මෙක්සිකෝ පන්නයේ පාතාල කල්ලි ගැටුමකින් කොළඹ වෙවුලයි.. වෙඩි තබා හතරක් මරයි.. හතක් රෝහලේ.. [Video]

October 24, 2016 at 7:06 am | lanka C news
මෙක්සිකෝ පන්නයේ පාතාල කල්ලි ගැටුමකින් කොළඹ වෙවුලයි.. වෙඩි තබා හතරක් මරයි.. හතක් රෝහලේ.. [Video]

ඊයේ පස්වරුවේ මට්ටක්කකුලි සමිට්පුරදී සිදු වූ වෙඩි තැබීමකින් මිය ගිය පිරිස හතරක් දක්වා ඉහල ගොස් තිබේ.

එම වෙඩි තැබීමෙන් බරපතල තත්වයේ පසුවන තවත් දෙදෙනෙක් කොලඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බව පැවසෙන්නේ මත්කුඩු ජාවාරම් කරන පාතාල කල්ලි දෙකක් අතරයි.

වෙඩි තැබූ පිරිස මේ වන විට ප‍්‍රදේශයෙන් පලා ගොස් සිටින අතර ඔවුන් සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

24 views

8 Comments to “මෙක්සිකෝ පන්නයේ පාතාල කල්ලි ගැටුමකින් කොළඹ වෙවුලයි.. වෙඩි තබා හතරක් මරයි.. හතක් රෝහලේ.. [Video]”

  1. කොලොන්නාවේ බඩ​සුද්දා says:

    මීට කලිනුත් ඔහොම එකක් වෙලා එක්කෙනෙක් මැරුන​. තව එක්කෙනෙක් ඔලු කට්ට පුපුරල සිංගප්පූරු ගිහින් බේරගෙන ආව.
    දැන් හිරේ. මැරුන එක්කෙනාගෙ දුව නම් ඒ පිහිටෙන් පාර්ලිමේන්තු ගියාලු.

    • නිහමසිංහ says:

      ගිණි කෙලි සහ ගිණි අවි කරුනානායගම් එක් පසෙක අනිත් එවුන් කවුද?

    • Amda says:

      Yahapalanaya shining !

    • Champa says:

      මේ comment එක අතිගරු ජනාධිපතිතුමාට

      රටේ පාලනය ඔබේ අතට ගන්න. ‘නීතිය හා සාමය අමාත්‍යංශය’ ජනාධිපති අතට පවරා ගෙන, දුමින්ද වගේ තමන්ට හිතවත්, විශ්වාසවන්ත කෙනෙක් නියෝජ්‍ය ඇමති කරලා පොලීසියට උපදෙස් දෙන්න කියන්න. සමහර දේවල් වලට මම IGP ට බැන්නට මොකොද එයා දක්ෂයෙක්. මුකුත් කරන්න බැරිවෙලා තියෙන්නේ පොලීසිය බාර ඇමතිගෙන් අවසර නැතුව එයාට වැඩ කරන්න බැරි නිසා වෙන්න ඕනේ. පොලිස්පතිතුමාට නිදහසේ වැඩ කරන්න නම් කඩා කප්පල්කාරී UNP ඇමතිව ඉවත් කරන්න. රටේ සාමය ඇති කරන එක IGPට බාර දෙන්න පුළුවන් ඉක්මනට. මෙහෙම කියන්නේ මේ විදියේ සිදුවීම්, වෙඩි තමා ගැනීම්, කලකෝලාහල එකපාරම මුළු රට පුරාම ඇති වෙන්න ඉඩ තියෙන නිසා. එතකොට පාලනය කරන්න අමාරු වෙයි. ප්‍රශ්න ඔඩු දුවයි. කලබල ඇතිවෙයි. එන පොට හොඳ නැහැ කියලා දැන් ඔබතුමාට තේරෙන්න ඕනේ. වහාම ක්‍රියාත්මක වීමයි වැදගත්.

      LankaCNews එකට ස්තුති වෙන්න මම ඔබේ පුවත්පත් සාකච්චා දෙකම සම්පූර්ණයෙන් කියැව්වා. මම වෙන තැනකට ගිහින් ඕක කියවන්නේ නැහැ. කියපු සමහර දේවල් වලට මම එකඟ නැති වුනත්, ඒකේ ඔබතුමා අදහස් පල කරලා තිබුන හැටියට, මිනිස්සු කියන විදියේ “ළමයෙක්” නෙමෙයි ඔබ. ඔබට හුඟක් දැනුම් තේරුම් තියෙනවා. ඔබට ඇමති කෙනෙක් විදියට වැඩ කරලා විශාල පළපුරුද්දක් තියෙනවා. ඔබට තියෙන මේ පළපුරුද්දේ වටිනාකම ආචාර්ය උපාධියකටත් වඩා ඉහලයි. ඔබට රට හොඳින් පාලනය කරන්න බැරි කමක් නැහැ. මෙච්චර කල් ඔබතුමා කරලා තියෙන්නේ කිසි පළපුරුද්දක් නැති ළදරු අගමැතිතුමා රටේ සම්පූර්ණ පරිපාලන, අධිකරණ, ආර්ථික, සමාජීය පද්ධතියම බිඳ වට්ටන එක දිහා උපේක්ෂාවෙන් බලා ඉඳීම. ඕක තවදුරටත් හරි යන්නේ නැහැ. එක්කෝ ඔබතුමා විධායක ජනාධිපති ධූරය සක්‍රීය කරලා රට පාලනය කරන්න පටන් ගන්න, නැත්නම් ඕක දාලා යන්න.

