මූඩීස්ට වැරදිලා.. ලංකාව ස්ථාවරයි..- ඇමති කබ්රාල්

October 1, 2020 at 10:40 am | lanka C news
මූඩීස්ට වැරදිලා.. ලංකාව ස්ථාවරයි..- ඇමති කබ්රාල්

මූඩීස් ජාත්‍යන්තර වර්ගීකරණ ආයතන විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණි ගත කිරීම් වලින් පහතට ඇද දැමීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කණස්සල්ල පලකරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තීරණය ගෙන ඇත්තේ මූඩීස් ආයතනය විසින් වැරදි විශ්ලේෂණයකින් පසුව බවයි.

ශ‍්‍රී ලංකාව වසර 5කට පසුව මේ වන විට දේශපාලන ස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත් එනිසා ව්‍යාපාරික විශ්වාසය ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කරයි.

නමුත් මූඩීස් ආයතනය ඒ කරුණු ගැන සැලකිල්ලක් දක්වා නැතැයිද ඇමැතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ භූමියේ තත්ත්වය, ප්‍රායෝගික කරුණු, ආර්ථිකයේ සිදුවන වෙනස්කම් ආදී කාරණා ද මූඩීස් ආයතනය විසින් සැලකිල්ලට ගෙන නැති බව ද ඔහු සඳහන් කළේය.

මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ඉදිරියේ දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරෙන බවත් එය නිසි පරිදි ගෙවා අවසන් කරන බවත් ඇමතිවරයා එහිදී තව දුරටත් සඳහන් කළේය.

24,943 views

21 Comments to “මූඩීස්ට වැරදිලා.. ලංකාව ස්ථාවරයි..- ඇමති කබ්රාල්”

  1. Aurora says:

    මූඩිස්ට වැරදිලා නැහැ, ඕනෑකමින්ම ලංකාව රේටින්ස් වලින් පහලට දමලා තියෙන්නේ. ඔය වගේම තමයි ෆෝබ්ස් විසින් ලංකාව කොරෝනා දර්ශකයෙන් පහළ දැම්මේ. මේවා වැරදීම් නොවෙයි, දැනුවත්වම කරණ කුමන්ත්‍රණකාරී වැඩ. උන්ව මෙහෙයවන බලවත් රටවල් අපේ රට උන් අකැමති රාජපක්‍ෂවරු යුද්දේ දිනුවට අකැමැති වගේම කොරෝනා පරාජය කළාටත් අකැමැතියි. වර්තමානයේ අනුගමනය කරණ දේශීය චින්තනය පෙරටුකරගත් නිෂ්පාදන ආර්ථිකයටත් අකැමතියි. අපේ ඉදිරි ගමන අවහිරකරලා උන් ළඟ දනගස්සන්න, MCC අත්සන් කරවලා අපේ ඉඩම් කොල්ලකන්න කරන උත්සහයක්. ඒ සඳහා අපේ ඩොලර් සංචිත අඩුකරලා MCC එකෙන් 480 USD අරගන්න තත්වයට අපිව හිරකරන්න කරන උත්සාහයේ මුල් පියවරවල් තමයි මේ.

    • SL MAN says:

      Good analysis …

      • Banda says:

        යුද්දේ දිනුව කියල මහින්දල කලේ හොරා කෑම කොමිස් ගැහීම පමනයි. ගෝටා ජනාධිපති වීමෙන් පසු යම් බලාපොරොත්තුවක් ඇතිකලා. නමුත් ඔහුට අවස්‍ය බලය නෑ. මුදල් ඇමති දූරය මහින්දට දෙන්ඩ එපා කියා බොහෝ දෙනෙක් කීව. කබ්‍රාල් සමග එකතුවෙලා සුපුරුදු ගේම පටන් අරන්. මෝඩි රේටිං නිවරදියි. තව ටික දිනකින් මහින්දයි කබ්‍රාලුයි මහ බැංකුවේ පුටු මේස ටිකවත් ඉතිරි කලොත් තමා පුදුමේ .ගෝටාබය පබයෙක් පමනයි

    • Hudson says:

      Machan, umbe maha ekane MCC athsan karanna dan yanne. Mooods NGO kaaraya. Kabral Deyya.

