මූඩීස් ලංකාව තවත් පහල දමයි.. දැන් ඇංගෝලාව, කොංගෝ කණ්ඩයේ..

September 29, 2020 at 11:25 am | lanka C news
මූඩීස් ලංකාව තවත් පහල දමයි.. දැන් ඇංගෝලාව, කොංගෝ කණ්ඩයේ..

ශ්‍රී ලංකාවේ ආර්ථික ශ්‍රේණිගත කිරීම තවත් පහත කැපීමට ලෝ ප්‍රකට මූඩීස් ආයතනය විසින් කටයුතු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව Caa1 දක්වා පහත දමා ඇති අතර මෙතෙක් පැවතියේ B2 ශ්‍රේණියේ ය.

මෙසේ ශ්‍රේණිය පහත දැමීමට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ මන්දගාමී ආර්ථික ප්‍රතිසංස්කරණ, අයවැය හිගය, දුර්වල ආයතනය ක්‍රියාකාරීත්වය යන සාධක බවයි.

ලංකාව ඉතාම ඉහළ ණය අවදානම දක්වා ඇති රටක් ඇයි ද ඔවුන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව මෙම කාණ්ඩයට අයත් සෙසු රටවල් අතර කොංගෝව, අංගෝලාව, ඉරාකය මාලි, ගැබෝන්, බාබඩෝස් වැනි රාජ්‍යයන් වෙයි.

කෙසේ වෙතත් මෙම පහත දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ එසේ පහත දැමීම කණගාටුවට කරුණක් බවයි.

කොරෝනා වසංගතයෙන් පසුව නැවත ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් අය වැය හිඟය පියවා ගැනීමට කටයුතු කරමින් සිටින බවට මුදල් අමාත්‍යංශය කියා සිටී.

75,536 views

17 Comments to “මූඩීස් ලංකාව තවත් පහල දමයි.. දැන් ඇංගෝලාව, කොංගෝ කණ්ඩයේ..”

    • Hudson says:

      They know a clown is runing the country who gives Sircuthe not circular. so no one trust Sl economy anymore,. so kaala waren 69 lacks bysons. thopita ohoma wela madhi.

      • sinhale le says:

        බැංකු හොරුන්ගේ දේපල රාජසන්තක කර රටේ ණය ගෙවා දමන්න ..යහපාලනේ සිටි සියලුම මැති ඇමතිලා රටේ මුදල් හිගයට වගකිව යුතුයි විශේෂයෙන්ම රනිල්, සිරිසේන ,රාජිත

    • Nimal says:

      ඔහෙට ලජ්ජා නැත්ද අම්මපා, හිටන්ට චන්දෙ දීල ජනාධිපති කරලා,රනිලා අගමැති කරලා මේ රටේ ආර්ථිකය 0 දාල, බෝම්බ ගස්සලා දැන් අහනවා සැපද කියල, ඔහේ ගේ වගකීම හරියට කරානම්? ලජ්ජා වෙන්ඩ ඕනේ ඔහේ . රැල්ලට පැනල වෙනස් කරන්ඩ ගිය උන්. පව්ලකට කෙලවන්ද ගිහින්, රටටම කෙලවපු ඔහෙලා, කොන කපාගෙන මැරෙන්ඩ ඕනේ හරිනම්

  1. narada says:

    මේවා 2015 – 2019 මේ රට පාලනය කරපු කොටලු රෑන කරපු අපරාද, 2015 ආසියාවේ 2වන වැඩිම වර්දන වේගයක් තිබුන අපේ රට, පුදුමයක් නෙමේ ලෝකේ අන්තිම රට උනත්, ජහපලුවෝ කරපු වැඩ ගෙන හිතනකොට, අර සුපිරි මොලේ කරපු දේවල් අනේ අම්මපා ….., ඒත් අපි ගොඩ යනවා ෂුවර්, අපිට ස විස්වාස නිසා රට බාරදුන්නේ

    • Nalaka says:

      ගුවන් තොටුපල මාස ගණන් වහගෙන, වසරකට ඩොලර් බිලියන 5 ක් රටට ගෙනාපු, ඇඟලුම් කර්මාන්තයට පමණක් දෙවෙනි සංචාරක ව්‍යාපාරය පොළවටම සමතලා කරලා ද ගොඩ යන්නේ නාරද?

  2. lotus says:

    we have king RAWANAs technology to develop . don’t want මූඩීස්.

  3. kiribatha says:

    During the last 30 years our country was ruled by the SLFP gang (MR/CBK/MS) who has no idea of how to run an efficient economy. The UNP had parliament majority for about 6 years, but without the executive power. Any sensible person can see who is really responsible for this economic disaster.

  4. Saradiel says:

    අපේ රට 1500 ගණන් වල සිට මංකොල්ල කාපු රටවල් ගැනත් ශ්‍රේණි ගත කරපල්ලා

  5. Otu says:

    69 than uda balagena hitapalla rajapakka pawul aanduwa umbalata dei loku bibikkamak

  6. උක්කුං මල්ලී says:

    කමක් නෑ රාජපක්ෂවරුනේ රට පාලනය කරන්නේ.

  7. Neil says:

    Never loose hope. Don’t be negative.

  8. Sakunthala says:

    දැන් රනිල්ටයි, සිරාටයි බැනලා වැඩක් නෑ. මේකෙන් ගොඩ එන්න මේ ආණ්ඩුවේ තිබෙන ආර්ථික වැඩ පිලිවෙලක් නම් තවම පේන්නේ නෑ. පරණ ආණ්ඩු කෙරුවාව හොඳ නැති හින්දා නේ මේ ආණ්ඩුව අපි පත් කරගත්තේ. අන්තිමට උනුත් එකයි, මුනුත් එකයි කියන එක තමයි කියන්න වෙන්නේ. අනාගතේ චීනුන් මේ රටේ රජ කරන එක නම් විශ්වසයි.