මෙගා ඞීල් නොනැවතේ.. රජයේ ආරක්‍ෂිත වී තොග ඇමති ගෝලයෝ අඩු මිලට ගනිති.. අත්පිට ලාබ තියාගෙන රජයේ ගබඩා තුලදීම විකුණති..

December 27, 2016 at 10:00 am | lanka C news
මෙගා ඞීල් නොනැවතේ.. රජයේ ආරක්‍ෂිත වී තොග ඇමති ගෝලයෝ අඩු මිලට ගනිති.. අත්පිට ලාබ තියාගෙන රජයේ ගබඩා තුලදීම විකුණති..

රට පුරා ඉහල ගොස් තිබෙන සහල් මිල පාලනය කිරීම සදහා රජයේ ආරක්‍ෂිත වී තොග මුදා හරින බවට ප‍්‍රකාශ වුවද එම වී කිලෝවක් රුපියල් 43.75 බැගින් අතරමැදියන්ට විකුණා දමමින් සිටින බවට සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

මේ අතර මෙම මිලට විකුණා දමන වී තොග එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකුගේ හිතවතුන් විසින් රජයේ ගබඩා තුළ තබාගෙනම කිලෝවක් රුපියල් 49කට මහා පරිමාණ මෝල් හිමියන්ට විකුණමින් සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

මේ තත්වය මත ස්ථිර වශයෙන්ම රටේ වී හි`ගයක් ඇති වන බවත් ඒ අනුව සහල් හි`ගයක් ඇති වීම අනිවාර්ය බවත් සම්මේපනය වැඩි දුරටත් කියයි.

27 views