මෙගා ඞීල් මෙන්න… වරාය සේවක රක්‍ෂණය වසා දැමූ රක්‍ෂණ සමාගමකට…

October 10, 2016 at 6:48 pm | lanka C news
මෙගා ඞීල් මෙන්න… වරාය සේවක රක්‍ෂණය වසා දැමූ රක්‍ෂණ සමාගමකට…

වරාය අධිකාරයේ සේවක රක්‍ෂණය M*** රක්‍ෂණ සමාගමකට ලබාදීම හරහා ප‍්‍රබල ඇමතිවරයෙකුට අයත් අයත්  P**** නැමැති රක්‍ෂණ හා බ්‍රෝකර් සමාගම රුපියල් මිලියන ගණනක කොමිස් මුදලක් ලබාගෙන ඇතැයි වරාය සේවකයෝ චෝදනා කරති.

මෙම සේවක රක්‍ෂණය මිලදී ගත් සමාගම මේ වන විට වසා දමා ඇති අතර, අදාල රක්‍ෂණය වෙනත් සමාගමකට විකුණා දැමීමට සූදානම් වන බවද වාර්තා වේ.  අදාල රක්‍ෂණ සමාගම වරාය සේවක රක්‍ෂණය මිලදී ගෙන ඇත්තේ පසුගිය අගෝස්තු 01 වෙනිදා සිටය. සමාගම වසා දමා ඇත්තේ පසුගිය ඔක්තොම්බර් 05 වැනිදායි.

වරාය සේවකයෝ 10000ක් පමණ සිටින අතර, ඔවුන් සියලූ දෙනාම අදාල රක්‍ෂණයට ඇතුලත්වීම අනිවාර්්‍යය වේ.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙම රක්‍ෂණය කි‍්‍රයාත්මක වුණේ ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාව හරහාය. පසුව එය චූදිත ඇමතිවරයාගේ රක්‍ෂණ සමාගම හරහා මෙම සමාගමට විකුණා දැමූ අතර, වරායේ රක්‍ෂණ වර්ෂයක් ලෙස සැලකෙන්නේ කලින් වසරේ අගෝස්තු 01 වෙනිදා සිට ඊලග වසරේ අගෝස්තු 01 වෙනිදා දක්වාය. රාජ්‍ය රක්‍ෂණ සමාගමක් සතුව තිබූ වරාය සේවක රක්‍ෂණය මෙලෙස පෞද්ගලික අංශයට විකිනීම හරහා  වාර්ෂිකව විශාල කොමිස් හුවමාරුවක් ඇතිබව පවසන වරාය සේවකයෝ එකී ඇමතිවරයා ඊට සෘජුවම සම්බන්ධ බවට චෝදනා කරති.

P**** සමාගම ඇමතිවරයාගේ පෞද්ගලික සමාගමක් වන අතර එහි ප‍්‍රධාන විධායකයා වන්නේ ඇමතරවියගේ සහෝදරයාය. සහෝදරයාගේ බිරිදද එහි අධ්‍යක්‍ෂවරියකි.

මීට පෙර එම තනතුරු දැරුවේ ඇමතිවරයාගේ බිරිද හා ඇගේ සහෝදරයායි. පසුව ඇමතිගේ අනියම් සබදතා නිසා බිරිද වෙන්ව ජීවත්වේ.

– FB/sikuruliya

2 views

2 Comments to “මෙගා ඞීල් මෙන්න… වරාය සේවක රක්‍ෂණය වසා දැමූ රක්‍ෂණ සමාගමකට…”

  1. සිසිර says:

    අර්ජුන ගෙ කාලෙත් අවුල් වගේ

  2. shantha dissanayake KURUt says:

    p and a insurance brokers

Main News