මෙතරම් දුෂ්කර කාලයක් ඉතිහාසයේම තිබී නෑ..- වාසු

January 8, 2022 at 12:00 pm | lanka C news
මෙතරම් දුෂ්කර කාලයක් ඉතිහාසයේම තිබී නෑ..- වාසු

මෙතරම් දුෂ්කර කාලයක් මේ රටේ ඉතිහාසයේ මතක ඇති කාලෙක නොතිබූ බව ඇමති වාසුදේව නනායක්කාර මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ මාවතගතම ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

හෙතෙම එහිදී මෙසේද පැවසීය.

අග්‍රාමාත්‍යතුමාගේ  නම නොමැකෙනා අකුරින් මේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවීමට හේතුවන කාරණා ගණනාවක් තිබෙනවා. ඉතාමත් දුප්පත් පීඩිත ජනයා අතරට ගිහිල්ලා ඔවුන්ගේ දුක සැප විමසා ඔවුන් වෙනුවෙන් මේ රටේ නොයෙක් නීති සම්පාදනය කරමින් මේ රටේ ජනතාව වෙනුවෙන් සෙත සැලසූ, ඒ වගේම මේ රටේ ජාතික උරුමය, ජාතික නිදහස රැකගන්න එතුමා දුන් නායකත්වය, මීට අමතරව මේ රටේ ජාතික හැඟීම් පුබුදුවන්න එතුමා අපිට දුන්  නායකත්වය. මේ සියල්ලෙන්ම  එතුමාගේ නම  රන් අකුරෙන් ලියැවෙන නමක් හැටියට ඉතිහාසයට එකතු වේවි.

මේ අවුරුදු දෙක මේ රටේ ඉතාම දුෂ්කර කාලයක්. මේ වගේ දුෂ්කර කාලයක් මේ රටේ ඉතිහාසයේ නැහැ මතක ඇති කාලෙක තිබිල නැහැ. ඒ නිසා අපට මේ වසරේ අලුත් ගමනක ආරම්භයක් තිබෙන්නේ. අපේ රටේ  පොදු ජනතාවට ඇති බලපෑම් හැම එකකම පීඩනය අවම කිරීමට, පීඩනය තුරන් කිරීමට මේ රටේ වැඩ කරන ජනතාවට ගොවි ජනතාවට ඔවුන්ගේ  බලාපොරොත්තුවන සහනය ඔවුන් බලාපොරොත්තුවන ඔවුන්ගේ ජයග්‍රහණය මේ වසරේ අපිට ලබාදෙන්නට හැකිවේ යැයි විශ්වාස කරනවා.

– media unit

21,858 views

13 Comments to “මෙතරම් දුෂ්කර කාලයක් ඉතිහාසයේම තිබී නෑ..- වාසු”

  1. මහසෙන් says:

    ඇයි වලගම්බා රජ දවස බැමිනිටියා සාය. අවුරුදු 12 ක් වැස්සේ නෑ

    අනේ ඔහෙලා දන්න ඉතිහාසය !

    • බිංකුණ්ඩා says:

      මතක ඇති කාලෙක තිබිල නෑ කියල කියන්නෙ. බැමිණිටියා සාය තියෙන කාලෙ මුට කොහෙද මතක මටවත් මතක නැතිකොට.

    • wimalasena H.D. says:

      wessa nothibuna nisaa wennethine valagamba welagembawune neda mahasen?

  2. වැඩ බැරි ටාසන් says:

    මේ රටේ වැඩ කරන ජනතාවට ගොවි ජනතාවට ඔවුන්ගේ බලාපොරොත්තුවන සහනය ඔවුන් බලාපොරොත්තුවන ඔවුන්ගේ ජයග්‍රහණය මේ වසරේ අපිට ලබාදෙන්නට හැකිවේවි තොපි වගේ 80 පැනපු නාකි පඩංගු මල පෙරේතයෝ ටික පාර්ලිමෙන්තුවෙන් මක බැවුනොත් විතරයි.

  3. 0.00069 BIYYO says:

    මුන්ටද සමාජවාදී කියන්නේ???????????? ලැජ්ජයි.!!!
    තවුසන්ඩ් ටෝක් දෙන මේ තුන් දෙනාටම තනියම පක්ෂයක්හ හදන් ඉල්ලුවොත් චන්ද දහයක් ගන්න බැහැ. මුන් හරියට බල්ලා ගේ ඉන්න මැක්කෝ වගේ. බල්ලා නැත්නම් මුන්ට පැවැත්මක් නැහැ. රටට ඇති වැඩකුත් නැහැ . බොරු ජාත්‍යාලය සින්හල කම විකුණන් කන හිගන්නෝ.

    • JOHN says:

      බොරු ජාත්‍යාලය සින්හල කම විකුණන් කන හිගන්නෝ—– කතාව ඇත්ත ..මොහු තමයි ජාතික හැදුනුම් පත දමිළ බසින් හදා උතුරේ දමිළයින්ට බෙදුම්වාදයට පාර කැපුවේ .(දුව විවාහ සිටින්නේ දෙමළ ජාතිකයෙක් සමග නිසා) ..වාසු කියන්නේ කපටියෙක් ..තමන්ගේ වාසියට වැඩ කරන නරුමයෙක්

  4. Next in the Line says:

    He too will be removed from ministreal portfolio.

  5. Metharam ohe sepa. Vinda kalayakda tibbee. Ne. Okkoma nikan monWada ohe kale kayya witharsyi

  6. ලැජ්ජ නැද්ද අවුරුදු 40 තිස්සෙ පාර්ලිමෙන්තුවේ ලැගලා ඇමති දූර දරලා මේ වගෙ කථා කියන්න

  7. Hhhg says:

    Newfortess engery නමින් ඉන්නේ LTL හොර නඩය..පර්ඩ්නැන්ඩූ.පී.බී.බැසිල..CEB එක දොයි

  8. LalithM says:

    සිග්නල් කණු වගේ ඇමතිමණ්ඩලය බොරු ජාත්‍යාලය පෙන්වන පාලකයෝ රටට ප්‍රතිඵල නැති රජවරුන්ට කොමිස් උපයන ව්‍යාපෘති …මේ පාලනය රටට දුන්න මේ දායාද තමා රටවැසි සියල්ලෝ මේ විඳවන්නේ. ඒත් ඇමරිකානුවෝ සුරසැප විඳිනවා. මොව්හු හඳුනානොගැනීමේ ශාපය…

  9. Gamarala says:

    නරියා කේජු කැල්ල කන්න කපුටාට කි කතාව මතක්වෙනවා මුන් ගැන ලැජ්ජයි.

Main News