මෙගාපොලිස් ඇමති චම්පිකගේ තවත් යෝද වැඩක් අද බෙල්ලවිල ව්‍යයාම මංතිරුව අසලදි දැකබලා ගැනිමට ආරාධනා…
October 29, 2017 at 8:40 am | lanka C news
අද (29) සවස 5 ට මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යා චම්පික රණවක මහතාගේ මග පෙන්විම යටතේ ඇති ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් ඉදිකල ශාරිරික ව්‍යායායාම පරිශ්‍රයක් පාඨලි චම්පික රණවක අමාත්‍යවරයා විසින් ජනතාව අතට පත් කරන බවට ප්රචාරක බැනර් ප්‍රදර්ශනය කොට ඇත.
මහින්ද රාජපක්ෂ යුගයේ බෙල්ලන්විල රත්තනපිටිය බොරැලැස්ගමුව ප්‍රදේශයන් ආවරණය වන ලෙස කිලෝමීටර් 2.8 ක ව්‍යයායාම මංතිරුව බයිසිකල් ධාවන පථය මෙන්ම රථ ගාල් 2 ක් සහිතව ඉදිකලහ. අංග සම්පූර්ණ විවේක පහසුකම් සහිතව අති නවීන වැසිකිලි පහසුකම්වලින් යුක්තව බෙල්ලන්විල ශාරිරික පරිශ්‍රය අක්කර 100 කට ආසන්න ප්‍රමාණයක් සංවර්ධනය කොට ඉදි කල අතර මෙය එකල නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක් ව්යාපතියකි.
මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යා චම්පික රණවක මහතා යහපාලන ආණ්ඩුවේ වසර දෙකහමාරක් කාලයක් තුල සිදු කල විශිෂ්ට සේවයේ තවත් යෝධ පියවරක් ලෙස එසේ ඉදිකල ශාරිරික ව්‍යායායාම පරිශ්‍රය තුල තවත් ශාරිරික ව්‍යායායාම පරිශ්‍රයක් ඉදි කලහ. රත්තනපිටිය රථ ගාල ආසන්නයේ කිලෝමීටර් 1.3 ආසන්නයේ කුරුල්ලන් සඳහා වෙන්කොට තිබු පර්චස් 60 ක් පමණ සුන්දරත්වයෙන් පිරි වගුරු බිම් කොටසක් පුරවා අති විශාල පුවරුවක් සවි කොට කෘතිම ලෙස සකසන ඉඩම් කොටසක් එහි සෞන්දර්යත්වයේ වටිනාකම (Aesthetic value) විනාශ කොට මෙම ඉදිකිරිම සිදු කොට ඇත.
එමෙන්ම අද අමාත්‍යවරයාගේ විවෘත කිරිම සනිටුහන් කිරිමට ඉදිකල පුවරුව එහි සියලු සංවර්ධනය කිරිමට ගිය වටිනාකමට සමාන වනුයේ එතරම්ම විශාල පුවරුවක් සවි කිරිම හරහා ඊට පෙර එහි සංවර්ධන කටයුතු වල වටිනාකම අඩුකිරිමට වුවත් දිනකට විශාල පිරිසක් මෙම ශාරිරික ව්‍යායායාම පරිශ්‍රය පාවිච්චි කරන බැවින් ඒ සියල්ලම විශ්මිතයට පත්ව ඇත්තේ අද විවෘත කිරිමට නියමිත පර්චස් 60 භූමිය සංවර්ධනය සඳහා සුදානම් වන ආකාරය දැකිමනි.
ප්‍රදේශයේ ජනතාව විශේෂයෙන්ම මාධ්‍ය ආයතනයකන්ට මෙන්ම අනිකුත් ජනතාවට ඉතා ඕනෑකමින් පැමිනෙන ලෙස ඉල්ලා සිටින්නේ මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වසර දෙකාහාමාරක ප්‍රගතිය මේ විශ්මකර්ම ව්‍යාපතිය නැරැඹීම හරහා දැකබලා ගත හැකි බවයි. එබැවින් අද සවස 5 ට බෙල්ලන්විල ශාරිරික පරිශ්‍රයේ රත්තනපිටිය රථ ගාල අසලින් පැමිනෙන ලෙස සමාජ වෙබ් ජාලා හරහා ආරාධනා කොට ඇත.
FB
වැඩක් නොකර පච කෙලල ජනතාව ගොනාට අන්දන්න නන් දොඩවන පච රණවක.
ආලපාලුවා පට්ට බොරුකාරයෙක් බව මුලු රටම දන්නවා.
ආලපාලු පට්ට බොරුකාර, නන් දොඩවන පච රණවක.
ළමය ලැබෙන්න කලිම්ම බාරගෙන දැන් ලැබුනම නියම තාත්ත වගෙ මමයි කලෙ කියල සහතිකෙට තමන්ගෙම නම දා ගන්න ව වගෙ වැඩක්. අනෙ මෙහෙම ලජ්ජ නැති මිනිහෙක්.