මෙතෙක් කිසිදු නව රෝගියෙක් නෑ.. තිදෙනෙකු සුව වී ගෙදර යයි..

April 17, 2020 at 6:26 am | lanka C news
මෙතෙක් කිසිදු නව රෝගියෙක් නෑ.. තිදෙනෙකු සුව වී ගෙදර යයි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් කිසිවෙකු හදුනාගෙන නැති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එම කාලයේදී ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

ඒ අනුම මෙතෙක් පුද්ගලයන් 68ක් සුවය ලබා ඇත.

104 views

6 Comments to “මෙතෙක් කිසිදු නව රෝගියෙක් නෑ.. තිදෙනෙකු සුව වී ගෙදර යයි..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    කොහොමටත් බස්නාහිර පළාත ඇතුළු අවධානම් කලාපවල ඇඳිරි නීතිය හිතන තරම් ඉක්මනින් ඉවත් නොකරාවි. හැමදාම මෙහෙම තියෙන්න බැ රටක් උනාම. ඒ නිසා තමයි අවධානම් නොවෙන දිස්ත්‍රික්ක වල නිෂ්පාදන ක්‍රියාවලියන් , සංවර්ධන ක්‍රියාවලින් ආරම්භ කලයුතුයි.. ඒ කියලා මීටරේ දුරේ සීමාව, මුහුණු ආවරණ පැලැඳීම නැති වන්නේ නෑ.. රෝගයට ලක්වීමට හැකි අවධානම අමතක නොකරම සෙසු ප්‍රදේශවල් සාමාන්‍ය කටයුතු ක්‍රම ක්‍රමයෙන් ආරම්භ කරන්න ඕනෑ. ඒ වාගේම නාවික , ගුවන් කටයුතුත් දැඩි පරීක්ෂාකාරී ක්‍රමවේදයක් යටතේ හෙමි හෙමින් පටන් ගත යුතුයි.

    • කෝ රෝනාල්ඩෝ says:

      බස්නාහිර වහගෙන කොහොද රට කරන්නේ ? අනිත් පළාත් වලින් එන අදායම මොකක්ද ?
      මුන් ඔක්කොම චන්දෙ බලාගෙන කට ඇරගෙන හිටියා 2/3 ලැබෙයි කියලා. බලයට කෑදර කම විතරයි වෙන මොකුත් නැහැ. ජනවාරි මාසේ මේක වුහාන් වල උපරිම වෙද්දී හිතුවේ නැහැ අපිට ත් දවසක කෙලවෙයි කියල.
      අද වෙනකොට පොඩි පොඩි රස්සාවක් කරපු කී දෙනෙක් කිසිම අදායමක් නැතුව හිරවෙලා ඉන්නවද කියල ආණ්ඩුවට කිසි අවබෝධයක් නැහැ. කොහෙද ටිකක් හරි මොලේ තියන එවුන් පත්කරන්න එපා යැ ආර්ථික ගොඩගන්න කාර්ය සාධක බලකා වලට.

  2. G says:

    බුදු සරනයි.

  3. SL says:

    දවස් 3 න් හොඳ වෙනවා කියපු අයුරුවේද ක්‍රමය භාවිතා කරනවද ? නැතිනම් සුවවෙලා ගෙදර යන ප්‍රමාණය තවම අඩු එවැනි ක්‍රමයක් නැති නිසාද ?

  4. කිරිමෙල් says:

    මගේ රටටත්, සියළු රටවැසියන්ටත් සම්මා සම්බුදු සරණයි!

  5. sunimal says:

    පිරිතේ බලය ලෝකයටම පෙන්වමු සාදු සාදු සාදු

Main News