    • Crazy says:

      සත්‍යයක්. අතිතයෙ පරිදි අපිටම අනන්‍ය වු ජිවන රටවක් පලන සහ අර්තික ක්‍රමයක් ගොඩනැගිය යුතුය. එකිනෙකා පරයමින් ස්වභාවික පරිසරයත් විනශකරමින් අතෘප්තිකර සහ අසහනකරි තමටත් නොමැති අනුන්ට්ත් නොමැති ජිවන රටවෙන් ජනතාව ගලවාගත යුතුය.

    • Sumanthiran says:

      THis is good boys.. now no big investors will come to sri Lanka. So we will have to focus on funding on ourselves even with hardships and developing our industries. We can become self sufficient much faster. Let them keep their dollars and ratings. In few years, they will ignore their ratings and come after us for business.

    • Appuwa says:

      Malli. Naya tika gewala Katha karanna…

    • mcc says:

      උඹ කැළේ කපද්දි මිනීමරුවො පාර්ලිමේන්තුව එද්දි ඒකාධිපති 20 ගේද්දි කටපියන් හිටිය වගේ දැනුත් කටපියන් හිටපං.ප්‍රස්නෙ තමාගෙ නොවන කල දාර්ශනිකයි වගේනෙ හිටියෙ එහෙම හිටහං

    • Memopad says:

      Your analysis are perfectly right. No questions on that. When rating agencies downgraded US in 2008, then President Barak Obama, brushed aside their ratings giving no notice on it. Modyees are blind to observe, the destructive pandemic destroying all Economies in the world, but now trying to scoff us, thinking we are ignorant like many others.

  2. Jagath says:

    මූඩිස් ට වැරදිලා නෑ යකෝ . තෝ වගේ පල් හොරෙක් ට ඇමැතිකම් දුන්න රාජපක්ෂ ලොක්කා ට හැර.

  3. බන්ඩා says:

    මූඩිස්ට ආර්තිකය ගැන වැරදුනෙත් නැහැ ෆෝබ්ස්ට කොවිඩ්-19 ගැන වැරදුනෙත් නැහැ. බටහිරයන් සහ උන්ගෙ ජර්නල්ස් ප්ලෑන් කර රාජපක්ෂලා වට්ටන්න ගහනවා.

    • හතර හිනා says:

      මුන් පස්ස ඉරාග‌ෙන මේ ඔක්තෝබර් ණය ටික ග‌ෙව්ව ගමන් Moody’s රේටින්ස් up කරනවා..එතකොට මූ උඩ පනියි මූූූූඩි අපිව අප් කරලා කියලා

  4. බන්ඩා says:

    මූඩිස්ට ආර්තිකය ගැන වැරදුනෙත් නැහැ ෆෝබ්ස්ට කොවිඩ්-19 ගැන වැරදුනෙත් නැහැ. බටහිරයන් සහ උන්ගෙ ජර්නල්ස් ප්ලෑන් කර රාජපක්ෂලා වට්ටන්න ගහනවා. මතකද බෑන්කස් ජර්නල් එක හොර රවියා ලෝකෙ හොඳම මුදල් ඇමටි කලා අපි අපේ රට වැසියන්ට ඇත්ත පහදා දිය යුතුය්.

  5. දුටුගැමුණු says:

    පර බල්ලන් ගේ ලෝක සංවිධාන අපි තුට්ටුවකට මායිම් කරන්නේ නෑ යකෝ ! අපි අපේ ගමන යනවා !

  6. Banda says:

    Moody’s is a technical analysis based on economic numbers and fundamentals. Cabral is singing for his political masters.

  7. Alosius says:

    Wradune Moodsta nemei, Greeciyatai saha Hedgin givisum walàtai!

  8. සිද්ධාර්ථ says:

    වැරදුනේ මූඩීස්ලට නෙමේ….. කරැමෙට ලංකාවේ උපන් අපිටයි……

  9. S.Vitharana says:

    ඇමතිට Economics ඉගැන්වු. එකා අල්ලල හිරගෙට දමන්න ඕනේ.

  10. felix says:

    Cabral Ekka … Meke Answer Karana Econimic Ostharlage Kade Yeema Vihiluwak? Economy Eka Paba Gaalak….Mulu Ratama Loketa Nayayi…. Oil Mila Adu Unata, Eke Laaben, Dollar Eke Paaduwa Piyawa Gannawa…. !

Main News