මෙතෙක් බිහි වූ කාර්යක්ෂම සෞඛ්‍ය අමාත්‍යවරයා රාජිතයි.. – ලෝක සෞඛ්‍ය සංවිධානය
February 24, 2017 at 8:02 am | lanka C news
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවෙි ප්‍රධාන කාර්යාලය කොළඹ ඩික්මන් පාරේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා –
“බෝනොවන රෝග පාලනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ වැඩසටහන් දියත් කරනවා. සෞඛ්‍ය ක්ෂේත්රය සදහා දළ දේශීය නිශ්පාදනයෙන් විශාල මුදලක් වැය කරනවා. ශ්‍රී ලාංකිකයින්ගේ දුම්පානය අඩු කිරීම සදහා සියයට 90 දක්වා බදු වැඩි කිරීමට, ප්ලේන් සිගරට් පැකට්ටුව හදුන්වාදීම සහ තනි සිගරට්ටුවක් අලෙවිය තහනම් කිරිම වර්තමාන රජය ගෙන ඇති ක්රීයාමාර්ග අතර ප්‍රධාන වෙනවා. බදු වැඩි කිරීම හේතුවෙන් දුම් පානය කරන්නන්ගේ සංඛ්‍යාව සියයට 45 දක්වා අඩු වී තිඛෙනවා. බදු වැඩි කිරීමට කටයුතු කිරීමෙි දී විවිධ බලපෑම එල්ල වුවත් එවා යටපත් කර බදු වැඩි කිරීමට රජය කටයුතු කළා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙි දීත් විවිධ බලපෑම් එල්ල වුනා. අපේ රජය තීන්දු තීරණ ගන්නේ ජනතාව වෙනුවෙන්. මිල අඩු කිරීම සිදු කළේ විද්‍යානුකූලවයි.”
එහිදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්රපාල් සිං මහත්මිය.
“ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය ක්ෂේත්රයේ දියුණුව පිළිබදව කරුණු දැන ගැනීමට අනෙකුත් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ට අවශ්‍යතාවයක් මතුව තිඛෙනවා. ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදවයි එම සෞඛ්‍ය අමාත්‍යවරුන් අවධානය යොමු කර ඇත්තේ. එම ක්රීයාමාර්ග ඔවුන්ගේ රටවල ක්‍රියාත්මක කිරීම අපේක්ෂාවයි. පසුගිය වසරේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු රටවල සැසිවාරයේ දි එම ක්‍රියාමාර්ග අධ්‍යයනය කළ විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් ඒවා තම රටවල දැන් ක්‍රියාත්මක කරනවා.
වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවෙි බිහි වූ විශිෂ්ටතම හා කාර්යක්ෂම සෞඛ්‍ය අමාත්‍යවරයා දොස්තර රාජිත සේනාරත්න මහතා බව මම ප්‍රකාශ කරනවා. පසුගිය වසර 02 තුළ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නායකත්වයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ වර්ධනයක් දක්නට ලැඛෙනවා. ඊට ප්‍රධානම හේතුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කැපවීමයි. දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කිරීම, ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වාදීමට ක්‍රියා කිරීම, ඉතා වැදගත් වෙනවා. අසියානු රටවලින් ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වා දීමට නියමිත එකම රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය පිළිබද විශාල බලාපොරොත්තුවක් තිඛෙනවා. රෝග නිවාරණය අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින අතර, එය කළාපයේ අනෙකුත් රටවලට ආදර්ශයක්. ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් රටක් ලෙස නම් කර ඇතත්, දුප්පත්කම තුරන් කිරීමට වත්මන් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම බෝනොවන රෝග පාලනය කිරීමට ගෙන ඇති ක්රීයාමාර්ග ඉතා වැදගත්. රෝග පාලනය කිරීම විශාල අභියෝගයක්.”
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ඡෙකොබි කුමරේෂන් මහතා, මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියේය.
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
Rajith Senaratahna is products of JRJ -UNP that Neoliberals policies.
He is politically belongs to lumpen classes.
WHO has short-sight vision to be selects Rajith as best Minister of Health.
Some where something wrong in WHO?
ඒක ඇත්ත තමා. නැත්තං නැව් 9ක අයිතිකාරයෙක් වෙන්නෙ කොහොමද.
Ha, Ha, They can get good teaching from this man how public miney robed without any fear, not anything elas
Ha, Ha, They can get good teaching from this man how public miney robed without any fear, not anything elase
Corruptions, scams , money laundering and the country in the blink of bankruptcy: Award of the best finance minister of the Asia goes to…. Ravi
Highest number of deaths due to dengue in a year: Award of the most efficient health minister goes to … Rajitha.
Ammata Hudu……. mekath ara Deakin Uni eke PhD dee may hethuwa wage.
Budu Ammo…..Api goda………….
Lokaye puduma Yahapalana karuwo…………..
Some people are so disappointed hearing that Rajitha is the best health minster. I think their inner minds are rotten because of jealousy. But If it was Mr. Mahinda, they would say this is the miracle of Asia.