මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස සුදුසුකම් නොමැත්තෙක් පත් කරලා… ඔහු කැසිනෝ ලොක්කෙක්…

March 23, 2022 at 3:22 am | lanka C news
මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස සුදුසුකම් නොමැත්තෙක් පත් කරලා… ඔහු කැසිනෝ ලොක්කෙක්…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මහ බැංකු අධිපතිවරයා වෙත යොමු කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

අධිපතිතුමා
ශ්‍රී ලංකා මහ බැංකුව
කොළඔ 01.

මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස නිසි සුදුසුකම් නොමැති පුද්ගලයෙක් පත්කිරීම සම්බන්ධයෙන් කරනු ලබන පැමිණිල්ලයි.

අංක: 282/1, CBS ගොඩනැගිල්ල, බම්බලපිටිය යන ස්ථානයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යනු ලබන SMB Leasing PLC යන මුල්‍ය ආයතනයේ සභාපතිවරයා ලෙස හේවාවසම්ගේ රවින්ද්‍රනාත් ශ්‍රී ලාල් විජේරත්න නොහොත් කැසිනෝ රවී පත්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙසැම්බර් 31 වන දින නිකුත් කරන ලද අංක 6 – 2021 දරණ බලපත්‍රලාභි මුල්‍ය ආයතන සදහා ප්‍රධානීන් පත්කිරීමේ මගපෙන්වීමේ ලේඛණය උල්ළංඝණය කරමින් අදාල පත්කිරීම සිදුකිරීම සම්බන්ධයෙන් ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරමු.

හේවාවසම්ගේ රවින්ද්‍රනාත් ශ්‍රී ලාල් විජේරත්න නොහොත් කැසිනෝ රවී යන අය අංක: 09, 15 වන පටුමග, කොළඔ 03. දරණ ස්ථානයේ පවත්වාගෙනු යනු ලබන ස්ටාර් ඩස්ට් රෑන්ක් එන්ටර්ටේට්මන්ට් හෝල්ඩින් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි. උක්ත ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන හත්සිය හැටක බදු මුදලක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020-07-24 දින කොළඔ මහේස්ත්‍රාත්තුමා වෙත වාර්තා කරමින් නඩු පවරා ඇත.

මෙවැනි පුද්ගලයෙකු බලපත්‍රලාභී මුල්‍ය සමාගමක ප්‍රධානියෙකු ලෙස කටයුතු කිරීම පාරිභෝගිකයින්ට සිදු කරනු ලබන විශාල අගතියක් වන බැවින් හේවාවසම්ගේ රවින්ද්‍රනාත් ශ්‍රී ලාල් විජේරත්න නොහොත් කැසිනෝ රවී යන අය SMB Leasing PLC යන බලපත්‍රලාභී මුල්‍ය සමාගමේ සභාපතිතනතුරෙන් ඉවත් කිරීම සදහා නිර්දේශ නිකුත් කරන ලෙස ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

පවතින නීති හා රෙගුලාසි වලට අනුව එසේ කටයුතු කිරීමට ඔබ අපොහොසත් වුවහොත් ඔබට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද දන්වමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

42,713 views

7 Comments to “මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස සුදුසුකම් නොමැත්තෙක් පත් කරලා… ඔහු කැසිනෝ ලොක්කෙක්…”

  1. Sakshi says:

    This is simple. Commercial bank chairman is just an Engineer without any banking related qualifications. This is a Sri Lanka.

  2. වරද මොකද ආසනම්...උස නම් සිකූරිටි... says:

    කැසිනෝ ගහන්න පූලූවන් නමි බදවා ගැනීමේ පරිපාටිය අනූව ඔහූ තනතුරට සූදූසූය. අශ්ව රේස් කාරයෝ බූකී කාරයෝ මසාජ් ලදූන් ගැනත් සලකා බලනූ ලැබේ.

  3. Saman says:

    Eka institute ekaka lokka qualified nehe kiyala gema illanawa, e unata mulu country ekama control karanna /kisima qualifications ekak nethi harak tikak path Karala,eyalage chutee molen Rata vinasa karana heti paduwe balan innawa.

  4. G S Garusinghe says:

    මෙම තන්තුර සදහා පලපුරුදු කේන්දර කාරයෙක් හෝ ඒලියන්ත වයිට් වැනි රටේ වෙදෙක් පත්කිරීමට කටයුතු කරන්න.

  5. Nihal Jayaweera says:

    Thank you for taking this up in a bold manner and all should support this organization’s initiative instead of making useless comments.
    NJ

  6. Thulsi says:

    Lankawe sudussan rata dala yanawa.nusudussan path wenawa. Ane ape rata devi phitai

  7. chand says:

    It is very bad to here these things. Banking and Financial sector should be managed and led by qualified, independent decision makers with highest integrity

Main News