මෘතදේහ ආදාහන ගැසට් එක ගැහුවේ කොරෝනා ගැන මොකුත් නොදන්නා කාලෙක..

January 5, 2021 at 2:10 pm | lanka C news
මෘතදේහ ආදාහන ගැසට් එක ගැහුවේ කොරෝනා ගැන මොකුත් නොදන්නා කාලෙක..

කොරෝනා මෘත දේ ආදාහනය දැන් පවතින නීතිය අනුව සිදුකළ යුතු බව කොරෝනා මර්ධන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

කොරෝනා ගැන කිසිවක් නොදන්නා කාලයේ දී එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවද ඇය සඳහන් කළාය.

එම නීතිය මෙතෙක් වෙනස් වී නැති බවත් දැන්ද සිදු කරන්නේ ආදාහනය බවත් ඇය පවසයි.

නමුත් දැන් හෙලි වී ඇති විද්‍යාත්මක තොරතුරු මත කොරෝනා මෘත දේහ භූමදානය කල හැකි බවට මත ඉදිරිප්ත වී ඇති බවත් කොරෝනා වෛරසය ජලය හරහා බෝ නොවන බවත් ඇය පවසයි.

යම් හෙයකින් මලසිරුරු හරහා ජලයට විෂබීජ එකතු විය හැකි නම් එය අවම කළ හැකි බවද ඇය සඳහන් කරන්නීය.

කෙසේ නමුත් වතුර බිව්වා කියා කොරෝනා වැලඳෙන්නේ නැතැයිද ඇය පෙන්වා දෙයි.

24,292 views

24 Comments to “මෘතදේහ ආදාහන ගැසට් එක ගැහුවේ කොරෝනා ගැන මොකුත් නොදන්නා කාලෙක..”

  1. On The Spot says:

    කිසිවක් නොදන්නා මිනිසුන් මෙවන් විශේෂඥ එළදෙනුන් පත් කර එවීමේ පල විපාක දැන් භුක්ති විඳිමින් සිටී.කොරෝනා ගැන කිසිවක් නොදන්නා කාලයේ මල සිරුරු භූමදානය කලා නම් කම් නැත​.දැන් සියල්ල අධ්‍යයනය කර ඇති මොහොතකත් රිවස් එකටම යන්නට දඟලන මේ විශේෂඥ නෝනා කලින් උන්නේ බන්ධනාගාරය භාරවය​.ඇය බන්ධනාගාරයෙන් පැන්නූ රිවස් පෙත්ත ගහලාදැයි දැන් සැකයක් මතුවේ.ගම්පහෙන් ගෙනා අං පහේ නෝනා!!!!!!!!

  2. Billa says:

    මෙයා තමයි විනාශයේ ඇමති. මහර වනසපු ඇමති තමයි මේ. හොදටම තිබුන මහර බන්ධනාගාරයට මැගසින් බන්ධනාගාරයේ කොරොනා රෝගින් යවලා වැඩේ අලකලා. මහර කොරොනා පාලනය කලේ දේශිය වෙදකමින්. ඒක කඩාකප්පල් කරන්න තමයි මැගසින් බන්ධනාගාරයේ කොරොනා රෝගින් 150 මහරට යැව්වේ. මෙයා කොරොනා ඇමති කමේ තවදුරටත් හිටියොත් මෙයා ආන්ඩුවත් භූමදානය කරලා තමයි නතරකරන්නේ.

  3. panchayude says:

    ජනාධිපතිතුමාගේ මුවින් පිටවන දේවල් චක්‍ර ලේඛනයක් හා සමාන වෙනවා නම්,කොරෝනා රාජ්‍ය ඇමතිනි,විශීෂඥ වෛග්‍ය සුදර්ශනිගේ මේ ප්‍රකාශයත් කොරෝනා මල සිරුරු භුමිදානයට ඉඩ දියහැකි බවට ගැසට් එකක් හා සමානයි.එනිසා අපි මේ ඩබල් ගේම් ආණ්ඩුවට අපි කියනවා,මුස්ලිම් ජාතිකයින්ගේ ඉතාම සංවේදී කරුණක් වන ආගමික විශ්වාසය තවදුරටත් හෑල්ලු නොකර වහාම කොරෝනා වලින් මැරෙන අයගේ මල සිරුරු භුමිදානයට අවසර දෙන ගැසට්ටුව වහාම නිකුත් කරන්න කියල. – ජාතිවාදීන් නොවන,වහල්ලු නොවන සිංහල ජනතාව

  4. de silva says:

    But Sinhala janathawa. She only knows all about Corona. No one else know_ not even how to cure it. We will have to wait and see how the vaccine works. And everyone knows that the virus can change its structure. Is this the time to lessen control.SL is too poor to be bold and ecperimental

Main News