මෙතරම් චණ්ඩිකම් කරන්න අසද් සාලි පසුපස ඇති ශක්තිය කුමක්ද..

June 30, 2017 at 12:00 pm | lanka C news
මෙතරම් චණ්ඩිකම් කරන්න අසද් සාලි පසුපස ඇති ශක්තිය කුමක්ද..

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා   විසින් 2017 ජූනි 27 දින පවත්වන ලද  මාධ්‍ය හමුවකදීබෞද්ධ භික්ෂුන් වහන්සේලා මුස්ලිම් පල්ලිවලට පහර දුන් බවට ප්‍රකාෂ කලේය. බෞද්ධ භීක්ෂූන්වහන්සේලා විසින් මුස්ලිම් පල්ලි කැඩු බවට පැමිණිල්ලක් මෙතෙක් පොලීසියට ලැබී නොමැති ත්තවයක් තුල ඔහු විසින් සිදු කල වගකීම් විරහිත පදනම් විරහිත මෙම ප්‍රකාෂයේ  යටි අරමුණ ආගමික ගැටුමක් නිර්මානය කිරීමයි.

අසාද් සාලිගේ මෙම හැසිරීම සම්බන්දයෙන් පිවිතුරු හෙළ උරුමයේ තරුණ කටයුතු ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා, සංස්කෘථීක කටයුතු ලේකම් උපුල් කෝණාර මහති සහ නීති ලේකම් රෝහණ තල්පාවිල යන මහත්වරුන් කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනතේ 2(1)(එ) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් අසාද් සාලි මහතා වසින් සිදු කර ඇති බව පැමිණිලි කරුවන් විසින් පෙන්වා දෙන ලදී.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු පිවිතුරු හෙළ උරුමයේ තරුණ කටයුතු ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා.

ජාතිය අසමගි පෙරමුණේ නායක අසාද් සාලි පසුගිය 27 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් බෞද්ධයන් හා ඉස්ලාම් භක්තියන් අතර ගැටුමක් ඇතිවීමට තුඩු දෙන ආකාරයේ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ පල්ලි වලට, ආගමික සිද්ධස්ථාන වලට පහර දීමට සමහරක් ජරා වැඩ කරපු භික්ෂූන් වහන්සේලා කටයුතු කරන බවයි. එය බරපතළ ප්‍රකාශයක් බවත් බෞද්ධයන් හා ඉස්ලාම් භක්තිකයන් අතර ගැටුම් ඇතිවීමට තුඩු දෙන ආකාරයේ ප්‍රකාශයක් බවත් සඳහන් කළ යුතුයි. ඔහු ප්‍රකාශ කරන ආකාරයේ කිසිම පැමිණිල්ලක් හෝ සාක්ෂියක් මේ වන තෙක් අපට දැනගන්නට ලැබී නැති අතර එසේ සාක්ෂි ඇත්නම් අසාද් සාලි කළ යුතු වන්නේ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ආගම් අතර ගැටුම් ඇති කිරීමට අරඇදීම නොව ඒ සාක්ෂිත් සමග ගොස් පොලිසියේ පැමිණිලි කිරීමයි.

එසේ නොකොට මෙවැනි ප්‍රකාශ කිරීමේ යටි අරමුණ වන්නේ ආගම් අතර ගැටුම් ඇතිකර පටු පරමාර්ථ ඉටු කරගැනීමට උත්සාහ දැරීමක් බව පැහැදිලි ය.

ඒ වගේම ජාතිය අසමගි කිරීමේ පෙරමුණේ නායක අසාද් සාලි ප්‍රකාශ කරන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට නොහැකි බවයි. එම මාධ්‍ය සාකච්ඡාවේ දී මෙරට අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යවරයාට ද ඔහු අභියෝග කරනවා.

මේ සියල්ල දෙස විමසිල්ලෙන් බලා සිටින අපට මතුවන සාධාරණය සැකය වන්නේ මෙසේ අභියෝග කිරීමට ඔහු පසුපස ඇති ශක්තිය කුමක් ද යන්න ය.

මේ ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාව ගෙන ඒමට සූදානම් වෙමින් පවතින මොහොතක ඊට අවැසි වටපිටාව සකස් කිරීමට දරණ උත්සාහයකැයි දෝ විටෙක අපට තවත් පැත්තකින් සැක මතුවෙනවා.

පසුගිය දිනවල පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජාතික සංහිඳියාවට හානි වන අකාරයේ ප්‍රකාශ සිදුකළා යැයි කියමින්, ඒ හිමියන් අත්අඩංගුව ගන්නට වරෙන්තු නිකුත් කළ ආණ්ඩුව මෙවැනි බරපතළ ප්‍රකාශ හමුවේ මුනිවත රකිමින් සිටින බවක් අපට පැහැදිලිව ම පෙනෙනවා.

එහෙයින් අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඒ පිළිබඳව පැමිණිල්ලක් සිදුකරනු ලැබුවා. මේ සඳහා ඔවුන් ක්‍රියාත්මක වන අකාරය දෙසත්, වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නීතිය නවන ආකාරය දෙසත් විමසිල්ලෙන් බලාගෙන සිටින බව අවධාරණය කර සිටින්නට කැමතියි.

– අරවින්ද අතුකෝරල

125 views