඳවීමට කැපවනු ඇතැයි මා බලාපොරොත්තු වනවා”.

“අනාගතයේදී අපට හිමිවන අවස්ථා සහ තවත් වසර පහක් හෝ දහයක් තුළ අපගේ ශ්‍රම බලකායට ඇතුළත්වන ඩිජිටල් දැනුමින් පොහොසත් පිරිස පිළිබඳ සැලකීමේදී, ඩිජිටල්කරණය සඳහා අපගේ රට විශිෂ්ට තෝතැන්නක් බවට පත්වනු ඇති බව මාගේ විශ්වාසයයි. ඔබ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යන ගාමක බලවේගය බවට පත්වෙමින්, ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් බලසම්පන්න රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා කැපවනු ඇති බවට මා බලාපොරොත්තු වනවා”.

ඉ-ස්වාභිමානී සම්මාන උළෙල සඳහා පැමිණි සියලු දෙනා පිළිගනිමින් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ආයතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක් මහත්මිය සඳහන් කළේ, ඩිජිටල් පරිණාමය සියලු කර්මාන්ත සහ වෙළඳපල සිසාරා පැතිරෙමින් ඇති බැවින්, ඩිජිටල් ආර්ථිකයකට පියමං කරන රටක් ලෙස අප සියලු දෙනාගේ සහභාගිත්වය සහිත වර්ධනයක් අත්පත් කර ගැනීම වැදගත් වන බවය. “වසරින් වසර ඉ-ස්වාභිමානී සම්මාන උළෙල සෑම අතින්ම පුළුල්වන බවත්, සමාජ සුබසාධනය සඳහාවන යෙදවුම් සඳහා එමගින් විශාල පිටුබලයක් හිමිවන බවත් අපට දැකගත හැකිවී තිබෙනවා” යනුවෙන් ද ඇය වැඩිදුරටත් මෙහිදී අදහස් පළ කර සිටියාය.

“ඉ-ස්වාභිමානී සම්මාන උළෙල මගින් තාක්ෂණික විශිෂ්ටත්වය මෙන්ම, සමාජය තුළ ධනාත්මක බලපෑමක් ඇති කරන නවෝත්පාදකයන් ද ඇගයුමට ලක්කෙරෙන බැවින් මෙය අනෙකුත් සම්මාන උළෙලවලට වඩා සුවිශේෂී වනවා. ඉ-ස්වාභිමානී සම්මාන උළෙල මෙතෙකින් නිමා වන්නේ නැහැ. මෙම නිෂ්පාදන සහ විසඳුම් ඉදිරි සංවර්ධන අදියර දක්වා ගෙන යාමට ඔබ සියලු දෙනාගේ සහයෝගය අපට අවශ්‍ය වනවා” ඇය අවසාන වශයෙන් සඳහන් කළාය.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර, රජයේ උසස් නිළධාරීන්, ව්‍යාපාරිකයන්, ඩිජිටල් ව්‍යවසායකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් ද ඊට සහභාගී වූහ.

– මංජුල ප්‍රදීප් රෝෂන්

9 views

38 Comments to “මුළු ශ‍්‍රී ලංකාවම ඩිජිටල් කරනවා..- හරීන්”

  1. Prof Samare says:

    ICTA
    (2004 -2015) e-Mpowered Sri Lanka to
    (2015-2018) f-Ailed Sri Lanka

  2. අබරන් ගොය්යා says:

    එතකොට තොපේ මව් තුම්යත් ඩිජිටල් කොරනවද? නියමයි.

  3. රාජ says:

    මෙයාකා digital කියන වචනය ඇහුවේත් ඇමති දුරය ගන්නකොට. කොහොමද දන්නේ නැ රටම digital කරන්නේ එතකොට analog කියන්නේ මොකක්ද අහන්න මෙයාකට හීන් දාඩිය දායි

  4. vishnu says:

    උඹ කියන්න ඕනේ නෑ පරයො කව්රු හිටියත් නැතත්
    2025 වේනකොට ඉනිවාර්යයෙන්ම වෙනදෙයක්. උඹ
    උඹේ පාඩුවෙ අම්මට digital කර කර හිටපන්

Main News