මෙතරම් ජල හිගයක් ඇති වූයේ මල් පැලවලට වතුර දාන නිසා, කාර් හෝදන නිසා.. ඒ දෙකම තහනම් කරනවා.. දවසට දෙපාරක් නාන්න එපා..

March 4, 2020 at 6:28 am | lanka C news
මෙතරම් ජල හිගයක් ඇති වූයේ මල් පැලවලට වතුර දාන නිසා, කාර් හෝදන නිසා.. ඒ දෙකම තහනම් කරනවා.. දවසට දෙපාරක් නාන්න එපා..

අද වන විට රට තුළ පානීය ජලය සැපයුම උග්‍ර අර්බුදයක් බවට පත්වී ඇති බව රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

මීට හේතුවක් වී ඇත්තේ සීමිත පිරිපහදු ජල ප්‍රමාණය අත්‍යවශ්‍ය නොවන දේ සඳහා භාවිතා කිරීම බවද ඔහු සඳහන් කළේය.

ඇතැමුන් ගෙවතු වල පැළ නඩත්තු කිරීම සඳහා මෙම පිරිපහදු කළ ජලය යොදා ගන්නා බවත් වාහන සේදීම සඳහා මේවා යොදා ගන්නා බවත් ඔහු පැවසීය.

තමන්ට පලයක් ඇත්තේ නම් එම කටයුතු තහනම් කරන බව ද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

එමෙන්ම තවත් පිරිසක් දවසට දෙවරක් නාන බවත් එයද මේ අවස්ථාවෙන් නොකළ යුත්තක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ අදහස් පල කරන ලදී.

356 views

37 Comments to “මෙතරම් ජල හිගයක් ඇති වූයේ මල් පැලවලට වතුර දාන නිසා, කාර් හෝදන නිසා.. ඒ දෙකම තහනම් කරනවා.. දවසට දෙපාරක් නාන්න එපා..”

  1. amila says:

    නාකි ප*යා හීනෙන් ගොක්කොල දැකල කියවනවා

  2. UNP-GALIBBA says:

    දෙතුන් පැත්තේම ඉන්න දේශපාලන හෙන්චයියල එකතු වෙලා ගස් කපන හින්දා නෙවෙයිද ගොන්මීහරක් දේෂපාලුවන් ඉන්නාතුරු රටක් හැදෙයිද ගොනෝ??????

  3. SL says:

    මගේ අම්මෝ මු දන්නා තරම …කැලා ටිකට shot එක දීල , වැහි වතුර රඳවාගන්න තියෙන සියලුම පරිසර සාදක දුෂණය කරලා ,විනාශ කරලා .
    තියෙන ඇල දොළ ටිකත් කුණු කානු බවට පත්කරනකන් පාර්ලිමේන්තුවට වෙලා ස්ව්‍යන්වින්දනය කරල

    දැන් එනවා නාන්න එපා කියන්න

    Yes Australia does so..even PM ,Prez, Ministers self disciplined and support the cause not like our s!

  4. බත් කන හරක් says:

    විමල් ඇමති තුමා ඉන්න නිසා ලංකාවට කොරෝනා වලින් ප්‍රශ්නයක් නෑ. බොරුනම් දෙරණේ චතුර ගෙන් අහන්න.

  5. asdfg says:

    GR ta 2/3 nathi karanna kiyana karana pahara wedak me wasu lokka mehema kiyala karanna hadanne

  6. Love nature says:

    මුලින් විදේශිය සමාගම්වලට බෝතල් වලට වතුර පුරවා විකිණීම තහනම් කරනු

  7. john says:

    every day thousands of gallons of raw sewage water is pumped to the sea from colombo city. Why is it not treated and reused for watering plants and washing purposes as done in many other countries? it will conserve the water, and good for the environment also.

  8. lucky says:

    without telling lunatic things why can’t you think about the modern method to recycle that so called wasting water

Main News