මෙතරම් අඤ්ඤකොරොස් කේස් එකක් 2015දී ජනාධිපති කලේ ඇයි.. විමල් අසයි.. චන්ද‍්‍රිකා තමයි මේ කොඩිවිනේ ගෙනාවේ.. ෆොන්සේකා කියයි..- පාර්ලිමේන්තුවම සිනාසේ..

May 10, 2019 at 2:10 pm | lanka C news
මෙතරම් අඤ්ඤකොරොස් කේස් එකක් 2015දී ජනාධිපති කලේ ඇයි.. විමල් අසයි.. චන්ද‍්‍රිකා තමයි මේ කොඩිවිනේ ගෙනාවේ.. ෆොන්සේකා කියයි..- පාර්ලිමේන්තුවම සිනාසේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අතර පාර්ලිමේන්තුවේ දී ඇතිවූ සංවාදයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියළු දෙනාම උස් හඬින් සිනහසුනහ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයේදී සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් අසන ලද ප්‍රශ්නයක් නිසා මෙම සිදුවීම සිදු විය.

‘2015දී මේ මනුස්සයා ජනාධිපති කරන්න යනකොට මේක අඤ්ඤකොරොස් කේස් එකක් කියල හිතුණේ නැද්ද’ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විමසුවේ ෆොන්සේකා මහතා විසින් දිගින් දිගටම ජනාධිපතිවරයාට විවේචනාත්මකව චෝදනා කරමින් සිය අදහස් පළ කරද්දී ය.

ඊට ප්‍රතිචාර දක්වමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ මෙසේය.

‘නෑ හිතුනා. මම අගමැති එක්ක මේ ගැන තුන් පාරක් කතා කලා. චන්ද්‍රිකා මැතිණිය තමයි මේ කොඩිවිනේ ගෙනැල්ලා අපි මේ තත්වෙට පත් කලේ’

එම වීඩියෝව මෙතනින්

121,397 Viewers

15 Comments to “මෙතරම් අඤ්ඤකොරොස් කේස් එකක් 2015දී ජනාධිපති කලේ ඇයි.. විමල් අසයි.. චන්ද‍්‍රිකා තමයි මේ කොඩිවිනේ ගෙනාවේ.. ෆොන්සේකා කියයි..- පාර්ලිමේන්තුවම සිනාසේ..”

  1. Gayantha says:

    නියම කතාව විමල් මන්ත්‍රී තුමා.

    • සිරා says:

      රනිල්ගේ කසල සෝදකයා ෆොන්ස‌ේකා… මහින්දගේ කසල සෝදකයා විමල් වීරවංශ…ද‌ෙන්නාම එකතු ව‌ෙලා ජනාධිපතිට පහර ද‌ෙනවා

  2. Gominda says:

    චන්ද්‍රිකා රට කාපු මුලු කාලය (11 + 5) = වසර 16

    • දේවක says:

      උබල චන්ද්‍රිකාගෙ කාලෙ ඡන්දෙ දුන්නෙ කාටද? රනිල්ටද?

  3. උඹල ඔක්කෝම සුද්දයි… ඔක්කොම අරයගෙ මෙයාගෙ වැරදි… UNP JVP වැරදි නොවෙයි… වැඩේ කියන්නෙ ඔච්චර ස්මාර්ට් තොපිට මේ උන දේවලුත් කලින් නොපෙනුන එකයි.

    • ඇයි UNP, JVP විතරක්? SLFP, පොහොට්ටු ඔක්කොම එකයි. මහින්දගෙ කාලෙනෙ මේ ශරියා විශ්වවිද්‍යාලයට අවසර දුන්නෙ, ශරියා පාසැල් 1200 රටපුරා ඇතිකරන්න ගැසට් කලේ, බදුයිදීන්ට විල්පත්තුව කපන්න ලයිසන් දුන්නෙ.

  4. vishnu says:

    විස්කි මැඩම් ඔලුව කොමඩ් එකේ ඔබා ගනින්

  5. Sadu Banda says:

    We cannot trust Sarath Fonseka the man seek that New Junta Rule by Gun -point blessing of US interest .
    The US wanted to bring that US troops to Island by Marine crop for Junta ruling of UNP leadership. …Island!

  6. Sun says:

    Fonseka has a strong personality to lead army. The problem is country need some one beyond that run not only the law and order there are other aspects to look beyond. That is why we need a committee professionals to plan and present ideas with wisdom. If we don’t plan and use our heads the time of diminishing the race of Sinhalese is not very far my friends.

    • Cyril says:

      I totally agree with you please open a dialogue with intellectuals to take this massage to the people of this country.

  7. Gunaratne says:

    විමලේ Foni එක්ක සෙට් වෙලා වගේ…. මුන් දෙන්නම ඇමරිකාවෙ ඇවිදින්න ආස​යි 🙂

  8. Sun says:

    Fonseka has a strong personality to lead the army. The problem is our country needs some one beyond that to run, not only the law and order there are other aspects to look beyond. That is why we need a committee of professionals to design with wisdom. If we don’t plan and use our heads, the time of diminishing the race of Sinhalese is not very far my friends.

  9. කැලණියෙ දමියා says:

    2015 විතරක් නොවෙයි, රනිල් 2010 ජනාධිපතිවරණයට දැම්මෙත් ඔය වගේ ඩයල් එකක් නේද?

  10. පොඩි එකා says:

    චන්ද්‍රිකාට මහින්ද එක්ක තිබ්බ වෛරය මෛත්‍රි හරහා පිරිමහ ගැනීමේ චන්ද ප්‍රතිඵලයට අහිංසකයෝ තුන් හාරසීයක් තම ඡීවිතවලින් වන්දි ගෙවන ලදි…

  11. චේතියසේන says:

    අඤ්ඤකොරොස් හාදයයි ලොන්තපෝල් උන්නැහෙයි රට කයි!

Leave a Comment

Main News