      ඊළඟට, උතුරේ ප්‍රශ්න වැඩිදුර යන්න දෙන්නේ නැතුව විසඳන්න. අගමැතිතුමා උවමනාවෙන්ම හමුදාව බැරැක්ක වලට හිර කරලා උතුරේ පරිපාලනය අවුල් කළා. හමුදාව හෑල්ලු කලා. උතුරේ පාලනය නැවත හමුදාවට බාර දෙන්න. මහේෂ් දක්ෂයෙක්‌. මම දන්නා විදියට ඔහුගේ කලින් field එක defense procurement (?). ඔහු උතුර සාමකාමී කරයි. පහුගිය දවසක මම දැක්ක ඔහු කියනවා තව එක අඟලක්වත් පලාලි අධි ආරක්‍ෂිත කලාපයෙන් දෙන්නේ නැහැ කියලා . ඔහු බය නැතුව කෙලින් කතා කරන, කෙලින් වැඩ කරන කෙනෙක්.

      ඊළඟට, උතුරු මුහුදේ නාවුක හමුදාව “සක්‍රීය” කරන්න. හොඳට මතක තියා ගන්න, උතුරු මුහුදින් එන්නේ හොර බඩු, මත්ද්‍රව්‍ය විතරක් නෙමෙයි කියන එක. නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති කැඳවලා ඒ ගොල්ලන්ට උපදෙස් දෙන්න. උතුරේ ආරක්ෂාව හමුදාවට බාර ගන්න කියන්න. තීරණ ගන්න බය වෙන්න එපා ජනාධිපතිතුමා. ඔබ කෙලින් වැඩ කලේ නැත්නම් රටම අනතුරේ. හිටපු ආරක්ෂක ලේකම්තුමා වගේ පළපුරුද්දක් ඔබට නැති නිසා ඔබට එකින් එකට කරන්නේ මොනවාද කියලා කියන බැරුව ඇති. කරන්න තියෙන හොඳම දේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට කියන්න ඕනේ ඒ අය කලින්, ඒ කියන්නේ ජනාධිපතිවරනෙට කලින් රටේ ආරක්ෂාව තිබුණු පිළිවෙලටම කරන්න කියලා. ආරක්ෂක අංශ වල කිසි කෙනෙක් ඔබට විරුද්ධව වැඩ කරන්නේ නැහැ. මේ අයට හොඳ විනයක් තියෙනවා. රටේ නීතිය හා සාමය ආරක්ෂා කලාට පස්සේ, රට වෙනුවෙන් කරන්න ඔබට හුඟක් වැඩ තියෙනවා. මට පුළුවන් විදියට, මට දන්න විදියට, මට තේරෙන විදියට එකින් එක කියන්නම්

      මට දේශපාලනයක් නැහැ ජනාධිපතිතුමා. මම මේක අවුරුදු දෙකක ඉඳන් කියනවා. අවුරුදු දෙකක් අපි වැඩ බැරි UNP ආණ්ඩුවට වැඩ පෙන්නන්න කියල කිව්වා. වැඩ බැරිනම් කොහොමද වැඩ පෙන්නන්නේ? ඒක විහිළුවක්. මම මගේ රටට හුඟක් ආදරෙයි ජනාධිපතිතුමා. අගමැතිතුමායි, UNP ආණ්ඩුවයි රට විනාශ කරන එක තවදුරටත් මට බලා ඉන්න බැහැ. විධායකය අහෝසි කරන්න කතාව ආපු හැම වෙලාවෙම මම ඒකට, විමල්ගේ භාෂාවෙන් කියනවා නම් “මුදුන දුර්වල කරලා පරිධිය විශාල කරන” එකට තදින් විරුද්ධ වුනා. ජනතාවගේ පැත්තේ ඉන්න කෙනෙක් විදියට, මම හැම තිස්සෙම හිතන්නේ රටට වඩා හොඳම දේ මොකක්ද කියල. මේ වෙලාවේ රට විනාශයෙන් බේරා ගන්න අපිට තියෙන එකම පිහිට විධායක ජනාධිපතිකම. මම මේක දැන් කියන එකක් නෙමෙයි, විධායක ජනාධිපතිකම අහෝසි කරන කතා ආපු හැම වෙලාවෙම කිව්වා. ඇස් ඇරගෙන ඉන්නවා නම්, වටපිටාව හොඳට පේනවා නම්, රටේ පාලනය තමන් අතට ගන්න කාලේ හරි කියල ඔබතුමාට තේරෙන්න ඕනේ.

      This is your moment of rude awakening to the reality, Mr. President. Stand up and face your challenges and be the “man” the country needs.

  2. UNP රජයක් නම් පත්තරවල මේ නිවුස්ම තමයි.

    උදේට නිවුස්වල පොලිස් පුවත් වල මිණීමැරුම්
    දවල්ට නිවුස්වල පොලිස් පුවත් වල මිණීමැරුම්
    රෑට නිවුස්වල පොලිස් පුවත් වල මිණීමැරුම

    ඔබ පැතූ වෙනස.

  3. DIGA JANTHU says:

    Menna tawath chanda prathipalaya

  4. SAAAAAAAAAAYYYYYYYYYYEEEEEEEEEESSSSSSSSSS

    මේවයින් පෙනෙන්නේ අද
    ලංකාවේ නීතිය බල්ලට ගොස් ඇති බවය.

    දූෂණයට ලක් වූ බව කියන කාන්තාවකට පොල්පිති පහර සියයක් ගැසූ පුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ…
    පොල්පිති පහර 100ක දඬුවමක් දුන් පල්ලියේ 4ක් දින නියමයක් නොමැතිව රිමාන්ඩ් – පුත්තලම මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක්……..

Main News