මෙතරම් ඉක්මනට ලංකාවට කොරෝනා එන්නත ලැබුනේ ජනපති නිසයි..

January 29, 2021 at 1:20 pm | lanka C news
මෙතරම් ඉක්මනට ලංකාවට කොරෝනා එන්නත ලැබුනේ ජනපති නිසයි..

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පාලනය සදහා පෙබරවාරි මස මැදසතියේ හෝ මාර්තු මස මුල් සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙරට එන්නත්කරණ වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැඩි කැපවීම සහ උනන්දුව මත ජනවාරි මාසයේදීම මෙරට ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය. අමාත්‍යවරිය මේබව සදහන් කලේ     ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ඊයේ (28) දින මෙරටට ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත පළමුවරට ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සදහා අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේදී අද (29) දින ආරම්භවූ අවස්ථාවේදීය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 500,000ක් ඊයේ දිනයේදී මෙරටට ලද අතර සකස්කර ඇති ප්‍රමුඛතා ලේඛනය අනුව එම එන්නත් කොවිඩ් 19 පාලනය සදහා එක්වී සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙන්ම ත්‍රිවිධ හමුදා සහ පොලීසිය වෙත ලබාදීමට කටයුතු සලසා ඇති අතර එහි පළමු පියවර අද දිනයේදී IDH රෝහල ඇතුලුව බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී (කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල – කළුබෝවිල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල – රාගම, මුල්ලේරියාව රෝහල සහ හෝමාගම මූලික රෝහල) සිදුවිය. එක් පුද්ගලයෙකුට එන්නත් මාත්‍රා දෙකක් ලබාගත යුතු අතර අද දිනයේදී ලබාදෙනු ලැබුවේ එහි පළමු මාත්‍රාවයි. එම එන්නත මුලින්ම එන්නත් කරනු ලැබුවේ IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද අබේවික්‍රම මහතාටය. ඉන් අනතුරුව එම රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී චම්පිකා ගීතානි උඩුගමකෝරාළ මහත්මියට ලබාදුන් අතර ඉන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය එම එන්නත ලබාගැනීම සදහා දැඩි උනන්දුවකින් කටයුතු කරනු දැකිය හැකි විය. අද දිනයේදී දෙදහසක පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකට ප්‍රධාන රෝහල් 06කදී එන්නත් කිරීම සිදුකිරීමට අපේක්ෂිතය.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනිකා ආයතනය එක්ව නිර්මාණය කර ඇති මෙම එන්නත ලොව පුරා රටවල් 08ක නිෂ්පාදනය කෙරෙන අතර ලංකාවේ අද භාවිතා කල එන්නත ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත වන අතර එහි සාර්ථකත්වය 62% – 90% දක්වා වන බව පර්යේෂණ වාර්තා තහවුරු කර ඇත. මෙම එන්නතෙහි සංකූලතා අවම බවට සහ පර්යේෂණ සදහා භාවිතා කල කිසිවෙකු රෝහල් ගතකර ප්‍රතිකාර ලබාගැනීමට තරම් තත්වයක් උදාවී නොමැති බවට වාර්තාවේ.

ඉන්දියාවේ සීරම් ආයතනය ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයෙකු වන අතර ඔවුන්ගේ කොවිෂීල්ඩ් එන්නත මේවන වට භූතානය, මාළදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් රාජ්‍යය වෙත භාවිතය සදහා ලබාදී ඇත.

අද දින IDH රෝහලේ පැවැති එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ , ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක එන්නත් පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග, ලේාක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, IDH රෝහලේ අධ්‍යක්ෂ හසිත අත්තනායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– තුසිත ජයවර්ධන

13,712 views

28 Comments to “මෙතරම් ඉක්මනට ලංකාවට කොරෝනා එන්නත ලැබුනේ ජනපති නිසයි..”

  1. ලොලිපොප් මොංගල් says:

    මුං හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න එවුන් කන්නෙ තණකොළ කියල. තන නං හැම එකාම කනවා, තණ කන එවුන් නෑ. එන්නත අපිට දෙන්න පරක්කු කලේ නැගෙනහිර ජැටියේ වචනේ දෙනකං. දැන් ඉතිං දීපන්කෝ නැගෙනහිර ජැටිය අදානියට. ජැටිය කොටස් විකුනුවොත්, පිටට දුන්නොත් අාන්ඩුව වහ කෑවා කියල හිතා ගත්තොත් හොදයි.

    • jayalal says:

      එහෙම හිතන්න එපා සර් මාර දැක්මක් තියෙන්නේ …අපිට නොපෙනෙන දෙයක් එතුමාට පේනවා ඇති ..
      සර් එක්ක අදානි කොම්පැනියට නම් ලේසි වෙන්නේ නැ

    • Anuradha says:

      බොහෝදුරට ඔබ හරිවෙන්නත් පුළුවනි.මේකත් නැගෙනහිර ජැටියේ එක කොන්දේසියක් වන්නත් පුලුවන්නේද?කෙසේහෝ මෙම එන්නතත් එතරම්ම පළදායක නැහැ නේද?

  2. Theeraka says:

    How does she claim India’s intention is genuine support to the president or something else! The public has better view of India, they gave the vaccine as they get the ECT. Is Dr.P clueless or damnright president saviour?

  3. Prasad says:

    මාල divaina, බංගලාදේශය, භූතානය රට වලට තමයි මුලින්ම යැව්වේ….
    අපි ඔය බොරු වලට ඇතිවෙන්නේ නැහැ….

  4. kawinda says:

    ennatha ikmanatama aawe athigaru janadipathi thumaa nisai kiyamuko. ethakota Adaani hadisiyen enne kaa nisaada kiyalath kiyannako.

  5. Chinthaka says:

    Listen stupid woman, it was due to Eastern Jetty..

  6. Suranjan says:

    යකෝ ජැටිය ඉන්දියාවට දීපු නිසා..

  7. Rama says:

    Ow naganahira jatiya dena komis eka tamayi oya

  8. බූරු පුතාණෝ සජියා says:

    ජන අනුපාතයට අනුව බැලුවොත් ඉන්දියාව අපිට තමයි අඩුවෙන්ම එන්නත දීල තියෙන්නෙ. නේපාලයට මාත්‍රා ලක්ෂ 10 ජනගහනය ලක්ෂ 280. බංග්ලාදේශයට මාත්‍රා ලක්ෂ 170 ජනගහනය ලක්ෂ 1600. බුටානයට මාත්‍රා 150000 ජනගහනය ලක්ෂ 7.5. මාලදිවයිනට මාත්‍රා 100000 ජනගහනය ලක්ෂ 5.5. ලංකාවට මාත්‍රා 500000 ජනගහනය ලක්ෂ 220. මේකට එක හේතුවක් වෙන්නෙ ඉන්දියාව යෝජනා කරල ස්තාපිත කෙරුව SAARC කොරෝනා අරමුදලට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 10 දෙනකොට ලංකාව මිලියන 5 දීල ලොකුකම පෙන්වීම සහ අනිත් රටවල් දුන්නෙ ඩොලර් ලක්ෂ 2 ට අඩුවෙන් වීම.

  9. david milibanda says:

    Sudharshani, do not attempt to inflate President or suck up to him. Just do your job instead showing your bankruptcy as a politician or get back to practicing medicine. That will be more honourable.

  10. ee says:

    වහසි බස් දොඩවන අන්තවාදී කල්ලිකාරයනේගෙන් තුට්ටුදෙකේ චරිත සහතික..

Main News